බොහෝ විට මෙම ඊනියා පණ්ඩිතයින් තම විශේෂඥ ක්ෂේත්‍රයෙන් පිටත කරුණු ගැන කියන්නේ අමූලික බොරුය . නො එසේ නම් අසම්පූර්ණ කරුණුය. නිසි දත්ත , වාර්තා, පර්යේෂණ හා අත් දැකීම් නැතිව හුදු පටු ජනප්‍රියත්වය සඳහා හෝ දේශපාලන වාසි තකා ඔවුන් විස්න් කරනු ලබන ප්‍රකාශ පොදු ජනයා අතරට ගිය විට සිදු වන්නේ මහා හානියකි.
මේ සඳහා හොඳම උදාහරණය නම් කලක සිට රටේ උතුරු මැද පලාත් වල පැතිර යන නිධන්ගත වකුගඩු රෝගී තත්වයයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ට වඩා අද මේ පිලිබඳව පරීක්ෂණ කරන්නේ ගණිත මහාචාර්ය වරුන් හා නාත දේවාලයේ කපුවන්ය.
මේ වකුගඩු රෝගය පිලිබඳව නවතම විශේෂඥයා වී සිටින්නේ ළමා ස්නායු රෝග විශේෂඥයෙක් හා රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති , අලුතින්ම දේශප්‍රේමියෙක් වූ අනුරුද්ධ පාදෙනිය මහතාය.
ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරනු ලබන නිදන්ගත වකුගඩු රෝග පිලිබඳ සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශකයා ලෙස ඇරයුම් කර ඇත්තේ පාදෙනිය මහතාටය. ඒ මෙම රෝගීන්ට ප්‍රතිකාර කරමින් හා ඒ ගැන පර්යේෂණ කරමින් වසර ගණනාවක් ගත කල වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය වරුන් ගණනාවක්ම රටේ සිටිද්දීය.
එක්කෝ මෙසේ තමන්ට කිසි සේත් අදාල නොවන ක්ෂේත්‍රයක් පිළිබඳව කතා කරන්නට කී විට එය කාරුණිකව ප්‍රතික්ෂේප කරන්නට තරම් ඔහු නිහතමානි හා ඥාණාන්වන්විත විය යුතුය. නො එසේනම් ඉංජිනේරු ආයතනයේ ලොක්කන්ට තමන් කරන්නේ කුමක්දැයි හරියට දැන ගැනීමට මොළයක් තිබිය යුතුය.