Saturday, April 5, 2014

71 ට පසුවදනක් 2014 දී නොහොත් 2013 ට පසු ව 2014 ලැබු බව


ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂි සන්ධිස්ථානයක් වන  1971 අප්‍රේල් අරගලයේ මියගියවුන් වෙනුවෙන් 43 වැනි වතාවටත් අද දින සැමරුම් පැවැත්වේ.

ලංකාව තම නින්දගමකැයි සිතා සිටි රදල අර‍ටු වෙව්ලවමින් පීඩනයට එරෙහිව නැගී සිටී නව යොවුන් වියේ පසු වූ තරුණ පිරිසගේ සන්නද්ධ අරගලයෙන් ලාංකීය දේශපාලනය ඔසවා පොලවේ ගැසිණි.

එම සිදුවීමෙන් මෙරට දේශපාලනයට වූයේ යහපතක්ද අයපතක්ද යන්න වසර 43 කට පසුත් තවමත් වාද විවාද පවතී.එම සිදු වීමේ බලපෑම කොතෙක්ද යන්න   එම කැරල්ලට සහභාගි වී , පසු කලෙක එයින් අංශක90 හෝ 180 ක් ම  කැරකැවුනු පුද්ගලයින් පවා ,තමන් 71 කැ‍රැල්ලේ අහවල් විත්තිකරුවා , මම අහවල් පොලිසියට පහර දෙන්නට ගියා ,ආදි වශයෙන් වටනාකම් ලබා ගැනීමට දරණ උත්සාහයෙන්ම පෙනේ. කවුරුන් මොනවා කීවත් එයට ඇති වටිනාකම ලබා දිය යුතුය.

71 අරගලයේ සැබෑ හිමිකරුවන් තමන් යැයි කියමින් ජනතා විමුක්ති පෙරමුණත් , පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂය පමණක් නොව තව බොහෝ කන්ණ්ඩායම් සමරු උත්සව පවත්වනු ඇත..

එහෙත් තමන් 71 සැබෑ උරුමකරුවන් යැයි පෙන්වීමට මේ සිලල්ලන්ටම  මීට වඩා යමක් , මේ මොහොතේ සමාජය විසින් බරපතල ලෙස ඉල්ලා සිටින යමක් කල යුතුව තිබේ.

එනම් ප‍ටු මනස් ඇති ,පසුගාමි,අන්තවාදි කල්ලි විසින් ලාංකීය සමාජයට කිරීමට උත්සාහ දරණ මහා විනාශය වැලක්වීමට පෙරමුණ ගැනීමය.

එක් අතෙකින් ආගම්වාද හා ජාතිවාදය අවුලවමිනුත් අනික් අතින් ඉතාමත් පසුගාමි ඇදැහිලි හා ආගමික මතාන්තර සමාජය තුල ස්ථාපිත කරමිනුත් එම පිරිස් ලංකාව නැවත වතාවක් ක්‍රි.පූ 200- 300 යුගයට ගෙන යාමට උත්සාහ කරමින් සිටිති.

71 අරගලයට හා එය තුල දිවි පිදූ අරගලකරුවන්ටත්  මේ මොහොතේ , ජවිපෙ හා පෙසපේ කණ්ඩායම් දෙකටම , පිදිය හැකි හොඳම උපහාරය නම් මේ අන්තවාදයට, මේ ජාතිවාදයට , ආගම්වාදයට  එරෙහිව තම මුළු ශක්තියෙන්  සටන් කිරීමයි.  හැබැයි ඒ එසේ කිරීමට ඔවුන්ට අවශ්‍ය නම්  පමණි.

((සටහන-  ඉතාමත් කාර්ය බහුල මොහොතක සිටියත් අද දින අප්‍රේල් සමරුව වෙනුවෙන් යමක් නොලියා සිටීමට නොහැකිය. එම නිසා මා කලේ 2013 අප්‍රේල් සමරුව වෙනුවෙන් මා පලකල ලිපිය ඉතා සුළු සංශෝධන කිහිපයක් සහිතව නැවත පල කිරීමයි. එයින් ගම්‍ය වන දේ කුමක්ද? වසර 43ක් තිස්සේ සමරු උත්සව පැවත්වූවත් සමාජය ඉදිරියට ගමන් නොකරන බවද? අප්‍රේල් විරුවන්ගේ අරමුණු ඉ‍ටු කිරීමට මෙම සමරු උත්සව පවත්වන අයවලුන් අසමත් වී ඇති බවද?. මේ සටහන 2015 දීත් , ඉන්පසු 2016දීත් ආදි වශයෙන් මා හට නැවත මෙලෙසම පල කිරීමට සිදු වේද ?)

5 comments:

  1. උඹ පට්ට කම්මැලියෙක් බවයි

    ReplyDelete
  2. ලින්ක් එකක් දැම්මා නම් ඉවරයිනේ!

    ReplyDelete
  3. ලින්ක් දාන අයිතිය කකාට සින්නක්කරේට ගිහිල්ලානේ තියෙන්නේ.

    ReplyDelete
  4. සාමාන්‍යෙයන් මට ෙම වෙග් දිගක් ලියන්න ගතෙවන්ෙන විනාඩි පාලවයි. ඒ්ත් ලියන ෙද් හිතන්න නම් ෙගාඩ ෙවලාවක් යනවා.
    නිකං ඉන්න ෙවලාවට බස් ඒෙක් යනෙකාට මම හිතලා ලියන ෙවලාවට සුටුස් ගාල ලියනවා.

    මට අනුව නම් 71 හා 89 අරගල තිබුනා වැඩිය ෙනාතිබුනා නම් ෙහාදයි. ඒ් වෙග් ෙබාළද මට්ටෙම් මෙනා්රාජික විප්ලව වලින් තරුණ පරපුෙර් ඉදිරිගාමී පිරිසක් සමාජයට අහිමි වීෙම් විපත අප අද විසින් මනාව විිදිනවා. අනික ෙලා්ෙකම ධනවාදී ෙවච්ච වටපිටාවක අපි වෙග් ෙවනස්ම අාකාරෙය් විවිධත්වයක් සහිත දූපතක සමාජවාදය අැතිකරගනාව කියන්ෙන විිහිලුවක්..

    ReplyDelete
  5. අමිල සමහර දේවල් හැලිල. කෙටියෙන් කියනවා නම් මේ බොල් පිළිම තවමත් කරේ තියාගෙන යන පිරිසක් ඉන්නවා. ඒ ගැන ඔබට හෝ මට කරන්න දෙයක් නැහැ. හැබැයි ඉතිහාසය ගත්ත විට, මේ කියන "සුවිශේෂි සන්ධිස්ථානය" ප්‍රතිගාමිත්වයට බැටන් පොලු සපයපු එක සංදිස්ථානයක් විතරයි. මේ අයියලට 5% හේන් එහාට යන්න බැරි එක හේතුවක් ඒක.

    ReplyDelete