මිනිහෙක් වුනාම විලි ලැජ්ජාවක් කියා දෙයක් යම්තමින් හෝ තිබිය යුතුය. යමෙක් දේශපාලකයෙක් වන විට එය සාමන්‍ය මිනිසුන්ටත් වඩා තිබිය යුතුය.
කලබල නොවන්න... මම සැරසෙන්නේ ඊනියා පාද හා රෝදයාත්‍රාවලින් කොළඹ බලා එන කට්ටිය ගැන නෙවේ.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගුප්ත විද්‍යාවන්හි ඇලී ගැලී සිට එම නිසාම පාරාජිකා වී දැන් පාදවල දිය පට්ට එනතෙක් තම අනුගාමිකයන් පයින් ඇවිදවන්නේය.ඔවුන් කැමතිනම් අපිට මොකද?
මම මේ කතා කරන්නේ , එම්.බී.බී.එස්. වෛද්‍ය උපාධියක් සහිත වෛද්‍ය වරයෙක් ද , පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද වන , ඊටත් වඩා තරුණයෙක් ද, දේශපාලන අඹරේ නැගී එන තරුවක් වශයෙන් තමන්වම හඳුන් වා ගනු ලබන්නාවූද, කලක් මාධ්‍ය ක්ෂේත්‍රයේ පිනුම් ගැසූ පුද්ගලයෙකු වන්නා වූද බුද්ධික පතිරණ ගරු මන්ත්‍රී තුමා ගැනය.
කට්ට කපටි කයිරාටිකයන් විසින් මෙරට අසරණ ජනතාව ජ්‍යෝතිෂ, නක්ෂස්ත්‍රය බඳු තිරශ්චීන විද්‍යාවන් මගින් මුලාවේ හෙලීම කලක සිට පැවතුනද , මෑත කාලයේ දී එය වසංගතයක් බවට පත්ව තිබේ.
අද , හැම මගුලටම බෝධි පූජා මල් පූජා, පහන් පූජා, ආදි වශයෙන් කියමින් ගිහි පැවිදි දෙපාර්ශවයේම කපටින් විසින් ජනතාව ගසා කමින් සිටියි. විභාග කාලය ලංවන විට බෝධි පූජා දේව පූජා ,ආදිය නිල වශයෙන්ම සංවිධානය කරනු ලබයි.
දේශපාලකයින්ගේ හා ජනමාධ්‍යවල වගකීම වන්නේ මෙම අන්ධ විශ්වාසවලින් ජනතාව මුදාගෙන ඔවුන්ගේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් සොයා ගැනීමට මග පෙන්වීමයි. එහෙත් එම තක්කඩින්ද ජනතාව තව තවත් අඳුරට යොමු කර දුක්ඛිත භාවයේ පතුලටම ගිල්වමින් සිටිති.
දුගී බවටත්, අන්ත අසරණ බවටත් ඇද දමා තිබෙන ජනතාව තම ප්‍රශ්න වලින් ගොඩ ඒමට වෙන කිසිම මගක් නොදක්නේ මෙම ගර්හිත විද්‍යා වන් කෙරේ ඇලෙති.
සරසවි වල පවත්නා සීමිත අවස්ථා ප්‍රමාණය වැඩි කරගැනීම සඳහා පෙල ගැසීම වෙනුවට සිසුන් ගණදෙවි පූජා සඳහා පෙල ගැසීම දේශපාලකයා පැත්තෙන් ගතහොත් ලොකු සහනයකි. රෝහල්වල අඩු පහසුකම් නිසා නිසි ප්‍රතිකාර ලබා ගත නොහැකි තම ඥාතියා වෙනුවෙන් අරගල කිරීම වෙනුවට ඔවුන් බෝධීපූජා සඳහා පෙලගැස්වීමට හැකිනම් ඉතා අගනේය.
එමනිසා බුද්ධික පතිරණ මන්ත්‍රිවරයාගේ ක්‍රියාව මොන්ටිසෝරි වැඩක් නොවන බව නම් පැහදිලිය.
අද දින සංවිධානය කර තිබූ ගණදෙවියන්ගේ අති විශේෂ විභාග පෑන් බෙදීම හා විශේෂ ආශීර්වාද ගණදෙවි පූජාව අප දැකිය යුත්තේ එලෙසය.
සටහන- කපටි කපුවෙක් විසින් ජීවම් කර දුන් තෙල් තම පෑනට දමාගෙන විභාගය ලිවීමට ගොස් අමාරුවේ වැටුණු සිසුවෙක් ගැන වූ කෙටිකතාවක් කලකට ඉහත කියවූ බව මතකය.