Sunday, November 8, 2015

මාදුළුවාවේ සෝභිත හිමි හා කුම්භාණ්ඩයෝ



සෝභිත හිමිගේ අපවත් වීම අසා සමහරුන් ප්‍රීති වන බව පෙනේ.  එසේ සතු‍ටු වන්නේ  සමාජ  ජාල වෙබ් අඩවි වලින් විශේෂයෙන්ම  ෆේස්බුක් හරහා දේශපාලනය කළ  රාජපක්ෂ වාදින්ය. රාජපක්ෂලා පසුපස කවදාත් සිටියේ මෙවැනි අපතයින් බව නොරහසකි.කෙසේ නමුත් එයින් කියවෙන සත්‍ය නම් මහින්ද රාජපක්ෂගේ පරාජයට සෝභිත හිමියන්ගේ  දායකත්වය හා බලපෑම යහපාලකයන් වටහා නොගත්තත් රාජපක්ෂවාදින් හඳුනා ගෙන ඇති බවයි.
 
ඇත්ත වශයෙන්ම ගත් කල සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය හරහා ජනාධිපතිවරණය සඳහා  පොදු අපේක්ෂකයෙක් පිළිබඳ කතිකාව  ගෙන නො එන්නට  සැවොම විසින් හා තමා  විසින්මත්  පරාජය කළ නොහැකි යැයි සිතූ මහින්ද රාජපක්ෂ තව අවුරුදු  ගණනාවක් බලයේ සිටීමට හැකි වෙනු ඇත.
 
පොදු අපේක්ෂකයෙක් ඉදිරියට නොපැමිණියා  බේද බින්න වී සිටි විපක්ෂය නියත වශයෙන්ම පරාජය වනු ඇත. ඒ එජාපයෙන් පරාජය නියත රනිල් වික්‍රමසිංහත් ,ජවිපෙ අපේක්ෂකයෙකුත් තරඟ වදින තත්වයක් තුලය.
එම නිසා රාජපක්ෂ පරාජයේ සෑහෙන වැදගත්  වැඩ කොටසක් ඉ‍ටු කලේ සෝභිත හිමි බවට රාජපක්ෂ වාදි ගෝල බාලයන් ගේ හඳුනා ගැනීම නිවැරදිය.
 
නමුත් රාජපක්ෂ කල්ලිය පලවා හැර බලයට ගෙන අවුත් තිබෙන්නේ එබඳුම වූ නඩයක් බව මහ බැංකු සිද්ධිය , ඇවන්ගාර්ඩ්, HNDA පහර දීම, කුමාර් ගුණරත්නම් අත් අඩංගුවට ගැනීම , හා වෙනත් එබඳු සිදු වීම් ගණනාවකින්ම  පෙනී යයි. මිය යන විට සෝභිත හිමි ද ඒ බව අවබෝධ කර ගෙන සිටි අතර උන්වහන්සේගේ අභාවය ඉක්මන් වෙන්නට ද එය බල පෑවා විය හැක.එක් වියරුවකින් යාම්තමින් බේරා ගත් රට එබඳුම වූ තවත් වියරුවකට යට වීම උන්වහන්සේට දරා ගත නොහැකි වන්නට ඇත.

සැම විටම තමා නිවැරදි යැයි දු‍ටු දේ වෙනුවෙන් එඩිතරව පෙනී සිටී  මාදුළුවාවේ සෝභිත  හිමිගේ  මා දකින  ලොකුම අඩුපාඩුව වන්නේ තල වපුරා මුං ලබා ගන්නට බැරි බව අවබෝධ කර ගෙන නොසිටීමයි.

කෙසේ වෙතත් රාජපක්ෂ මාපියාව පලවා හැරීමට පෙරමුණ ගැනීම ගැන මාදුළුවාවේ සෝභිත හිමිට   කෘතඥවෙන අතරම  ඉදිරියට එන සටන් වලදී  උන්වහන්සේ ගේ සහය නොතිබීම ගැනවත් ජාතියක් වශයෙන් අප කණගා‍ටු  විය යුතුය.

