නොමිලේ වයි ෆයි

 
 
නොමිලේ දෙනවා  වයි ෆයි කී උන්දෑලා
කෙලියා වැට් එක්ක තව ටැක්ස්  'ටහිකෙන්න
මක්කා කොරන්නද කියලා හිතන කොට
ටැබ් එකකුත් දෙනවාලු  රෙද්ද තමා
 
 
සීනි කිලෝවෙන්   දෙක බේරා ගත්තු
මැති උතුමන්ලාට තව තව සැප දෙන්ට
නෙලුම් කොලෙන් බත් කනවා එතුමානෝ
අයියෝ යහපාලනේ අයිඅයියො
 
_රංචාගොඩ ළමයා-
 





Comments

  1. අන්තිම පින්තූරේ නම් අඬවන එකක්!

    ReplyDelete
  2. //දෙක බේරා ගත්තු//

    අම්මපා

    ReplyDelete

Post a Comment