Friday, April 18, 2014

චිත්‍රපටි සෑදීමට මාර්ගෝපදේශ මාලාවක්.



ඔබ චිත්‍රපටියක් සෑදීමට බලාපොරොත්තු වන්නේ නම් අනුගමනය කළ යුතු ක්‍රම සහ විදි රාශියක්  පහතින් දැක් වේ.චිත්‍රපටියක් සැදීම කොතරම් අසීරු කටයුත්තක්දැයි  ඔබට  මෙය කිය වූ විට වැටහෙනු ඇත.

1. දළදා මාලිගාවට ගිහින් තිර පිටපත පූජා කරන්න. 

2. පිටපත අවසන්, චිත්‍රපටය කරන්න ඉඩ දෙන්න කියලා දළදා වහන්සේගෙන් ඉල්ලීමක් කරන්න.

 3. රෑ නින්දෙදී කිසියම් අදෘෂ්‍යමාන බලවේගයක් ඇවිත් සිහිනෙන් වගේ මේක කරන්න දෙන්න බෑ කියා කිව්වොත් පහුවෙනිදාම පූජ්‍ය එල්ලාවල මේධානන්ද හාමුදුරුවන්ට මේ බව කියන්න. 

4. උන්වහන්සේගේ  උපදෙස් පරිදි  ආයෙත් දළදා මාළිගාවට ගිහින් භාවනා කරලා පිරිත් කියලා මොකක්ද වූ වරද කියා අහන්න.

5.  එදායින් පසුව හැම සිද්දියක්ම වන්නේ ආශ්චර්යයක් වගේ වේවි. 

6. බට  දඹදිව යන්න නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍රයක් ලැබේවි. ඉතින් ඔබ  දඹදිව යන්න.

7.ස්ව්ස්ටර්ලන්තයේ මහත්මයෙක් එහිදී ඔබට මට හමු වේවි. .

8. . දඹදිව දළදා වහන්සේ වැඩසිටි පූජනීය ස්ථාන සියල්ලම  ඔහු ඔහුගේ වියදමින් ඔබට පෙන්වාවි.  

9. ඔබ  යලිත් දළදා වහන්සේට මල් පහන් පූජා කරලා පිටපත උන්වහන්සේට භාර කරමින් ඔබට  පිංවන්ත නිෂ්පාදකයෙක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්න.

10. ඉන්පසු පසුදාම අරලියගහ මන්දිරයට යන්න .( මෙය ඉතාමත් වැදගත් කොටසයි.)

11. ඉන්පසු ඔබේ චිත්‍රපටිය ඉබේම හැදෙනු ඇත.

සටහන- ඉහත පියවර අනුගමනය නොකර ලංකාවේ චිත්‍රපටි හැදීම බොරු බව සලකන්න.

4 comments:

  1. අඩේ වෙන මොකවත් ඕන නැ එහෙනං මාත් එකක් හදනවා

    ReplyDelete
  2. මොන බොරුද? n=1 ට සත්‍ය වූ පලියට ඔනෑම අවස්ථාවකට සත්‍යයවේ කියල ගණිත අභ්‍යුහනයේ නැහැ.
    ඔහොම කරල චිත්‍රපටි හදන්න බෑ. ඔන්න දළදා වහන්සේ ගැන චිත්‍රපටයක් නම් ඔය ක්‍රමේට පුලුවන් වෙයි. ඒත් දැන් එකක් හදල බවරයි නේ. ඊලග එක්කෙනාට වෙන මාර්තෘකාවක් හොයාගන්න වෙනවා. ඒ එක්කම වෙන ක්‍රමයකුත්.

    ReplyDelete
  3. චිත්‍රපටි හදන්න නෙවෙයි, පත්තරයක කවියක් පල කරගන්නත් රජගෙදර හරහා යන්න වෙන කාලයක්නෙ තියෙන්නෙ

    ReplyDelete
  4. 10 තමයි ඉතාමත්ම වැදගත් දේ.

    ReplyDelete