Tuesday, November 8, 2016

කුමාර් ගුණරත්නම් ප්‍රශ්නය සහ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය


ලංකාවේ උපන් අයකු ලෙස කුමාර් ගුණරත්නම්ට හිමි පුරවැසි අයිතිය ආණ්ඩුව විසින් පිලිගතයුතු බව අවධාරණය කරමින් ඔහුට ලංකාවේ දේශපාලනය කිරීමේ අයිතිය දිනාගැනීම වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ විශ්වවිද්‍යාල මිතුරන් විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් නොවැම්බර් 07 දින කොළඹ පදනම් ආයතනයේදී පැවැතිවිණි.

‘කුමාර් ගුණරත්නම් ප්‍රශ්නය සහ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය‘ යන තේමාවෙන් එම සම්මන්ත්‍රණය සංවිධානය කරණ ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඔහු හා අධ්‍යාපනය ලැබූ දැනට මෙරට විවිධ ක්ෂේත්‍රවල සේවය කරන වෘත්තිකයන් විසිනි. මෙම අවස්ථාවට සහභාගි වන ලෙස ආරාධනා කරනු ලැබූ දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් ක්‍රියාකාරීන්, කලාකරුවන් සහ කුමාර් ගුණරත්නම්ගේ අයිතින් වෙනුවෙන් පෙනී සිටින තවත් බොහෝ දෙනා එක්වී සිටියහ. එහිදී විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි දැක්වූ අදහස්


"

මම කැමතියි කුමාර් ගුනරත්නම් සහෝදරයාගේ ප‍්‍රශ්නය පිළිබඳව ෆේස්බුක් වේබ් අඩවිය තුළ එත්තරා විවේචකයෙක් අහපු ප‍්‍රශ්නයකින් පටන් ගන්න.

කෝප් වාර්තව සම්බන්ධයෙන් සාකච්ඡුාවක් මතු වෙලා තිබුණ වෙලාවක, මම ඒ ගැන ප‍්‍රසාදයෙන් කතා කරපු අවස්ථාවක අහලා තිබුණා ”ඔබ නොයෙක් ප‍්‍රශ්න ගැන කතා කරනවා කුමාර් ගුණරත්නම් සම්බන්ධයෙන් අනුර කුමාරගේ ස්ථාවරය ගැන ඔබ මොකද කියන්නේ?’ කියලා. මම කිව්වා ඒක දැනගන්න අවශ්‍ය නම් 07 වෙනිදා පදනම් ආයතනයට එන්න කියලා. දැන් මම හදන්නේ ඒ විවේචකය අහපු ප‍්‍රශ්නයට උත්තර දෙන්න.

මේක නීතිය පිළිබඳ ප‍්‍රශ්නයක්ම නෙවෙයි. පුරවැසිභාවය, පාස්පොට් ප‍්‍රශනය ඇතුළු ප‍්‍රශ්න කිහිපයක් තිබෙනවා. විමල් විරවංශගේ පාස්පොට් ප‍්‍රශ්නය. අර්ජුන් මහේන්ද්‍රගේ පුරවැසිභාය පිළිබඳ ප‍්‍රශ්නය. මේවැනි අවස්ථා තිබෙනවා. මේ පිළිබඳව තීරණ ගැනෙන්නේ දේශපාලන බල තුලනය සලකා බැලීම තුළ. ජනාධිපති වරණයෙන් පසුව අගමැතිවරයා සමග වෙනත් ප‍්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡුාවකදී  මම ඇහුවා. ඒ වෙලාවෙදී ඔහු කිව්වේ ගැටලූවක් නැහැ ඒක ඉක්මනට විසදේයි කියලා කිව්වා. ඒ 2015 මාර්තු විතර ඇති.

