Sunday, January 4, 2015

මා මහින්දට චන්දය නොදෙන්නේ ඇයි?



වහෙන් ඔරෝ කථා වැඩක් නැත. මම මහින්දට චන්දය නොදෙමි. ඔබෙනුත් නොදෙන්නැයි ඉල්ලා සිටිමි. මහින්දට චන්දය නොදී වෙන කාට දුන්නත් මට කම් නැත. එහෙත් මහින්ද  රාජපක්ෂ වෙනුවෙන් ඔබේ චන්දය භාවිතා නොකරන මෙන් මම ඉල්ලා සිටිමි.

මම මහින්දට චන්දය නොදෙන්නේ ත් ඔබෙන්  මහින්දට චන්දය නොදෙන මෙන් ඉල්ලා සිටින්නේත් ඇයි.

 ඔහුගේ රජය හොර බොරු නැති, වංචා දූෂණ නොකළ, රට සංවර්ධනය කරන , එතනෝල්, මත් කුඩු, පුත්‍ර සමාගම් සහෝදර සමාගම් නැති රජයක් යැයි නිකමට මොහොතකට හිතමු. 

ඒ සියල්ල එසේ තිබුණත් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය පවත්වා ගෙන යන නිර්ලජ්ජී, ජඩ, නින්දිත සදාචාර විරෝධී ආකාරයම ඔහුට විරුද්ධව චන්දය භාවිතා කිරීමට ප්‍රමාණවත්ය.

ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සහමුලින්ම පදනම් වී පවතින්නේ අල්ලස් හා මඩ මතය. අල්ලස් දීම සඳහා හා ප්‍රචාරණය සඳහා රාජ්‍ය දේපල නිර්ලජ්ජී ලෙස යොදා ගනිමින් සිටියි.

මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් ධනය චන්ද දායකයින් අතර බෙදා දීම ඔහු පටන්ගත්තේ මැතිවරණය නිල වශයෙන් ප්‍රකාශ කිරීමටත් ප්‍රථමය. 

දිනපතා ජනතාව 5000 ක් දෙනා බැගින් ඔහුගේ බලෙන් අල්ලා ගෙන සිටින නිල නිවසට කැඳවා මහජන මුදලින් ඔවුන්ට  දන්සැල් පැවත්වීය. එම ජනයාට ප්‍රවාහනය සඳහා වියදම් කලේත් මහජන මුදල්ය.

ඊ ලඟට ඔහු සිල් රෙදි, ඔර්ලෝසු , සාරි දස දහස් ගණනින් බෙදීම කළේය. මහජන මුදල් තම පෞද්ගලික බූදලයක් ලෙස ගනිමින් ‍තෝරාගත් පිරිස් වෙත නොයෙක් වරදාන , වැ‍ටුප් වැඩි වීම්, යතුරු පැදි ඇතුලු නොයෙක් අල්ලස් ලබා දුන්නේය.

එසේම ඔහු මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කරමින් අති දෑවන්ත කටවුට් අඩියෙන් අඩියට සවි කල අතර තවමත්  ඒවා දැකිය හැකීය.

රාජ්‍ය දේපල අවභාවිතාව සඳහා ඔහුට සීමා නැත. කොතැනක මැතිවරණ ‍රැස්වීමක් පැවත්වූවත් රටේ හතර දිග් භාගයේ සිට ලංගම බස් යොදවමින් නොමිලේම තම හෙංචයියන් ප්‍රවාහනය කරන්නේ පොදු මහජනයා මුහුණ පාන කරදර ගැන අබමල් රේණුවක් වත් තරම්  නොතකාය.තමන්ගේ ‍රැස්වීම් වෙනුවෙන් එසේ ජනයා අදින ඔහු විපක්ෂයේ ‍රැස්වීමක් පවතිනදාට සියලුම ලංගම බස් ඩිපෝ වලට ගාල් කර තබනවාට අමතරව පෞද්ගලික බස් සේවාද මැර තර්ජන යොදා නවත්වයි.

රූපවාහිනිය, අයි ටී එන් රජයේ ගුවන් විදුලි නාලිකා හා ලේක්හවුසිය අමු අමුවේම මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවන්නේ පුවත් පත් කලාවේ හා දේශපාලනයේ සියලු ආචාර ධර්ම කෙලෙසමින් විපක්ෂ නායකයින්ට මඩ ප්‍රහාර එල්ල කිරීමටත් තමන්ගේ නැති වූ ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමටත්ය. බොහෝ පෞද්ගලික මාධ්‍ය ද එක්කෝ බියගන්වා එසේ නැතිනම් වරදාන මගින් හෝ තම අතවැසියන් යොදවා මිලට ගැනීම තුලින් අවනත කර ගෙන සිටින රාජපක්ෂ විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂක මෛත්‍රිපාලට  මහා මඩ ප්‍රහාරයක් එල්ල කරමින් සිටින්නේ ලොව සියලු සදාචාර නීති වලට එරෙහිව කුඩා ළමයින් පවා යොදා ගෙනය.

මේ සියල්ල කර ඒත් අසමත් ව සිටින ඔහු දැන් ප්‍රතිවාදින්ට ශාරිරිකව පහර දෙන තැනට වැටී තිබේ. විපක්ෂ කාර්යාල වලට හා වේදිකාවලට ගිනි තබමින් ආරම්භ කළ මේ මැර ක්‍රියා දැන් විපක්ෂ ආධාර කරුවන්ට , හා අපේක්ෂකයින්ට පහර දීම දක්වා උත්සන්න කර තිබේ.  

