Wednesday, November 12, 2014

පැරණි වමේ නව පිබිදීම නොහොත් කොමියුනිස්ට් පක්ෂයේ ලෝක වාර්තාව


ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ලෝක වාර්තාවක් පිහි‍ටුවා තිබේ. ඒ නේපාල කොම්යුනිස්ට් වාදින් මෙන්  චන්දයෙන් ආණ්ඩු බලය පිහි‍ටුවා හෝ ඉන්දියාවේ කොමියුනිස්ට් පාක්ෂිකයන් මෙන් බටහිර බෙංගාලයේ වසර විස්සක් පාලනය කරමින් හෝ නොවේ. 

අපේ ශ්‍රී ලංකාවේ ඩීව් ' පොල්පොට්" ගුණසේකර ප්‍රමුඛ ඊනියා කොමිනිස් කාරයින් වාර්තාවක් පිහි‍ටුවා ඇත්තේ තමන්ගේම පක්ෂයේ පුවත්පත වන  ඇත්ත පුවත් පත තහනම් කරමිනි.

විපක්ෂයේ සිටියදී පුවත් පත් නිදහස ගැන ඇඟ කිලි පොලා යන ආදර කතා කියූ ඩීව් ලා යම්තම් පිනට ලැබුනු ඇමති කට්ටක එල්ලී ගෙන ක්‍රියා කරන්නේ මෙලෙස නම් , මොවුන්ට රාජ්‍ය බලය ලැබුණහොත් ස්ටාලින් පවා ලජ්ජා වෙන තරමේ මර්ධකයන් වනු ඇත.

සටහන- පැරණි වමේ නව පිබිදීම ගැන ආදර කතා කියූ වික්ටර් අයිවන් සීයා මේ ගැන කියන්නේ කුමක්දැයි දැන ගැනීමට මම ආශාවෙන් බලා සිටිමි.

6 comments:

  1. අයිවන් සීයා මොකුත් කියන එකක් නෑ

    ReplyDelete
    Replies
    1. මටත් හිතුණෙ ඕකමයි
      මොකක් හරි තේරෙන්නැති අගමුල පටලවපු මාන්දමික විකාර කතාවක් කියල මාරුවෙයි ආයෙ අහවල් එක්ද

      Delete
  2. Agree!

    D.E.W. Gunasekara's behaviour is deplorable.

    ReplyDelete
  3. වාමාංශිකයන්ගෙ හෙළුව ගැන මා නිතර මතුකරන පැත්තක් තමයි ඔය.මේ අය මර්ධනය අතින් දක්ෂිනාංශය ළැජ්ජාවට පත්කරන සුළුයි.අනික මේ අය කුහකයන්.වෛරය ඊර්ෂ්‍යාව මත පදනම් වෙලා ඇරියස් කවර් කරගන්න හදන අය.මේ කල්ලියකට බලය ආවොත් ලෝක විනාසයක් තමයි.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. කොමිනිස් පක්ශෙ ඉස්සර සෝවියට් දේශේ ඒජන්සි ඔෆිස් එක. ළමයින්ව රුසියාවේ ශිෂ්‍යත්වයට යවාගන්න, රුසියාවෙ ටුවර් එකක් යන්න ඕන අයත් ඕකෙ හිටිය. ශ්‍රී ලංකා නිදහස් පක්ශෙට සෙට් වෙලා වාසි ගත්ත අයත් ඉන්නව.
    එහෙම කෙනෙක් තමයි පත්තරේ තහනම් කරල තියෙන්නෙ. ඩිව් ගෙ කෝප් එකේ රෝල් එක, භාෂා සමාන්තවය වෙනුවෙන් කල වැඩ කොටස හොඳයි.

    ReplyDelete