Wednesday, April 30, 2014

සියල්ල දත්


ලංකාවේ උගතුන් සාමාන්‍ය්‍යයෙන් තමාගේ විෂය පථයට අසු නොවන දේ පිලිබඳව විශේෂඥ මත පල කිරීමට පුරුදුව සිටිති. කලකට ඉහතදී නම් මේ පුරුද්ද තිබුනේ සමහර විශ්ව විද්‍යාල ඇදුරන් අතරේ පමණි. එහෙත් දැන් දැන් වෙනත් ක්ෂේත්‍රවල අය අතරත් මේ රෝගය පැතිරෙමින් තිබෙනු පෙනේ. 

බොහෝ විට මෙම ඊනියා පණ්ඩිතයින්  තම විශේෂඥ ක්ෂේත්‍රයෙන් පිටත කරුණු ගැන කියන්නේ අමූලික බොරුය . නො එසේ නම් අසම්පූර්ණ කරුණුය.  නිසි දත්ත , වාර්තා, පර්යේෂණ හා අත් දැකීම් නැතිව හුදු  ප‍ටු ජනප්‍රියත්වය සඳහා හෝ දේශපාලන වාසි තකා ඔවුන් විස්න් කරනු ලබන ප්‍රකාශ පොදු ජනයා අතරට ගිය විට සිදු වන්නේ මහා හානියකි.

මේ සඳහා හොඳම උදාහරණය නම් කලක සිට රටේ උතුරු මැද පලාත් වල පැතිර යන නිධන්ගත වකුගඩු රෝගී තත්වයයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ට වඩා අද  මේ පිලිබඳව  පරීක්ෂණ කරන්නේ ගණිත මහාචාර්ය වරුන් හා නාත දේවාලයේ කපුවන්ය.

මේ වකුගඩු රෝගය පිලිබඳව නවතම විශේෂඥයා වී සිටින්නේ  ළමා  ස්නායු රෝග  විශේෂඥයෙක් හා රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති , අලුතින්ම දේශප්‍රේමියෙක් වූ අනුරුද්ධ පාදෙනිය මහතාය.

ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරනු ලබන නිදන්ගත වකුගඩු රෝග පිලිබඳ සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශකයා ලෙස ඇරයුම් කර ඇත්තේ   පාදෙනිය මහතාටය. ඒ මෙම රෝගීන්ට ප්‍රතිකාර කරමින් හා ඒ ගැන පර්යේෂණ කරමින් වසර ගණනාවක් ගත කල වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය වරුන් ගණනාවක්ම රටේ සිටිද්දීය.

එක්කෝ මෙසේ තමන්ට කිසි සේත් අදාල නොවන ක්ෂේත්‍රයක් පිළිබඳව කතා කරන්නට කී විට එය කාරුණිකව ප්‍රතික්ෂේප කරන්නට තරම් ඔහු නිහතමානි හා ඥාණාන්වන්විත විය යුතුය. නො එසේනම් ඉංජිනේරු ආයතනයේ ලොක්කන්ට   තමන් කරන්නේ කුමක්දැයි හරියට දැන ගැනීමට මොළයක් තිබිය යුතුය.



10 comments:

  1. මෙතන මේ යන්නේ වෙන වැඩක්,.දෙන්නම එකතු වෙලා වෙන වැඩකට අරාඳින්න යනව ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. අනුරුද්ධ පාදෙනිය කල ඉඳන් ඔය වගෙ වැඩ කරනවා

      Delete
  2. ඕකට ගෙන්නන්න තිබුනේ නාථ දෙයියෝ

    ReplyDelete
    Replies


    1. අනේ මේ මාව ගාව ගන්න එපා ඔය කුණු වැඩ වලට

      Delete
  3. මුන්ට පිස්සු

    ReplyDelete
  4. Most suitable person is Deshapremi Nalin Silva

    ReplyDelete
  5. මේක වුනේ මෙහෙමයි.ඉංජිනේරු සංගමේ දොස්තර සංගමෙන් ඉල්ලුවා දේශනේට සුදුසු කෙනෙක් හොයලා දෙන්න කියලා .පාදෙනිය පැනලා කිව්වා මං ම කරන්නම් කියලා.

    ReplyDelete
  6. රටේ ඉන්න නායකයගෙ ඉඳලා,පලා බබාල වෙනකම් ඉන්න එවුන් කරන්නෙ තමුන්ගෙ සුදුසු කම් වලට ගැලපෙන දේවල් නෙමේනෙ.සේරගෙම විසිල් විතරය්,බල්ටි නැහැ.

    ReplyDelete
  7. මට හිතෙන්නේ මෙහෙම එකක්, තමන් දෙයක් දන්නවා නම් බය නැතුව කියන්න ඕන, දන්නේ නැත්තන් ඒ විදියටම නොදන්නා බව කියන්න ඕන.මොකද බොරු කියන්න ගිහින් අල වෙනවට වැඩිය ඇත්ත කියලා තත්ත්වේ රැකගන්න එක වටිනවා

    ReplyDelete
  8. ඔබේ බ්ලොග් අඩවියත් අපේ බ්ලොග් දර්ශකයට යොමු කරන්න

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete