Thursday, November 6, 2014

සිරසේ දන්සැල්


අනේ සුසානෝ මම කොළඹ යනකොට
අරලිය මන්දිරේ පන්දාහක්  ජනතාව
බයියන් ලෙසින් කට ඇරගෙන බලා ඉඳ
දන්සැල් බුදිති හත් වලාමේ

ආපහු හෑරිලා කොස්ලන්දට ආපු කොට
තුන්සීයකට කන්නට දෙන්නට බැරිව
සම්මාදම් කරයි  ලොරි පුරවන්ට
සිරස  මාකටින් මල මිනී වුනත්

5 comments:

  1. අය්යෝ සල්ලි කිව්වලු බන්...

    සිරස ඉතින් මාකටින් වලට කවදත් එක්ස්පර්ට්...

    මළමිනී වුනත් අවුලක් නැහැ..

    ඕන දෙයක් මාකට් කිරිල්ල උන්ට කජු ඇට කොස් ඇට වගේ..

    ---
    පද ගැලපුම නම් මල් මසුරන්...

    ReplyDelete
  2. සිරස නොවිකුනන්නේ මොනවාද.. හරියට ආණ්ඩුව වගේ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
  3. අර කියන "බොරු හිලවල්" සඳහා හොඳම උදාහරණයක් තමා ඔබ දාල තියන රූපවාහිනී තීරයේ නිශ්චල චායාරූපය. නරකද මේ දෙන්න මෙගා ටෙලි නාට්ටියකට වත් ගත්තොත්?

    ReplyDelete
  4. මේ මීඩියා සංසර්ගයෝ ඔක්කොම එකයි බං.

    ReplyDelete