Monday, November 24, 2014

දහ අට කැතම කැත වරදකි


දහ අට කැතම කැත  වරදකි 
කිසිදා සමාවක්‌ නම් නැති 
මට පෙන්නලා අගමැති සැපේ 
 නුඹ දුන්නු දුක හොඳටම ඇති // 

මහලේකම් දැලේ පැටලී පෑහී 
සුව ඇමති වී උන්මාද වූයේ මා
විපක්ෂේ  දිහා බැලුමට යළී 
මට  පණ  නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ

 දහ අට කැතම කැත  වරදකි ........

 ජනපතිකමේ හැමදා ‍රැඳී   දැවටී
 ඉන්නට හදයි රට රවටලා 
ඒවා කොහෙද ආ පුලතිසි පුරෙන් 
දන්නෝ දනිති මම මෛත්‍රී වෙමි

දහ අට කැතම කැත  වරදකි ........

4 comments:

  1. හියහ් පුහ් කිව්වලු

    ReplyDelete
  2. මං හිතුවේ දහ අට වංගුව කැතයි කියලා...

    ReplyDelete
  3. වරදක් කළත් සිතකින් නො වේ....

    ReplyDelete