එම අරගලයන් ගැන කෙරුණු දේශපාලන විමර්ශන විවේචන යම් පමණකට ඇතත් ඒවා පසු බිම් කරගෙන නිමා වුනු කලා කෘති නම් ඇත්තේම නැති තරම්ය. ඇතත් ඒ එම අරගලයන් බොහෝ විට ප්රධාන කථාවට අනුපානයක් ලෙස හෝ මාකටින් කිරීම සඳහා කෘතිම ලෙස වද්දවා ගත් අවස්ථා මිස ඒවා පිළිබඳව කෙරුණු පුළුල් හා සාධාරණ විග්රහ නම් නොවේ.
මීට වෙනස්ව දෙමළ අරගලය පිළිබඳව මිතුරුව හෝ පස මිතුරුව බොහෝ කලා කෘතීන් නිර්මාණය වී ඇති අතර වෙමින්ද පවතී.
ජනතා විමුක්ති පෙරමුණේ එම අරගලයන් පිළිබඳව ඇති දුලබ නිර්මාණ අතර මා දුටු වටිනාම නිර්මාණ දෙකක් වශයෙන් සරත් ආරියරත්න නම් අප්රකට නවකථා කරුගේ " හැත්තෑවේ කොළණිය" හා " මේ කාගේ මේ කමතා" නම් කෘතී දෙක සඳහන් කළ හැකිය. මෙයින් පළමු වැන්න 71 අරගලය පසුබිම් කර ගෙන ලියැවී ඇති අතර දෙවැන්න 87-89 යුගය ගැනය. වියළි කලාපයේ ,රජරට කොළනි ජීවිතයන්ට එම අරගලයන් දෙකේ බල පෑම ඔහු අපූරුවට සිත්තම් කර තිබේ යැයි මට සිතේ.
ඔබටත් හැකි නම් සොයා ගෙන කියවන්න. ඒ වටී යැයි ඔබට ද සමහර විට සිතෙනු ඇත.
පොත් ගැන ලියන කොට මීට වඩා විස්තර දෙන්න. ප්රකාශක, ISBN වගේ.
ReplyDeleteඇත්තට ගන්න පුලුවන් තැනක් නැතත් ප්රකාශක වත් කීව නං පොත් සාප්පුවකට කියල ගෙන්න ගන්න තිබ්බ
ReplyDeleteමේ කාගේ මේ කමතා ගොඩගේ පොතක්. ISBN 955-20-1159-0 මාහිතන්නේ හැත්තෑවේ කොළනියත් ගොඩගේ පොතක් වෙන්ට ඕනෑ. මගේ පොත කවුදෝ උස්සලා .
ReplyDeleteමීට
කලාමැදිරියා