Wednesday, November 4, 2015

යහපාලනය කොයිබටද?


පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් තම මව බැලීමට ගොස් සිටියදී ශ්‍රි ලංකා පොලීසිය විසින් අද දින  අත් අඩංගුවට ගෙන තිබේ .කුමාර් ගුණරත්නම් අත් අඩංගුවට ගැනීම සාධාරණීකරනය කිරීමට සියක් දෙනා ඉදිරියට එනු ඇත.

ඔහු වලංගු විසා නොමැතිව මෙරට ‍රැඳී සිටීම නීතී විරෝධී බවත්, එම නිසා ඔහු අත් අඩංගුවට ගැනීම ඉතා නිවැරදි බව ඔවුන් අපට කියා දෙනු ඇත.

සැබෑය. නීතිය අර්ථයෙන් ගත් කල එය නිවැරදි වීමට ඉඩ ඇත. එහෙත් එය දේශපාලන වශයෙන් හා සදාචාර වශයෙන් ඉතා වැරදිය.

කුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් මහත්තයා යනු 1980 ගණන් වල අග මෙරට වූ භීෂණයෙන් දිවි ගලවාගෙන ඕස්ට්‍රේලියාවට පලා ගිය කෙනෙකි. ඉන්පසු කලකදී ලංකාවට පැමිණ රහසිගතව ජවිපෙ දේශපාලනයේ නිරතවෙමින් සිටියදී වීරවංශ කල්ලීයේ පාවා දීම් නිසා නැවත රට හැරයාමට ඔහුට සිදු විය.ඔහු නැවත වතාවක් දිවයිනට පැමිණ සිටියදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන පි‍ටුවහල් කර තිබියදී ය පසුගිය ජනවාරියේ දී දිවයිනට පැමිණෙන්නේ. ඉතින් ඔහු අත් අඩංගුවට ගැනීම වැරදි වන්නේ ඇයි.?

කුමාර් පසුගිය ජනවාරියේ දිවයිනට පැමිණි දා සිට මේ වන තෙක් අත් අඩංගුවට නොගත්තේ ඔහු සිටින තැන නොදැන සිටි නිසාද? ලංකාවේ බුද්ධි අංශ එතරම් දුර්වලද? මේ ප්‍රසිද්ධ පුද්ගලයා සිටින තැනක් මෙතුවක් කල් පොලීසිය නොදැන සිටියේද?කුමාර්ගේ දේශපාලන සබඳතා , යන එන තැන් සියල්ල දන්නා ජවිපෙ ඔහු පවා නොදී සිටීද?

නැත. මේ මොහොතේ ඔහු අත් අඩංගුවට ගත්තේ නීති විරෝධිව මෙරට ‍රැඳී සිටි නිසා නොවේ.එසේ අවශ්‍යතාවක් තිබුණා නම් ඔහුව අත් අඩංගුවට ගන්නේ විසා අවලංගු වූ ජනවාරි 31 දාමය. අද කුමාර් අත් අඩංගුවට ගත්තේ ඔහු නායකත්වය දෙන පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂය හා සම්බන්ධ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පසු ගිය දින කිහිපයේ පැවත් වූ උද්ඝෝෂණ නිසාය. එම උද්ඝෝෂණ නිසා ශ්‍රී ලංකා පොලීසියට සිදු වූ අවමානය නිසාය.මානව හිමිකම් ‍රැකීමට පිළින දී බලයට පැමිණි  රජයක් සිසුන්ට නින්දිත අයුරින් පහර දීම නිසා  රජයට සිදු වූ නින්දාව නිසාය. එයට පලිගැනීමක් වශයෙන් මිස අන් කිසිවක් නිසා නොවේ.

මේ අනුව බලන විට ඊනියා යහපාලනයත් ගමන් කරන්නේ තම පූර්වගාමියා ගිය මග බව  නම් නිසැකය.

6 comments:

  1. කවුද ප්‍රේමකුමාර් ගුණරත්නම් කියන්නේ?

    එහෙම කෙනෙකු ජවිපෙ හිටියේ නෑ කියා නායකයාත්, ලේකමාත් පැහැදිලිව ම කීවා නේද?

    ReplyDelete
  2. යහපාලන ආණ්ඩුව මෙම කටයුතු කරමින් සිටින්නේ තමන්ට විරුද්ධව ජනතාව සංවිධානය කිරීමට උත්සහදරන සමාජ ව්‍යාපාරයන් සහ දේශපාලන බලවේගයන් අඩපන කිරීම සදහාය,

    ලංකාවේ ඉපදි, ඉගෙනීම සහ අවුරුදු 50ක් පමණවන ජිවිත කාලයෙන් අවුරුදු 40කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ ජිවත්වු පුද්ගලයකුට දේශපාලනය කරන බැවින් රටතුල ජිවත්වීමට ඉඩ නොදීම බරපතල ගැටලුවක්ය.

