Sunday, November 13, 2016

කිසිවක් සිදුව නැත ---------



මහවත්ත කදු බිම නිසලය
උසැති ගල්කුලු අතර
දැවී නටඹුන් වූ පැලකි...
පෙර මග බලා සිටිනා......
කිසිවෙකුත් නැත
නිදිකුම්බා මලක්වත්.......
පෙරලුණු බූරූ ඇද
වේ පසින් වැසින
සමන් පිච්ච පදුර අස
ගවුම් පොඩියක් දිරා යයි
බෝනික්කෙකුගේ හිසක්
උදුරා නොදැමුණු අනිත් ඇසින්.....
අරංගල පල්ලම දෙස බලා සිටී
කිසිවක් ...
කිසිවක් සිදු නොවු ලෙස
කිසිවක් සිදුව නැත
කොලුවකු එළිපත්ත මත
වාඩි වී සිටී
බෙදු බත් පිගානක් කුස්සියේය
කිසිවක් සිදුව නැත
_________________________
 
1989 දී හමුදාව විසින් අරංගල මහ වත්තේදී තම පවුලේ සියල්ලන් ඝාතනය කල පසු සිර කදවුර තුල උමතු වූ පාලිත සහෝදරයාගේ මතකය නිර්නාමික සහෝදරයෙක් ලියා තිබූ අයුරු

5 comments:

  1. දන්නේ නැති නිසා අහන්නේ....
    //1989 දී හමුදාව විසින් අරංගල මහ වත්තේදී// - වෙච්ච දේ මොකද්ද කියලා කියවලා බලන්ඩ තැනක් තියෙ

    ReplyDelete
  2. කොහොමත් ඒ කාලේ මොකුත් වුණේ නෑ වගේ තමා දැන් ඒ හැමෝම ඉන්නේ.......

    ReplyDelete
    Replies
    1. ඒ කතාවට නම් මම 100 % ක් එකඟයි කුරුට්ටෝ.

      Delete
  3. ගොඩක් දෙනෙක් ට ගොඩක් දේවල් අමතක වෙලා

    ReplyDelete
  4. එහෙන් මෙහෙන් ඇහෙන දේවල් මිසක් හරියට විස්තරයක් නැද්ද කොහෙවත් අපිටත් බලිගන්න.

    ReplyDelete