ලබන සතියේ හෝමාගම මහින්ද රාජපක්ෂ මහ විද්‍යාලයේ පවත්වනු ලබන උත්සවයකට පැමිණීමට නියමිත අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පිලිගැනීම සඳහා පිලිගැනීමේ ගීතයක් ලියා දෙන්නැයි උත්සව සංවිධාන කමිටුව කලාමැදිරියාගෙන් ඉල්ලා සිටියේය. ඒ වෙනුවෙන් පබැඳුනු ගීය පහතින් දැක්වේ.
පිලි ගනිමු හද බැතිනි සොඳා
බන්ධුල ගුණවර්ධන මැතිඳා
අධ්‍යාපන ඇමති සොඳා
අප හද වේ බැතිමල්
ආනන්ද නාලන්ද රෝයල් හා කැලේ
පාසල් සියල්ලටම කෙලවා දමා
අප පාසල් මව් ඔසවා තැබු උතුමා
පිලිගනිමු වැඳ සැමදා
ප්‍රශ්න පත්‍ර හදන ලෙක්චරස් හා ප්‍රොෆෙසරස්
ගෙන්වා දෙමින් දී නැණ නුවණ බෙදමිනා
අප පාසල් මව් ඔසවා තැබූ උතුමා
පිලිගනිමු වැඳ සැමදා
ප්‍රශ්න පත්‍ර උත්තර හා සමගින්
අප වෙත දෙනු මැතිඳු
විභාගයට බොහො කලින්
අප පාසල් මවු මව් අංක එකම කරමිනා
උසස් පෙල ද සාපෙල හා කෙලවා දමා
ශිෂ්‍යත්වෙත් බංග කරමිනා රටේ ම
අප පාසල් මව් ඔසවා තැබු උතුමා
පිලිගනිමු වැඳ සැමදා
සටහන- අධ්‍යාපන ඇමති බන්ධුල ගුණවර්ධන උසස් පෙල ප්‍රශ්න පත්‍ර සකස් කරන ආචාර්ය මහාචාර්ය වරුන්ට හෝමාගම රාජපක්ෂ විදුහලේ සම්මන්ත්‍රණ කරන මෙන් නියෝග කරයි.
පිළිගැනීමේ ගීතය හොදා..
ReplyDeleteවා..ව්. ඇමති තුමාගෙන් කලා මැදිරියටත් සම්මානයක් එහෙම හම්බවෙයි දැන් ඕන් ;-)
ReplyDeleteකලා මැදිරියට දැන් හම්බ වේවි අධ්‍යාපන අමත්‍යන්ශයේ උපදේශක කමක්.කාටද ආඩම්බර...
Deleteපිළිගැනීමේ ගීතය අහලා දුවයිද මන්දා ආයෙම හැරිලා..
ReplyDeleteඔළුවට රිව්වාත් දුවන අය නෙමේ ඔය. ඒකත් සුවඳයි කියලා..ගඳ සුවඳ කරන්න ටියුෂන් ආර්ථික විග්‍රහයක් දෙයි.
Delete