14 comments:

  1. බුකියේ... බ්ලොගේ .... ජඩ මාධ්යේ .....
    ඊළඟ මාකටින් බයිට් එක .....
    නාගවිහාරේ සොබිත හිමියි.....
    අඬාපන් . සතුටුවෙන් ... ලියාපන් .......

    ReplyDelete
  2. මම දැකපු ආකාරයට මේ වන තෙක් සෝභිත හාමුදුරුවන්ගෙ අපවත්වීම ගැන ප්‍රීතිය පළ කළ අයගෙ නම් ලැයිස්තුව පහත.

    1. යසනාත් ධම්මික බණ්ඩාර (මෙයා ගැන කීප දෙනෙක්ම ලියලා තිබුණා.)
    2. චතුෂ තුෂර කුමාර (සෝභිත හාමුදුරුවො අපවත් වෙන්න පෙර සිටම ගූ කතා ලියපු කෙනෙක් මෙයා.)
    3. දසුන් වානගුරු (සෝභිත හාමුදුරුවන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළ දුන්නා කියලා ලියලා තිබුනා.)
    4. හර්ෂ නෝනිස් (මෙයත් දිට්ඨ ධම්ම වේදනීය කර්ම කතාවක් ඇදගෙන තිබුණා.)
    5. මරුවා - අන්තිම ජඩ කතාවක් කියලා තිබුණා. (මම දන්න තරමින් මේ බ්ලොග් එක ලියන්නෙ චතුෂ තුෂර කුමාර.)

    මේ නම් ටික පළ කරන්නේ අප අතර සිටින තිරිසනුන් අනෙක් අයට අඳුනා ගැනීම පිණිසයි. තව නම් තියෙනවා නම් එකතු කරන්න.

    ReplyDelete
  3. // මරුවා - අන්තිම ජඩ කතාවක් කියලා තිබුණා. (මම දන්න තරමින් මේ බ්ලොග් එක ලියන්නෙ චතුෂ තුෂර කුමාර.)//

    ගොන් පාර්ට් දාන්න එපා ඔයි. අන් එනවද කියල බලහන් ......බුහාහාහා !!!!

    ReplyDelete
    Replies
    1. මරුවා ලියන්නේ චතුෂයා තමයි. ලයින් එකෙන් හා භාශා ශෛලියෙන් ලේසියෙන් කියන්න පුළුවන්. ඔය වගේ වෙන ජඩයෙක් නෑ.

      Delete
    2. උඹට ලයින් එකයි භාශා ශෛලියයි ක්ලික් උණාට ඒවගේ තියෙන කරුණු මොනවත් ක්ලික් උනේ නෑ නේද ? සිරිකොත වෙනුවෙන් කොමෙන්ට් කොටන ඔක්කොම උඹ වගේ පුන්නක්කු බුදිනඋන්දබන් ??

      Delete
    3. මරුවා යනු කොළඹ වාම දේශපාලනය සහ මාධ්‍යකරුවන් ගැන හොඳ දැනුමක් ඇති අයෙකි. ච.තු. කුමාරට වඩා දශකයකට වඩා වැඩිමහල් අත්දැකීම් ඇති බව පෙනේ.

      Delete
  4. සර්වබලධාරී උත්තමයන්ට කත් ඇද කාර් පර්මිට් සමඟ සුඛ විහරණය පැතු හිමිවරුන් බහුල රටේ කිසිදු මුරණ්ඩු රජයකට පාවඩ නොදැමූ හිමියනි, හැමදාම බලය නැති පැත්තට උරදී හදිසියේ යන්න ගියේ ඔබගේ හඬ අවශ්‍යම අවස්ථාව අවසන් වුනා කියාද?

    ReplyDelete
  5. සෝබිත දේශපාලන ක්‍රියාකාරියෙක්. ඉතින් ආගමික ගෞරව දෙන්න බැහැ. ආදරේ උන් ආදරේ වගේ මළ පැන්න එකා බනිනවා. අනිත් දේශපාලකයින්ට බනින්න හැකිනම් මෙයාට බනින්න බැරි ඇයි?

