Saturday, April 6, 2013

2032 ජනාධිපතිවරණ සටනින් ඇසුණු කතා




"ජේ. ආර්. ගෙ පේ‍්‍රමදාසගෙ පුත්තු වගේ නෙවෙයි අපේ රාජපක්ෂ ජනාධිපති තුමාගෙ පුතා නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමා. එතුමා උම්බලකඩ කෑල්ලක්වත් කන්නෙ නැති හොඳ කෙනෙක්. 

නාමල් රාජපක්ෂ හොඳ දර්ශනයක් වැඩපිළිවෙළක් තියෙනවා. නාමල් මහත්තයා ගැන මේ වගේ වැරදි වැටහීම් විපක්ෂය අද සමාජගත කරලා තියෙනවා.

දවසක් මගෙන් තරුණයෝ පිරිසක් අහනවා නාමල් මහත්තයා වැඩිපුර බොන්න කැමැති මොනව ද කියලා. මම ඇහුවා ඒ මොනවා ද කියලා. දන්නවා ඇතිනේ නාමල් මහත්තයා බොන්නෙ මොන වර්ගයේ අරක්කු ද කියලා කියනවා. 

මම කිව්වා නාමල් මහත්තයා අරක්කු බොන්නෙ නෑ කියල. ජනාධිපතිතුමාගේ පුතා බොන්නෙ නෑ. පුදුමයෙන් වගේ ආයතේ මගෙන් ඒ අය අහනවා. නාමල් උම්බලකඩ කෑල්ලක්වත් කටේ තියන්නේ නෑ කියලා මම ඒ තරුණ පිරිසට කිවුවා. 

නාමල් මහත්තයා ගැන මේ වගේ වැරදි දේවල් අද සමාජගත කරලා තියෙන්නේ’ යැයි කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය."

සටහන1 - අරක්කු නොබොන තුන් ගොල්ලක් සිටී. අරක්කු පහල වැඩි අය , අරක්කු ඉහල වැඩි අය හා මත් පැන් නොබොන අය වශයෙනි. අරක්කු පහල වැඩි අය බොන්නේ විස්කි, බ්‍රැන්ඩි හා ජින් ආදියයි. අරක්කු ඉහල වැඩි අය ගමේ බඩු නොහොත් කසීප්පු බොයි.


සටහන 2- උම්බලකඩ කෑමද එලෙසමය. උම්බලකඩ ගන්නට සල්ලි නැති අය හා උම්බලකඩ මල ජරාවකැයි හිතන අයය. අපිනම් කොච්චර අහිංසකද කිව්වොත් කන්නේ හා මස් විතරයි .



9 comments:

  1. අපිනම් කොච්චර අහිංසකද කිව්වොත් කන්නේ හා මස් විතරයි .

    like it

    ReplyDelete
  2. මා ද අරක්කු නොබොමි. කසිප්පු ද නොබොමි.

    ReplyDelete
  3. රටම කාලා තියෙනවා මදැයි.ඔය නම් ගම් වත් මතක් කොරන්න එපා.

    ReplyDelete
  4. රාත් එක්ක මයියොක්කා නේද?

    ReplyDelete
  5. අපිනම් කොච්චර අහිංසකද කිව්වොත් කන්නේ හා මස් විතරයි .
    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  6. අපිට පිස්සු ඔයි!
    හැටි කියලත් හිතෙනවා ඔයි!

    ReplyDelete
  7. හා මස් කිව්වෙ හම ඇරල පැකට් කරල අධි ශිතකරනයේ එන ඒවාද?
    මම නම් කන්නෙම අමාරුවක් නැතිව අල්ල ගන්න පුළුවන් "කිරි ඉබි"මස්.

    ReplyDelete
  8. 1. 2032 ජනාධිපතිවරණ සටනින් ඇසුණු කතා

    2. ජනාධිපතිතුමාගේ පුතා බොන්නෙ නෑ.


    3. නාමල් මහත්තයා ගැන මේ වගේ වැරදි දේවල් අද සමාජගත කරලා තියෙන්නේ’ යැයි කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය.

    ReplyDelete
  9. අපිනම් ඉතින් බොන්නේ ගල්. බයිට් එකට සෝයාමීට්. මොනා කරන්නද ආර්ථිකේ අවුලනේ.

    ReplyDelete