Saturday, April 26, 2014

සෙල්ලම් හාමුදුරුවෝ නොහොත් නානසාරලාගේ චණ්ඩිකම් ගැන ප්‍රශ්න කීපයක්


ගලබොඩ අත්තේ නානසාර නම් ශ්‍රමණ වේශධාරියාගේ පිස්සු ගෝලයින් රොත්තක් පසු ගියදා ඇමති රිෂාඩ් බදුර්ඩීන් ගේ අමාත්‍යාංශයට බලහත්කාරයෙන් කඩා වැදී වට‍රැක විජිත නම් භික්ෂුවක් එහි සැඟව ඇතැයි කියමින් මහා නාඩගමක් නැ‍ටුවෝය.(නැතිනම් නැටූ සේක හෝ නටා වදාල සේක කියා වුවත් කිව හැක.)

ආණ්ඩුවේ ඇමතියෙකුගේ කාර්යාලයකට මෙසේ කඩා වැදී චණ්ඩිකම් පාන්නට තරම් නානසාරලා බලවත් වූයේ කෙසේදැයි යන්න ඇසිය යුතු ප්‍රශ්නයක් නොවන්නේ රටම හා ලෝකයම එය දන්නා බැවිනි.

නමුත් මෙම සිදු වීම් දෙස බලා සිටින විට මගේ සිතේ ප්‍රශ්න කීපයක්ම පැන නැගුනි.

1. වට‍රැක විජිත හිමි පසුපස මෙසේ මහා අපරාධ කරුවෙක් මෙන් නානසාරලා පන්නන්නේ මන්ද? ඔහු කර ඇති අපරාධය කුමක්ද?

2. ඔහු අපරාධයක් කර ඇත්නම් එයට දඬුවම් දීමට නානසාරට පමණක් නොව ඔහුට අනුබල දෙන උන්ටවත් අයිතියක් ඇත්ද? එය අධිකරණයේ හා පොලිසියේ වැඩක් නොවේද?

3. බැරිවෙලාවත් වට‍රැක විජිත හිමි මෙම මැරයින්ට මහියංගනයේදී හෝ බදුර්ඩීන් ඇමතිවරයාගේ කාර්යාලයේදී මෙම මැරයින්ට අසු වුනා නම් නානසාරලා ඔහුට කුමක් කරන්නට සිතා සිටින්නේද? මරාදමන්නටද?

4.මේ රටේ වැසියන්ට ඉදිරියේදී හුස්ම ගැනීමටත්  නානසාරලාගේ අවසරය අවශ්‍ය වෙයිද?

5. නානසාරලා ඉදිරියේදී හිට්ලර්ගේ එස් එස්.හමුදාව මෙන් සුලුජාතින්ට හා විපාක්ෂිකයන්ට  පහර දීමට සූදානම් කරන  කල්ලියක්ද?

6. රටේ සුලුතර ජාතින්ට ප්‍රසිද්ධියේ අපහාස කරමින් ,පහරදෙමින් නානසාරලා නටන මේ නාඩගම නිසා රටට සිදුවන හානිය තේරුම්ගැනීමට තරම් මොලේ කලඳක්වත් ඇති එකෙක් ආණ්ඩුවේ නැතිද?

7.ඉදිරියේදී බෞද්ධයන් පන්සිල් ගන්නවාද, පෝයට සිලගන්නවාද යන්න ආදියත් බැලීමට නානසාරලා සූදානම් නොවෙයිද?නැතිනම් යෝජිත ආගමික පොලීසිය පිහි‍ටුවන්නේ ඒ කාරියටද?



6 comments:

  1. මේ එලවන එලවිල්ලට මටත් හිතුන එකම ප්‍රශෙන් මේ විජිතව අහුවුනොත් මොකද කරන්නෙ කියන එක.කැමරාවට පේන්න එලවන ව විජිත දුවනව. විජිතත් මේ නාට්‍යයෙ එක් චරිතයක් තමයි.

    ReplyDelete
  2. බෞද්ධ පොලීසියක් පිහිටුවා නානසාරගේ ක්‍රියාකලාපය නීතිගත කරමු.. (දැනට අඩු එච්චර නේ)

    ReplyDelete
  3. නානසාරලා ඉන්නේ දැන් රටේ නීතියට උඩින්.

    ReplyDelete
  4. නානසාර කල්ලියේ සාමාජිකයින් ,රිශඩ් බදුද්දීන් අමාත්‍යංශයට කඩා වැදීමේ ජවනිකාව මට නම් පෙනී යනුයේ රටේ සැබෑ ප්‍රශ්න අමතක කිරීමේ හා මහජන අවධානය වෙනතකට හැරවීමේ උපක්‍රමයක් ලෙසය.
    පොලිස් බාදක වැටවල්, ජල ප්‍රහාරක යන්ත්‍ර ආදි මේ කිසිවක් භාවිහා කලේ නම් මෙම පුද්ගලයන්ව ලෙහෙසියෙන්ම පලවා හැරීම කල හකිව ති
    බින.

    එම ප්‍රහාරය සම්පූර්නයෙන්ම විකාශය කල දෙරන රූපවාහිනියේ වීඩියෝව, එය සතු අයෙකු, හුදී ජන ප්‍රසාදය සඳහා මෙම බ්ලොගයට එවන ලෙස ඉල්ලමි.
    නරසිංහ

    ReplyDelete
  5. මම දැක්කා පත්තරයක තියෙනවා වටරැක ගාව තියෙනවාලු නානසාරලාගේ වීඩියෝ එකක්.

    http://www.divaina.com/2014/04/27/feature20.html

    ReplyDelete
  6. ඇයි නානසාර තේරෝට එක මතේක ඉන්න තියෙන අයිතියම විජිත තෙරෝටත් තියෙනවා කියලා හිතන්නේ නැත්තේ? ෆේස්බුක් එකේ විජිත තේරෝට බනින අපහාස කරන පිරිස මහා ගොඩයි. ඒත් ඒ අයම කෑ ගහනවා විරුද්ද පක්සෙට ගහන එක වැරදියි කියලා . . අපේ සමාජේ මඥ්ඥං වෙලා ඉන්නේ අප්පා . .

    ReplyDelete