Wednesday, November 25, 2015

කට්ට කරවල සහ අමු මිරිස්



තමන්ගේ පාණ්ඩුවට ආණ්ඩුවට ඕනෑ තරම් සල්ලි තියනවා යැයි කියන යහපාලන කස්ටියගේ ආණ්ඩුව ඉදිරිපත් කොරන ලද යහපාලන අය වැය නිසා අමුතුම සන්තෑසියක් සිදු වී තිබේ.

එනම් මෙතුවක් කාලෙකට අය වැයෙන් පස්සෙ හුදී ජනතාව කතා කලේ පාන් ගෙඩියේ මිල ගැනය. මේ සැරේ කතා කරන්නේ කාර් මිල ගැනය. පාන් ගැන ,අනික් බඩු මිල ගැන වගේ වගක් නැතිය.අම්මපා පිට රටවල මිනිස්සු හිතනවා ඇති අපි මාර දියුණු ජාතියක් කියලා, කාටද ආඩම්බර.
 .
බඩු මිල ගැන කතා කරන්නේ මොකටද, බඩු මිල අඩු කරා නොව. වෙන එකක් තියා ත්‍රිකුණාමලේ පැත්තේ රුපියල් 700 ට විකුණපු කට්ට කරවල වල මිල අඩු කොරලා දැන් ,පාලන මිල රුපියල් 1100 යි. මාරයි නේද? ඉතින් අපිට තුන් වේලටම කට්ට කරවල කාල ඉන්න ඇහැකි .



උදේට කට්ට කරවල සම්බෝලයක් හදලා කරවල කෑල්ලක් තම්බලා කනවා

දවල්ට කට්ට කරවල මැල්ලුමක්, කට්ට කරවල හොද්දක් එක්ක කට්ට කරවල බැදලා කනවා

රෑට කට්ට කරවල චට්නියක් එක්ක , හීනියට ලියපු අමු කට්ට කරවල සලාදයක් . තව ඕනෑ නම් කට්ට කරවල පුඩිමක් හදා ගත්තැකි.

මතක් කොරන කොටත් කටට කෙල උනනවා. හැබැයි පු‍තෝ ඔය එක බැදුමකට, සලාදෙකට, මැල්ලුමකටවත්  අමු මිරිස් නම් දාන්න හිතන්නවත් එපා. ඒ වගේම තමා පරණ පුරුද්දට කට්ට කරවල කෑල්ලක් හප හප ගල් අරක්කු කාලක් බොන එක ගැනත්. ඒවා ධනපතියන්ගේ ජරා පුරුදු, බොරුනම් අහන්න පැරාගෙන්

සටහන- පොහොර සහනාධාරෙට දෙනවයි කියන රුපියල් 20,000 න් කට්ට කරවල කිලෝ කීයක් ගන්න පුලුවන්ද කියලා සමාන්‍ය දැනීමේ ප්‍රශ්නෙකටත් හොඳයි.


Banned Food
Banned


8 comments:

  1. Ammatahudu. Den katta (patta) karawalath, dehi amumuris nikan wallapatta wage full marvellous wela ee.. Hondai HITAN..!!

    ReplyDelete
  2. සිරාවටම කට්ට කරවල හත්සීයට තිබුනද බං

    ReplyDelete
  3. කොහෙද බං කට්ට කරවල ඔය ගානට තිබ්බේ.. පිටකොටුවේ බජාර් එකෙත් 1000 ට එහා..

    මිරිස් නම් මහ රජාගේ කාලෙත් ගනන් ගියා.. ඉස්සරහට තව බඩු මිළ වැඩිවෙයි.. මොකෝ නත්තල් එනවනේ..

    හැබයි ඉතින හැමදාම නත්තල් නම් නෑ... ආන්ඩුවට උනත්...

    ReplyDelete
  4. AU $7.50 කට බත් වේලක් ලාබෙට කන්න පුළුවන් කියලා කෙනෙක් පින්තුරක් එක්ක ලිපියක් දාලා තිබ්බා බ්ලොග් පොස්ටුවක ඉතින් එහෙ ගිහිල්ලා කාලා එන්නේකෝ .මොකට කට්ට කරවල විතරක් කන්නේ

    ReplyDelete
  5. කොහොමත් බං කට්ට කරවල කියන්නේ පට්ට කෑමක් බං...

    ReplyDelete
  6. කට්ට කරවල කියන්නේ පට්ට කෑමක් බං .අපි.කන්නේ පාන් . කට්ට කරවල හදන්නේ වැව් මාළු වෙලලද ?

    ReplyDelete
  7. ගණන් ගන්න එපා මල්ලි මේක "හයිබ්‍රිඩ්" ආණ්ඩුවක්නේ.ජනතා පණ්ඩුවක් නෙමේනේ.

    ReplyDelete
  8. උදේට කට්ට කරවල සම්බෝලයක් හදලා කරවල කෑල්ලක් තම්බලා කනවා

    දවල්ට කට්ට කරවල මැල්ලුමක්, කට්ට කරවල හොද්දක් එක්ක කට්ට කරවල බැදලා කනවා

    රෑට කට්ට කරවල චට්නියක් එක්ක , හීනියට ලියපු අමු කට්ට කරවල සලාදයක් . තව ඕනෑ නම් කට්ට කරවල පුඩිමක් හදා ගත්තැකි. කලා මැදිරියා දන්න දේවල් නේහ්? ;-)

    ReplyDelete