    මා විශ්වාස කරන පරිදි කිසියම් විදේශිකයකු හෝ ලංකාවට පැමිණ ජිවත්වීමට හෝ දේශපාලනය කිරීමට අයිතිය ලබා දිය යුතුය. ලංකාවේ පුරවැසිභාවය ලබාගත් ඕනතරම් විදේශිකයින් පිරිසක් සිටියදි ලංකාවේ ඉපදුන පුද්ගලයකුට නැවත ලංකාවේ පුරවැසිකම ලබාදීම ගැටලුවක් වන්නේ ඇයි?

    මෙය නිතිමය ප්‍රශ්නයක් නොවනබව ඕනැවටත් වඩා පැහැදිලිය.

    // රසිකොලොජිස්ට් - RasikologistNovember 5, 2015 at 1:24 AM

    කවුද ප්‍රේමකුමාර් ගුණරත්නම් කියන්නේ?
    එහෙම කෙනෙකු ජවිපෙ හිටියේ නෑ කියා නායකයාත්, ලේකමාත් පැහැදිලිව ම කීවා නේද? //

    එහෙම කෙනෙක් ජවිපෙ හිටියද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නය දැන් ඔහු ප්‍රසිද්ධ දේශපාලනයට ඇතුල්වුන කෙනෙක්.

    ReplyDelete
  3. මෙයා දේශපාලනය කරන්නද නැත්නම් ව්‍යාපාර කරන්නද ලංකාවට ආවේ කියලා ප්‍රශ්නයක් නෑ.ඒත් මෙයාගේ පැත්තට තර්ක කරන අය මෙයා ලංකාවේ ‍රැඳි ඉන්නේ නීති විරෝධීව කියන එක අමතක කරන්නේ ඇයි?දැන් එතකොට කරුණානිධි ලංකාවට ඇවිල්ලා දේශපාලනය කරන්න ඉල්ලුවොත් මේ විදිහටම නීති විරෝධී විදිහට ඉඳන් මොකද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔයා අමුතු සිතුවිලිද?මෝඩ සිතුවිලිද?
      මමත් කුමාර් ගුණරත්නම්ගෙ දේශපාලන මතයට ඵකග නෑති කෙනෙක්.නමුත් කුමර් කියන්නේ ශ්‍රීලාoකිකයෙක් කියන ඵක අපි අමතකකරන්න නරකයි.
      ඵහෙම බෑලුවොත් විදේශිකයො 2ක් මේ පාර්ලිමේන්තුවෙත් ඉන්නවා.
      උන්ට හොදයි මෙයාට නරකයි?
      මයිතිරිගෙ රෙද්දෙ නීතිය.........

      //මේ අනුව බලන විට ඊනියා යහපාලනයත් ගමන් කරන්නේ තම පූර්වගාමියා ගිය මග බව නම් නිසැකය//
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. කිව්වත් වගේ මෝඩ සිතුවිලක් තමයි.

      කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන භාවිතාව නිසා තමයි රට හැර යන්න වෙන්නේ.නැතුව සැප ගන්න කියලා නෙමේනේ ඔහු වෙනත් රටක රැකවරණය ලබන්නේ.ඔහුට මේ රටේ දේශපාලනය කිරීමට තිබෙන අයිතිය පිළිගතයුතුයි.

      මම පෙරටුගාමියෙක් නොවුනත් ඔහුට මේ රටේ දේශපාලනය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනි සිටිනවා.මේ විදියේ මෝඩ ක්‍රියාවන් තුලින් ආණ්ඩුව නා ගන්නවා වගේම කුමාර්ලාට හොඳ ප්‍රචාරයක්ද නොමිලේම ලබා දෙනවා.

      Delete
    3. කුමාර් ගුණරත්නම් සහ කරුණානිධි අතර වෙනසක් නොදැකීම අමුතුම අමුතු සිතුවිල්ලක් තමයි.

      මෙතනදි මට හිතෙන්නෙ ඔහු අත්අඩංගුවට ගැනීමේ වරද ගැන නොව ඔහුට පුරවැසිකම නොදීමේ ගැටළුව ගැන සළකාබැලිය යුතු බවයි.

      Delete