Monday, April 21, 2014

සෙල්ලම් තුවක්කු හා සෙල්ලම් සේනලා



යූ ඇන් පී මන්ත්‍රිවරුන්ට වෙඩි තැබීමට තමන් ගෙන ආවේ සෙල්ලම් පිස්තෝලයක්    බව හම්බන්තොට නගරාධිපති තුමා කියා තිබේ. කොහොමටත්  තුවක්කු , පිස්තෝල, කඩු කිරිච්චි , කලා කිරිඤ්ඤ වගේ දේවල් එතුමාලාට සෙල්ලම් බඩු බව  අපි දන්නවාය. ඒ නිසා ඒ ගැන වැඩි කතා ඕනෑ නැත.

අනික වැලේ වැල් නැති යූ ඇන් පී කාරයින්ට  හම්බන්තොට ඇවිත් සෙල්ලම් දාන්ට ඉඩ දෙන්න බැරිය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තො‍ටුපල වගේ සෙල්ලමට හදපු තැන් වලට ගොහින් සෙල්ලම් දාන්ට කොහොමටත් බැරිය. ඒවායේ සෙල්ලම් දාන්ට පුලුවන්  තාත්තලාට  පුතාලාට  හා එයාලගේ ආවතේව කාරයින්ට විතරය.  වෙන අයට සෙල්ලම් දාන්ට ඕනෑ නම් දෑත් ශක්තිමත් කොරන ටීම් එකට  එන්ට ඕනෑය.  හම්බන්තොට විතරක් නොවේය. රටේම සෙල්ලම් දාන්ට පුලුවන් එයාලාට විතරය.

බ්ලොග් එකේ උනත් වැඩිය සෙල්ලම් දාන්ට ආවොත් සෙල්ලම් සුදු වෑන් එකක් එවන්ට ඉඩ තිබේය. ඒ නිසා මේ සෙල්ලම් මෙතැනින් නවත්තමි.


( Photos from Face Book and W3 Lanka Blog)

5 comments:

  1. මේක දේශප්‍රේමින්ගේ රට.දේශද්‍රෝහින්ට මේකේ ඉඩක් නැහැ.

    ReplyDelete
  2. පව් බං ඔය පොලිස් පොඩ්ඩෝ. උන්ව නන්නත්තාර කරලා තියෙන්නේ පාලක ශුක්‍රානුවෝ.

    ReplyDelete
  3. බලය යනු තැලීමට භාවිතා කරන මෙවලමක් නොවුනද ලංකාවේ වෙනස්ම ආරක බලයක් ඇති නිසාදෝ ලංකාවේ බලයෙන් කරන්නේ තවකෙක් තැලීම යි...

    ReplyDelete
  4. සෙල්ලම් ආණ්ඩුවෙ සෙල්ලම් වැඩ සීරියස් ගන්න ගියාම උන් සෙල්ලම් පෙන්නනව තමයි

    ReplyDelete