බර්ලින් තාප්පයේ වැටීම-FALL OF A WALL


බර්ලින් තාප්පය බිඳ වැටී වසර විසි පහකි.  බර්ලින් තාප්පයත් සමග බිඳ වැ‍ටුනේ සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදි යැයි හැඳින්වූ රාජ්‍ය පද්ධතිය පමණක් නොවේ. එතෙක් පැවති සීතල යුද්ධය හමාර වී ලෝක දේශපාලන බල තුලනයද ඒ සමග බිඳුනි. එයින් වූයේ හොඳක් ද නරකක්ද යන්න මට තවම තේරුම් ගැනීමට නොහැක. එහෙත් එම සිදු වීම මම මහත් කම්පනයකට ලක් කළ එකක් බව නම් මතකය.  

Comments

  1. බර්ලින් තාප්පය බිඳවැටීම සමග විවෘත වුනේ මිනිසා උපතේ සිට ඉල්ලා සිටින නිදහස බව මගේ අදහසයි!

    ReplyDelete
  2. medawaswala Berlin thappaya (Mauer) binda wetima samaranawa.E,minissu kiyanakatha,walin samajawadaya monawageda kiyala hitha gaththeki.ewagema East Germanya ekathu karagaththata passe eka sanwardanaya karanna una nisa west Eke AArthikaya barapathala Pasubemakata lakwunubaw thamai me minissu kiyanne,PALAKAYO (erich Honeker) hondata sepa aranthibunalu.Kathawata samahara aya mata kiyala thiyenawa, Berlin thappe keduwain passe balanna yanakota Parawal !980 gananwala lankawe wage walawal thibune kiyala.onawa unath owunowun ekata ek unaeka owunta wedagath,(EAST germanya ALIYA GILLA DIWUL GEDIYA WAGE THiyanna Ethi kiyala ewa ahapu mata hithune.(ME Mage asu dutu Athdekeem pamanai)(Ranjan-düsseldorf.)sthuthi.

    ReplyDelete
  3. කවුරුත් කතා කරන්නේ බර්ලින් තාප්පය ගැන විතරයි. බටහිර සහ නැඟෙනහිර ජර්මන් රටවල් දෙක අතර සැතපුම් 850 ක් පමණ දිගට යකඩ දැල් වැටකුත් ගසා තිබුණා. ඒ වැට දිගටම නැඟෙනහිර ජරමනිය පැත්තේ බිම් බෝම්බ වළලා තිබුණා. ඒ කාලේ ගෝනුන් වැනි සතුන් බිම් බෝම්බ පෑගී මිය යෑම සුලබව සිදු වූ දෙයක්.

    නැඟෙනහිර ජර්මනියේ මාර්ගවල වළවල් තිබුණේ ග්‍රාමීය ප්‍රදේශවල මිසක් බර්ලින් වැනි විශාල නගරවල නොවෙයි. ඒත් ලයිප්සිශ්, ඩ්‍රේස්ඩන්, මග්ඩබුර්ක් වැනි නගරවල පැරණි ගොඩනැඟිලි බොහොමයක් තිබුණේ ගරා වැටුණු තත්ත්වයක. දෙවන ලෝක යුද්ධයට පෙර (1930 ගණන්වල) සවි කරන ලද මළකඩ කෑ බෝඩ් ලෑලි 1988 වැනි කාලයක වුණත් දකින්නට තිබුණා.

    ReplyDelete
  4. අපි දැනට 'නැඟෙනහිර ජර්මනිය' කියා හඳුන්වන ප්‍රදේශය ඇත්ත වශයෙන්ම නැඟෙනහිර ජර්මනිය නොවෙයි.

    එය මධ්‍යම ජර්මනිය වශයෙනුයි දෙවන ලෝක යුද්ධයට පෙර හැඳින්වූයේ.

    නියම නැඟෙනහිර ජර්මනිය වන්නේ දැනට පෝලන්තය විසින් පාලනය කරනු ලබන, කලින් ජර්මනියට අයත්ව තිබූ පසු-පොමරේනියාව සහ සයිලීසියාව යන ප්‍රදේශ යි.

    ReplyDelete
  5. ඒරිශ් හොනෙකර් ගේ විනෝදාංශය දඩයමේ යෑම. ඔහුට ඒ සඳහා තුවක්කු 80 ක් තිබුණාලු.

    ReplyDelete

Post a Comment