    සුජීව කොකාවල

    ReplyDelete
  6. කිව්වත් වගේ අදට වඩා හෙට හාමුදුරුවන්ගේ හඩ ඕනේ වෙන්න තිබ්බා.කොහොම වෙතත් මාරට නොබියව ඉස්සරහට ආපු එකම ඇති.

    ReplyDelete
  7. ඉන්න නරක උන් එලවීමේ අභිලාෂයෙන් පමණක් වැඩකිරීම ලංකා දේශපාලනයේ බලාපොරොත්තු කඩ නොවී සිටීමේ මාර්ගයයි. ඉන් පසු එන එවුන් ගැන බලාපොරොත්තු තබාගෙන සිටීම හාට් ඇටෑක් සෑදීමට තුඩු දිය හැක.

    2010-2014දක්වා තිබූ රජ පාලනය වෙනස් කිරීමේ සතුට පමණක්වත් උන්වහන්සෙට ඉතුරුවෙන්න ඇති යයි හිතනවා.

    ලංකාවේ කොයිතරම් දැඟලුවත් ලොකු හොඳක් කරන්න බෑ. පොඩි ප්‍රමාණාත්මක හොඳක්
    ( ඇත්තෙන්ම අඩු නරකක් ) තමයි ලැබෙන්නේ. ඒත් ඒ පොඩි දේ ලබාගන්න ඉහල ඉලක්කයකින් සටන් කරන්න ඕනෑ. ඉහල ඉලක්කය නොලැබුනා කියලා අර සටන් කිරීම සම්පූර්ණයෙන් නිශ්ඵල වෙන්නේ නෑ.

    මේක සිරි ලන්කාව මේකෙ මිනිස්සුන්ට ගැලපෙන ගානකට තමයි හොඳ ලැබෙන්නේ. ඇත්ත යහපාලනයක් මේ රටේ බහුතරයකට ඕනෙත් නෑ, උන් ඒකට සුදුසුත් නෑ, ලැබෙන්නෙත් නෑ .
    ඒත් යහපාලනය යහපාලනය මතුරමින් සටන් කිරීමෙන් රජ පාලනයක් වෙනස් වුනා.

    චන්දෙන් පත්වුන ජනාදිපතියෙක් රජෙක් කියලා මාකට් කරල ජනතාව අන්දවන රිලා සෙට් එකක් නැතුව දැන් සරල බව මාකට් කරල ජනතාව අන්දවන එකත් ප්‍රමාණාත්මකව අඩු නරකක්.

    (වෙලාව නැති නිසා වෙන පෝස්ට් එකකට මං දාපු කමෙන්ට් එකක් මෙතන පේස්ට්කලා. )

    ReplyDelete
  8. දන්නෙ නැති නිසය් අහන්නෙ විදෙෂිකයෙකුට විසා නැතුව කාළයක් ඉන්න හැකි මොන රටෙද?

    ReplyDelete
  9. Maduluwawe sobitha swamin wahanseta mole kaladak nethi mee harak rela kumak keewath kamak netha. me rate buddimathun siyalu denama dannawa sobitha swamin wahansege watinakama. mahinda sarana yannata dangalana unta eththe palal vichara seeli buddiyak novei. lokaye nodiyunu kalaye puddgala wandanawe giya akarayata mahinda wandanawe yanna. BUDU RADUNTATH gal peralapu thirisanun hitiya nam mewage thuttu deke manasika leddu monawa nokaraida ? BALLO BIRUWATA KADU PATH WENNE NEHE. Sobitha swamin wahanse budda puththrayeku hein ballan ballo kiya denagena thamai Sadarana samajayak ethi kireeme satanata besse. JANATHA SATANA JAYAKGRAHANAYA DAKWA GENA GIYA OBA WAHANSETA AMA MAHA NIWAN SUWA ATH WEWA !!!!!

    ReplyDelete