Wednesday, November 26, 2014

ශ්‍රී ලාංකීය ගෙටිස්බර්ග් දේශනය



"විදුරු ගෙවල්වල ඉදන් ගල් ගහන්න එපා.ගියපු අයගේ ෆයිල් මං ළඟ තියෙනවා .ඒත් මම ඒවා එළියට දාන්නේ නැහැ. 

මම කියන දේ කරපු මිනිහෙක් කරන දේ කියන මිනිහෙක්.ඒ පැත්තට මේ පැත්තට යන එක අද ඊයේ සිදු වු දෙයක් නොවේ.එදා සීපීද සිල්වා ගියෙත් පොළොන්නරුවෙන්.  ගියපු අයට නම් වැඩක් වෙන්නේ නෑ හැබැයි ආපු අයට නම් හොදයි.

අපේ සැලුන් දොර හැම වෙලාවෙම විවෘතයි.ඕනෑ වෙලාවක එන්න යන්න පුළුවන් .ගිය අයටත් එන්න පුළුවන්.ඔය කීප දෙනෙක් ගියාට වැඩක් නෑ.අපේ ආණ්ඩුව හොල්ලන්න බෑ"

සටහන- ආපු අයට හොඳටම හොඳ බවත් ගියපු  අයට නරකම නරක බවත් ඔයා නොකිව්වට රටම දන්නවා.

ඔය ආපු හැමෝම ආවේ හොඳ නිසා නේ. අනික ගිය අයට, ඒ කියන්නේ ජනරාල් සරත් ෆොන්සේකාට, ශ්‍රී පතිට වෙච්චි දේ මතකයිනේ. 

ඔය ඔක්කෝටම වඩා වැදගත් දේ තමා ඔය තියෙනවැයි කියන පයිල් කතාව. මොනවද ඒ පයිල්. ඇයි ඒවා හංගගෙන ඉන්නේ. ඒවායේ තියෙන්නේ රටේ ආණ්ඩුවේ දේශපාලකයෝ කරපු වංචා දූෂණ ගැන නම්, ඒවා හෙලිදරව් නොකර ඉන්න එකත් වැරදිනේ. 
(සමහර විට එතුමා ඉන්නේත් වීදුරු ගෙයක නිසාද දන්නෙ නෑ පයිල් එලියට අදින්න බැරි)

8 comments:

  1. Replies
    1. ම් ... උඹ එතුමගෙන් ම ඇහුවද? :)

      Delete
  2. ඔය පොළොන්නරුවේ අයගේ හැටිමයි.. හරි නරකයි නේහ්? ;-)

    ReplyDelete
    Replies
    1. අපෝ කමෙන්ට් එකක් ලියන්න මේතරම් නීති මොකද?

      Delete
  3. වීදුරු ගේ ඇතුලෙ හෙලුවෙන් ඉන්නෙ.

    ReplyDelete
  4. බොරු නෙව
    මිනිස්සු බය කරන්න කියල හිතං කියන ඒව
    බ්ල්ලන්ට ලමි බය වුනේ ඉස්සර

    ReplyDelete
  5. මහින්දගේ පයිල් එක අපි ගාව තියෙනවා කියලා FB එකේ කට්ටිය කියනවා දැක්කේ.

    ReplyDelete
  6. කොත නම් කොත කඔරුසවලට මගෙ ලඟ ඉඩ නැත
    ඔය කාගෙත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත

    ReplyDelete