Thursday, April 24, 2014

සෙල්ලම් කුණු බිත්තර


පසුගියදා හම්බන්තොටදී විපක්ෂ මන්ත්‍රීන්ට හම්බන්තොට මහ ජනතාවගේ ගෝලබලායින් පහර දුන් අවස්ථාවේ ඇහ කණ පියාගෙන බලා සිටියේ යැයි පොලීසියට චෝදනා එල්ල වී තිබේ. 

නමුත් එම පහර දුන් ආණ්ඩුපාක්ෂික මහත්මයෙක් වන මත්තල බූරු පියා මහතා විසින් කරන ලද මාධ්‍ය සාකච්ඡාවකදී පොලීසිය එසේ බකං නිලා ගෙන සිටියේ මන්දැයි හෙලි වී තිබේ.

අප එම හේතුව බූරු පියා මහතාගෙන්ම අසමු.

"අම්බන්තොට වරාය ලඟදී ඌ ඇන් පී  මන්තිරිලාට අම්බානකට නෙලනවා කියලා ආරංචි වෙලා අපි සැට් එකක් අපේ නගරාධිපති තුමත් එක්ක උරේ රන් කියලා දුව ගෙන ආවා. එතකොට අපි දැක්කා ඌඇන් පී කාරයින්ට ගහන්ඩ කට්ටියක් සැට් වෙලා ඉන්නවා. මේ ඒරියා එකේ ඒම කොරන්ට දෙන්ඩ බෑනේ.  අපේ මේයර් සර් ටක් ගාලා එතැන හිටි පොඩි එකෙක්ගේ ඉණ අත ගෑවා. මං අඤ්ඤා කොරොස් වෙලා ගියා  මේ මොකද කියලා . මට ඉතුනා නුවර එලියේ ඩිපුටි මේයර් වගේ අපේ මේයර් සර්රුත් කොලු කාරයෙක් වත් ද කියලා. 

එතකොටයි මම දැක්කේ අපේ සර් පොඩි එකාගේ ඉනේ තිවිලා සෙල්ලම් පිස්තෝලයක් ඇදලා ගන්නවා. අපිත් වට පිට බැලුවා සෙල්ලම් පිස්තෝල තියාගෙන තව පොඩි එවුන් ඉන්නවාද කියලා . ඔහේ නෑ. අදිසියට මොකක් හරි කොරන්නත් එපැයි.

මං දැක්කා සෙල්ලම් පොලිස් රාලහාමි කෙනෙක් ඉටගෙන ඉන්නවා  . මම රාල ආමිගේ ඉන අත ගලා බැලුවා . මට අහු උනා බිත්තර වගේ බෝල දෙකක්. පට ගාල ඒ දෙක ගලවලා දමලා ගැඋවා . ඊට පස්සේ වටේ ඉටිය පොලොස් රාල ආමිලා ඔක්කෝගෙම බිත්තර ගලවලා ගැඋවා"

හම්බන්තොට සිදු වීමේදී පොලිස් මහතුන්  අකර්මණ්‍ය ව සිට ඇත්තේ එම මහතුන්ගේ බෝල මැරයින් විසින් එසේ ගලවා ගැනීම නිසා බව මෙම ප්‍රකාශයෙන් හෙලිවේ. ඒ ගැන ඔවුන්ට දොස් කියා පලක් නැත . බෝල නැති වූ විට කාට කාටත් සිදු වන්නේ ඔය ටිකය.කවුරුන් හෝ එය බොරු යැයි කියන්නේ  නම් විමල්  වීරවංශ, චම්පික රණවක හෝ වාසුදේව නානයක්කාර මහතුන්ගෙන් අසා බලන්න.


photo- Lankadeepa

6 comments:

  1. මාරම ක්‍රියේටිව් අයිඩියා එකක්. තවත් ආලවට්ටං දාල ගත්ත නං මීටත් රසවත්ව ලියන්න තිබුන.

    ReplyDelete
  2. රටේ බහුතරය බෝල නැති අය තමයි දැන්නම්.

    ReplyDelete
  3. අඩේ ඔව් බන් උන්ගේ බෝල් ගලෝනා නිසා පුස්සෝ වෙලානේ ඉන්නේ . . ස්වාධීන පොලිස් කොමිෂම අයින් කොරපු එකේ රඟේ ඈ . . . කෝම කලත් මට නම් දැන් හිතෙන්නේ විධායක ක්‍රමේ අයින් කරලා අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ක්‍රමේකට ඉක්මනින් නොගියොත් නෙක්ස්ට් ජෙනරේශන් එකටම ඉන්න වෙන්නේ ජනාධිපති ගෙයි එයාගේ එහෙයියෝ සෙට් එකටයි බයේ ඇට අයින් කරපු උන් ගානට තමා . .

    ReplyDelete
  4. ඇත්තටම බෝල ගලවාගත්ත එක අහන්න අර පිම්පියෝ තුන් දෙනාගෙන් තමයි.

    ReplyDelete
  5. මට ඉතුනා නුවර එලියේ ඩිපුටි මේයර් වගේ අපේ මේයර් සර්රුත් කොලු කාරයෙක් වත් ද කියලා. moakakda ban e seen eka?

    ReplyDelete
  6. //මං දැක්කා සෙල්ලම් පොලිස් රාලහාමි කෙනෙක් ඉටගෙන ඉන්නවා . මම රාල ආමිගේ ඉන අත ගලා බැලුවා . මට අහු උනා බිත්තර වගේ බෝල දෙකක්. පට ගාල ඒ දෙක ගලවලා දමලා ගැඋවා . //
    මම හිතන්නෙ බූරු පියා මෙතන කරන්නෙ පොඩි බොරුවක්. ඇත්ත කතාව නම් බූරු පියා මුලින්ම දැකපු සෙල්ලම් පොලිස් කාරයා නිකම් "රාළහාමි" කෙනෙක් නෙවෙයි. එයා "රොජිත් ආහණ" කින සෙල්ලම් නමක් තියෙන සෙල්ලම් ‍මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙ. පොලිස් අධිකාරී කෙනෙක්. ඔය බූරු පියා අනිවා මුලින්ම බිත්තර ගවලා තියෙන්නෙ ඔය රොජිත් ආහණ කියන සෙල්ලම් ප්‍රකාශකගෙ. ඊට පස්සෙ එයාගෙ සෙල්ලම් යුනිෆෝම සෙට් එකමත් ගලවලා. ඔන්න ඊටත් පස්සෙ තමයි අනිත් උන් සෙට් එක රාළහාමිලගෙ බිත්තර ගලවන්න පටන්ගෙන තියෙන්නෙ.තියෙන්නෙ.

    ReplyDelete