Wednesday, January 7, 2015

ඔබේ තීරණය කුමක්ද?

කිරි උතුරන පවුලක්
යුද්ධය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ හැරුනු විට රාජපක්ෂලාගේ ලොකුම කයිවාරුව සංවර්ධනයයි. ඔවුන් මේ සඳහා අත දිගු කර පෙන්වන්නේ නැව් නැති වරායන්, ගුවන් යානා නැති ගුවන් තොට, නාට්‍ය නැති රඟහල්, මිනිසුන් හෝ ‍රැස්වීම් නැති සම්ම්න්ත්‍රණ ශාලා , පැයට කි.මී සීයටකටවත් යා නොහැකි අධිවේගී මාර්ග, හැදූ දා සිට අලුත් වැඩියා කරන මහාමාර්ග හා කිසිම කමකට නැති නෙලුම් කුළුණු ආදියයි.

සංවර්ධනය යන්නෙන් අදහස් වෙන්නේ රටක ජනතාවට කෙටිකාලින හා දිගුකාලින ප්‍රතිලාභ ලබා දෙන්නා වූ ක්‍රියාවලියකි. එහෙත් රාජපක්ෂලාගේ ඉහත දැක් වූ සංවර්ධනයෙන් මෙරට අති මහත් බහුතරයක් වූ දුගී ජනතාවට අත් වී තිබෙන  සෙත කවරේද?

මෙම නිශ්පල ව්‍යාපෘති සඳහා ගිනි පොලියට ලබා ගන්නා ණය හා පොලී ගෙවීම සඳහා ඔවුන්ගේ කිරිපිටි ටිකෙන්, පැට්‍රල් හා භූමි තෙල් ලීටරයෙන් , සීනි 250න්, පරිප්පු සීයෙන් ගෙවීමට  සිදු වීම හැර අන් කුමක්ද? 

රාජපක්ෂලාගේ ලොකුම ආඩම්බරය නගර අලංකරණයයි. මේ වෙනුවෙන් ඔවුන් පරම්පරා ගණනාවක් ජනයා ජීවත් වූ නිවාස වලින් පලවා හරිමින් සිටිති. තමන් සිටි නිවාසද අහිමි වූ ජනයා කුකුල් කූඩු බඳු තට්‍ටු නිවෙස් තුලට ගාල් කර ඒ වෙනුවෙන් මුදල් ගෙවීමටද බල කරනු ලබමින් සිටිති. රාජපක්ෂලාගේ සංවර්ධනය එයයි.

රාජපක්ෂලා කොළඹ නගරය අලංකාර  කරමින් සිටින අතර  ඈත ගම් වල සිසු දරු දැරියන් වැල් පටවල එල්ලී ගංගා තරණය කරමින් වල් අලි ප්‍රහාර මැද පාසල් යති. ව්‍යායාම මං තීරු වලට රුපියල් කෝටි ගණන් වියදම් කරද්දී රජරට ගොවීන් වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් ලේ පීරිසිදු කිරීමේ යන්ත්‍ර හිඟකම නිසා හා ඖෂධ නොමැතිකමෙන් මිය යති. 

රාජපක්ෂලාගේ අධිවේග මාර්ග හැදීමට හා නඩත්තුවට  තම  හාල් සේරුවෙන්, කිරි පිටි ටිකෙන්, අල ගෙඩියෙන්, පරීප්පු ටිකෙන් බදු ගෙවන  දුප්පතුන්ට තම යතුරු පැදිය හෝ ත්‍රී රෝද රථය ඇතුලු කිරීමට අවසර නැති වීම රාජපක්ෂ සංවර්ධනයේ සැබෑව හෙලිදරව් කරයි. 

මෙවැනි නාස්තිකාර, ජනතාව පරම්පරා ගණනාවකට ණය කරුවන් කරන , පාලක කල්ලිය අති විශාල ලෙස කොමිස් ගසමින් මඩි තරකර ගන්නා ඊනියා සංවර්ධනයයට තව දුරටත් ඉඩ දෙනවා ද යන්න අප ජනවාරි අට වෙනිදාට තීරණය කළ යුතුව තිබේ.