මම වෙනත් පාර්ශවන් සමඟ කතා කලා එතකොට කවුරුවත් කිව්වේ නැහැ ප‍්‍රශ්නයක් තියෙනවා කියලා. එක්තරා දේශපාලන චරිතයක් මට කිව්වා මේක නොවිස`දී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ විරෝධය නිසා කියලා. ඉන්පස්සෙ මම ඒ ගැන ප‍්‍රසිද්ධියෙ කතා කළා. ඊට පසුව අනුර කුමාර දිසානායක සහෝදරයා හමුවුණු වෙලාවක මට කිව්වා. මම කළ ප‍්‍රකාශය සඳහන් කරමින් ”අපේ එහෙම ප‍්‍රශ්නයක් නැහැ” කියල ඔහු ප‍්‍රකාශ කළා. මට අහවලා තමයි කිව්වේ කියා සඳහන් කළා. ඒ ප‍්‍රකාශය සත්‍ය හෝ නොවේවා. මම හිතනවා ජවිපෙ මැදිහත් වීම මූලික වශයෙන් අවශයි.

මීට පෙර ආණ්ඩුවක් ඔහු පැහැර ගත්තා ගොඪාභය රාජපක්ෂ පුවත් පතකට කිව්වා ජවිපෙ උවමනාවතට මෙහෙම කළ බව. එවිට ජවිපෙ ඒක ප‍්‍රතික්ෂෙප කළා. නමුත් ජවිපෙ නිශ්ශබ්දතාවය. මේ ප‍්‍රශ්නය යම් පාර්ශවයකට අවශ්‍යතාවක් තිබෙනවා නම් ඒක ජවිපෙ නිහැඩියාව සේවය කරනවා. පුද්ගලිකව හමුවෙන කොට  කියලා වැඩක් නැහැ. එයාලා ප‍්‍රසිද්ධ ස්ථාවරයක් ගැනීම අවශයි. මගහැර යාමට හැකියාවක් නැහැ.  මේ ආණ්ඩුවේ ප‍්‍රජතන්ත‍්‍රවාදී අක්ත පත‍්‍රය පරික්ෂාවට ලක්වන දෙයක් තමයි කුමාර් ගුණරත්නම් සිද්ධිය."




https://www.facebook.com/free.kumar.gunaratnam/videos/1098038193642900/

5 comments:

  1. මේක ඇත්තනම් ඒක නිත්‍යනුකුළ වන්නේ කොහොමද? ආණ්ඩු බලයක් නැති දේශපාලන පක්ෂයකට හිරකාරයෙක් තබාගත හැකිද?

    ReplyDelete
    Replies
    1. ප්‍රේමකුමාර් ගුණරත්නම් හිරේ ඉන්නේ උසාවියෙන් දුන් තීන්දුවක් අනුවයි.

      Delete
    2. මමත් මේ කල්පනා කරන්නේ ජවිපෙ කොහොමද උසාවි තීන්දුවලට අතදාන්නේ කියලා.

      Delete
    3. එහෙම නම් ඔය අවස්ථා දෙකේදීම ජවිපෙට කිසියම් විධායක බලයක් තිබෙනවා වගේ තමා තේරෙන්නේ. ඒක වෙන්න පුලුවන්ද?

      Delete
  2. කවුරු නොදන්නවා උනත් කුමාර ගුණරත්නම් සීනුවරට එවන්නේ (රසිකගේ චවනයක්)ජ විපෙ දේශපාලන තිරණයක් අනුව.හැබයි කුමාර සිනුවරට ඇවිත් නැවත ලංකාවට එන්නේ ජ වි පෙ දෙකඩ කරන කොන්ත්‍රාත් එකක් එක්ක බව තමා ජ වි පෙ නිගමනය. කුමාර ගුණරත්නම් නායකත්වය දුන්න ජ වි පෙ ශිෂ්‍ය අංශය සම්පුර්ණයෙන් ම පෙරටුගාමි එකට එකතු වෙනවා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්න නලින්ද ජයතිස්ස හැර.ඉතින් ජ වි පෙ අංක එකේ ද්‍රෝහියා මේ මොහොතේ කුමාර ගුණරත්නම් .ඉතින් ජ වි පෙ නිහැඩියාව තාර්කිකයි

    ReplyDelete