Monday, November 23, 2015

සමාජවාදි අයවැයක්



යහපාලන ආණ්ඩුවේ මංගල අය වැය සමාජවාදි  එකක් කිරීම ගැන අපේ හෘදයංගම මෙව්වා එක රවි/රනිල්/තුමාලට පිරිනමන අතර ඒ අයවැයේ අපිට නොපෙනෙන සමාජවාදි එව්වා ගැන අපිට කියා දෙන ලියන අජිත් පැරකුම් තුමාටත්  ඊටත් වඩා අපේ මෙව්වා එක සහ රවි තුමා කී පරිදි අපේ ප්‍රමාණය පිරි නමමු.

ඈත්තටම කිව්වොත් අජිත් පැරා තුමාගේ අලුත්ම අලුත් සමාජවාදි න්‍යාය නිසා අපි ඉමහත් අමන්දානන්දයට පත් ව සිටිමු.

රවී තුමාගේ සමාජවාදි අයවැයට පක්සව ලියවුනු මෙව්වා තුනක් අද කියවන්ට ලැබුනු අතර  ඒ තුනේ තිබුණු සමාන කම් දැක්කාම මාරයි කියා හිතුනෙමි.

ඒ ලිපි තුන ලියා තිබුනේ කවදත් රනිල්ට හිතැති මාතලන් , වෙබ් මාධ්‍ය කුණු ගොඩක් සහ වැසිකිලි වලක් බවට පත් කොරපු ඊ නිව්ස් සහ අපේ සමාජවාදි පැරාය. මේ විදියේ තුන්ගොල්ලක් එකට එක් වීමත් මාර යහපාන් වැඩක්ය.

ඊ නිව්ස් ගැන කතා කරනවාට වඩා කටේ ස්කෝල නිල ඇඳුම් වවුචරයක් ඔබා ගැනීම හොඳය. මාතලන් කොහොමත් එදත් මාතලන් අදත් මාතලන්ය.

යහපාලනයේ සැබෑ වෙනස සමාජවාදි ජීවන ක්‍රමයක් හොයමින් සිටි පැරාය. ඒතුමාගේ අද දවසේ කාර්ය භාරය වන්නේ රවි/රනිල්/මෛත්‍රී ආණ්ඩුවේ වැඩ කිඩ වලට සමාජ වාදි න්‍යායක් හොයා දීමත් යහපාලන ආණ්ඩුවට විරුද්ධ වෙන අයව  මහින්ද රාජපක්ෂගේ ගෝලයන් ලෙස බෞතිස්මය ලබා දීමත්ය. ආමෙන්.

මෙන්න සමාජවාදි අය වැයේ මාක්ස් ලෙනින් වාදි අංග කීපයක්

* විශ්‍රාම  වැ‍ටුපට කෙලීම-මේකට විරුද්ධ වෙන්නේ ධනපතියන් මිස අන් කවුරුන්ද?

*පොහොර සහනාධාරයට සොරි කිරීම- ගොවින් යනු සුලු ධනේශ්වරයන් බව කවුරු නම් නොදනිත්ද?

*වවුචර් මගඩියක් ගෙන වුත් පාසැල් නිල ඇඳුමට කෙලවීම-ලඟදීම පාසැල් පොත් වලටත් මේ සන්තෑසිය වනවා සිකුරුය.

* ලොකු වාහන සුඛෝපභෝගි වාහන ගැන වගේ වගක් නැතිව , පොඩි වාහන, ත්‍රී වීල් වලට ටැක්ස් පිට ටැක්ස් ගැසීමෙන් මාර සමාජවාදයක් උදා කර ගන්නට පුලුවන්ය.

*වෑගපිටිය වගේ දුප්පතුන්ගේ ආදායම වැඩි කර ගැනීමට මෝටර් සයිකල් පදින , ත්‍රී වීල්  එලවන කෝටිපතියන්ගෙන් දුම් සහතික ගාස්තුව වැඩි කර දීම ෆීඩෙල් කස්ත්‍රෝට කොරගන්ට බැරි වුන විප්ලවවාදි කිරියාවක්ය.

දැන් ඉතින් අපිට ලක්ෂ විසිපහකින් මිල වැඩි කරපු නිසාන් ලීෆ් එකේ සමාජවාදයට යන්ඩ හැකිය. කාටද ආඩම්බර

6 comments:

  1. ඇයි අරක්කු වලට කෙලිම...

    ළඟඳීම දිවයින පුරා දැල් කඩ වල ප්‍රදර්සොනේ කෙරේ...

    ReplyDelete
  2. පොහොර සහනාධාරයට සොරි කිරීම-
    සිරා කේස් එක... යකෝ හෙක්ටයාර් එක්ක ට වැඩිය කුඹුරු තියෙන උං ඉන්නෙ මහවැලි පැතිවල වැඩියක්ම එහෙත් හෙක්ටයාර් එකක් තියෙන උං හිගයි...
    ඇත්තමයි කලාමැදිරි මේක මහ හු යන්නෙ අය වැයක්

    අහ් ඉන්ටනෙට් ගාස්තුත් ඉහළට... මහින්ද ලොක්ක අඩු කරපු ඔක්කම මුං නග්ගන්නෙ මහින්ද ලොක්කට වඩා හොද බව අති උසස් බව පෙන්නන්න වෙන්න ඇති නේ..

    ReplyDelete
    Replies
    1. මින්නේරි ව්‍යාපාරයේ ගොය්යන්ට ඩී එස් පප්පා අක්කර 7 ග‍නනේ බෙදුවෝය, අක්කර 7 කියන්නේ හෙට්ටයාර් බර ගණනකි, ඒ හිටං ලාටය.

      Delete
  3. රටේ නමට හරියන්න නේ අයවැය - ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ

    ReplyDelete
  4. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya

    ReplyDelete