මඩු වලිගය ඕනෑ කරන්නේ සංගීත සංදර්ශන සංවිධානය කරන අයගේ පස්සට තැලීමට නොවන බව කාරුණිකව සලකන්න. එසේම ගායකයින් කිස් කරන කෙල්ලන්ට හෝ ගායකයින්ට බ්‍රෙසියර් විසි කරන කොල්ලන්ට තැලීමටද නොවේ.
මඩු වලිගයක් ඕනෑ කරන්නේ ජනවාරි අටවනදා දා පත් කරගත් දේශපාලකයින් රොත්ත ඥාති සංග්‍රහය , වංචා දුෂණ, මැරකම්,හොරකම්, බලහත්කාර කම්, අවසන් කර , මානව හිමිකම් , ප්‍රකාශනයේ නිදහස ,ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කර, රටට ගැලපෙන කුඩා කැබිනට් ඇමති මණ්ඩලයක් පත් කරගෙන යහපාලනය උදා කරතියි තවමත් සිහින දකින අයියලා, අක්කලා, මල්ලිලා, නංගිලා ,නැන්දලා ,මාමලා, සීයලා,ආච්චිලාගේ අතට දී කැමති නම් පස්සට දෙක බැගින් තලා ගන්නා ලෙස ඉල්ලා සිටීමටය.
(මඩු වලිගයෙන් තැලීම වැනි වැඩවසම් දඬුවම් ක්‍රම මා විසින් අනුමත නොකරන අතර කැමති කෙනෙකුන් තමන්ටම තලා ගත්තාට අපගේ විරෝධයක් නැත.)