තම මැතිවරණ ව්‍යාපාරය මෙලෙස අන්ත මැර , ප්‍රජාතන්ත්‍ර විරෝධී , ලැජ්ජා විරහිත, තුච්ඡ,හා වනචර ආකාරයට පවත්වා ගෙන යන පුද්ගලයෙකු වෙනුවෙන් තම චන්දය භාවිතා කළ හැක්කේ ඊටත් වඩා වනචරයෙකුට හෝ මන්ද බුද්ධික අයෙකුට පමණි.

එසේ නම් මේ මැතිවරණය යනු ඔබ වනචරයෙක් හෝ මන්දබුද්ධික්ලයෙක් නොවන බව පෙන්වීමට අවස්ථාවක් කර ගත යුතුය.  රටේ බහුතරයක් එවැන්නන් නොවන බවට ලෝකයට පෙන්වීමට අවස්ථාවක් කර ගත යුතුය. එනම් මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි අට වෙනිදා ඡන්දයෙන් පරාජය කළ යුතුය.


12 comments:

  1. සිංහල ජාතිය , ආගම ගැන ලොකුවට කතාකරන මිනිසුන්ට , මහින්ද ගේ හැසිරීම ක්‍රියාකලාපය අනුමත පුලුවන්ද

    ReplyDelete
  2. ලුණුවිල රජයේ රෝහලේ දන්ත වෛද්‍යවරිය ද ඇගේ සැමිය සහ දරුවන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වත්තේ මුරකරු අද දන්කොටුවේ සිට තොරතුරු වගයක් සැපයීමට යන අතරතුර මාඔයට පැන දිවි නසා ගත් බව පොලිසිය කියයි.=ඔහු වරද කරුවෙක් නොවේ. සැකකරු පමණයි. මෙසේ මිනී මැරීමට පොලිසීයට ලයිසන් දුන්නේ කව්ද?

    ReplyDelete
  3. මමද මහින්දට චන්දය නොදෙන්නේ මම වනචරයෙක් නොවන නිසාය

    ReplyDelete
  4. කතාව ඇත්තය. මමනම් සිතා සිටියේ මොකනැතත් අඩුම තරමින් අධ්‍යාපනය වෙනුවෙන්වත් මුදල් වෙන්කරන රජයකට ඡන්දයදීමටයි. මහින්ද රාජපක්ෂ රෙජීමය මේ දක්වාම අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන්කිරීම නොව කපාදැමීමයි කලේ.පහත ලින්කුවෙන් ලෝකයේ වෙනත් රටවල් අධ්‍යාපනයට මුදල් වෙන් කරන අයුරු අධ්‍යානය කලහැක. ඒ අනුව කියුබාව ලෝකයේ මුල්ම තැන සිටී. ඒ ඔවුන්ගේ දල ජාතික නිෂ්පාදනයෙන් 12% ක්වූ උපරිම අගයකි. අපේ රට 2010 වසරේදී 2% කි. 2012 වසරේදී 1.7% කි. මේ වසරේදී එය 1.3% දක්වා කප්පාදු කර ඇත. එහෙත් මැතිවරන වේදිකාවල ජනාදිපති අධ්‍යාපනය ගැන මහ ඉහලින්ම කතාකරයි.

    http://data.worldbank.org/indicator/SE.XPD.TOTL.GD.ZS/countries?order=wbapi_data_value_2010%20wbapi_data_value%20wbapi_data_value-first&sort=asc&display=default

    ReplyDelete
  5. මම ෙම් අදහස බුකිෙය් පල කිරීමට පොස්ටුව උපුටා ගන්නවා.

    ReplyDelete
  6. 40ශ්‍රී ලොරි රියදුරු මහතා විසින් ගන්නා ලද ඓතිහාසික බරපතල දේශපාලන තීන්දුව රටේ අනාගතය කෙසේ බලපායිද?

    ReplyDelete
  7. ඔය ඔක්කොම ඇත්තයි කියමු.ඒත් සිරිසේන එක්ක ඉන්න අය මෙයාටත් වඩා නරකනෙ.සිරිසේනම වුනත්

    ReplyDelete
    Replies
    1. ඔයාට වෙන්න පුලුවන් දෙකක් ඉහලින් ලියලා තියෙනවනේ. එහෙම වෙන්න. අපි තරහ නැහැ මෙයා

      Delete
    2. සිරිසේනගේ හොඳ නරක නෙවේ ප්‍රශ්නේ. සිරිසේන නරකයි කියමුකෝ. ඒත් එහෙම නරක සිරිසේනට උනත් සාධාරණ මැතිවරනයක් ලැබෙන්න ඕනෑ. ඇත්තටම මෙතනදී සාධාරන මැතිවරනයක් ලැබෙන්න ඕනෑ මහජනයාට. සිරිසේන නරක නම්මොවුන් ප්‍රතික්ෂේප කරයි. මහජනයාගේ ඒ අයිතිය රාජපක්ෂගේ මැරයින්ට පාවිච්චි කරන්න දෙන්න බැහැ.

      එහෙම දෙනවා කියන්නේ අපි නිවටයෝ ,වනචරයෝ එහෙම නැත්නම් මන්ද බුද්දිකයෝ කියන එකයි.

      Delete
  8. මහින්ද රාජපක්ෂ උතුම් මනුස්සයෙක්. සියලු දේ විනාශ කළේ පවුලේ අය. මම අට වැනි දාට පස්සේ (ජනවාරි) විරුද්ධ පක්ෂයේ වාඩි වෙනවා. ඡන්ද පොළට ගිහින් කැමති කෙනකුට ඡන්දෙ දෙන්න.‘ යැයි කිරිබත්ගොඩ මායා මාවතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    ReplyDelete
  9. සිරිසේන සියට සීයක් හොඳ මිනිහෙක් නොවුනත්,මහින්දට සාපේක්ෂව හොඳයි.මගෙත් මනාපය නිසැකවම ඔහුට එරෙහිව.

    ReplyDelete