ඔබේ තීරණය කුමක්ද?
එක රොටියක් බෙදා ගෙන කන පවුලක්


9 comments:

  1. mage theeranayath obe theeranayayi
    inoka

    ReplyDelete
  2. akuru waradi godak thiyenawa

    ReplyDelete
  3. මගේ තිරණය නම් නොදන්නා රූකඩයකට රට දෙනවාට වඩා දන්නා යකාට රට දෙන එක හොදය යන්නයි

    ReplyDelete
    Replies
    1. මහින්දට දුන්නම රට රාක්ෂයට දුන්නා වෙනවා , මෛත්‍රීට දුන්නම රාක්ෂයෝ බිහිකරන ව්‍යවස්ථාව විනාස වෙනවා . අන්න ඒක තේරෙන්නේ නැති එක තමා කරුමේ .

      Delete
    2. oyata eka wishwasada? nodanna katha kiyanne nathuwa kata wahagena innawa. anna eka therum ganna.

      Delete
  4. මෛත්‍රී මයිත්‍රී මෛත්‍රී

    ReplyDelete
  5. කොළඹ සංවර්දනය ගැන කතා කරනවා , පොදු ජනතාවට බලපාන සංවර්දන මොනාද කරලා තියෙන්නේ ? කොටුව දුම්රිය පොළ .මරදාන දුම්රිය පොළ සුද්දා හදලා දුන්න ලෙසමයි , අඩුගානේ පොදු පහසු කම් හරි ( වැසිකිලි , විවේකාගාර ) වැනි යමක් හරි ප්‍රතිසංස්කරණය වත් කරාද ? බත්තරා මුල්ල හරියේ විමලය 10 දෙනෙකුට සෙවන දෙන ආවරණයක් ලක්ෂ 30 කට ,හැදුවා ඒ මුදලින් නැවතුම් පළවල් 60 ක් හදන්න තිබුනා .

    ලක්ෂ ගණනක් දිනපතා ගැවසෙන පිටකොටුව බස්නැවතුම් පොලේ හරි හමන් වැසිකිලි පහසුකම් තිබෙනවාද ? ලක්ෂ ගණන් වියදම් කර බස් රථවල ගමන්වාර දැක්වෙන පුවරු හැදුවා , ඒ අනුව බස්නම් ධාවනය වෙන්නේ නැහැ , තිබහට වතුර ටිකක් බොන්න පහසුකමක් තියෙනවාද ? සුපිරි පන්තියේ අයට අවශ්‍යය පහසුකම් සපයා දී තිබෙනවා , ඒවගේ ණය සාමාන්‍ය ජනයා ගෙවන්න ඕනේ , මේකට තමා කියන්නේ ## ආසියාවේ ආශ්චර්යය ##sf

    ReplyDelete
  6. මයිත්ත්‍රීත් එක්කල,සේරම දේසපාලන පක්ෂ,විවිද ආගම් අදහන අය,භාෂා කතාකරන අය,එකතුවෙලා ඉන්නව.අද දවසෙ වෙන්නම ඕන දෙයක්.පාතාලයො,හොරු,ස්ත්‍රී දූෂකයො,වගෙ කාලකන්නි,මහින්දට චන්දෙ දුන්නාවෙ.අපි සේරම එකතුවෙලා,අගාදයට වැටිල තියෙන රට ගොඩ ගමු.ඉස්සර කටුනායකින් බහිද්දි,හිතට දැනුන අසතුට නැතිවෙලා,සුන්දර රටකට යන්න පුලුවන් කියල හිතෙද්දිත් ආසයි.සේරටම මයිත්ත්‍රීයෙන් පිරුන හෙටක්!!!

    ReplyDelete
  7. oya oya kathawal kiyanna issella warayata, guwan thotupalata gihin baluwada?

    ReplyDelete