Tuesday, April 2, 2013

දේශප්‍රේමින්ට අනගි අවස්ථාවක්




ඔබ දේශ ප්‍රේමියෙක්ද ?

එසේනම් පහත ප්‍රශ්න වලට පිළිතුරු දී වටිනා තෑගි දිනා ගන්න.

ඔබ දේශප්‍රේමියෙක් නම් දැන් ම ඉදිරිපත් වෙන්න.මේ වටිනා අවස්ථාව පැහැර හරින්න එපා.දේශප්‍රේමින්ට පමණයි


1. ඉහතින් දැක්වෙන ගොඩනැගිල්ල ඇත්තටම කුමක්ද?

2. එය සෑදිමට ඇත්තටම වියදම් වූ  මුදල කොපමණද?

නිවැ‍රැදි පිළිතුරු එවන සියලු දේශප්‍රේමින් හට සිය පවුල සමග ඩිස්නිලන්තයේ චාරිකාවක්.

සැ.යු- ඔබේ පිළිතුර සමග ඔබ සැබෑ දේශප්‍රේමියෙක් බවට දේශහිතේෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකරගෙන් හෝ එහි ලේකම් වසන්ත බණ්ඩාරගෙන් ලබා ගත් සහතිකයක් ඉදිරිපත් කළයුතුය. ජාතික හෙළ උරුමයේ දේශප්‍රේමි සහතික දැන් වලංගු නැති බවද කරුණාවෙන් සලකන්න

11 comments:

  1. ලක්‍ෂ තිහකට විතර කරලා දෙන්න බලන්නම්!

    ReplyDelete
  2. 01) දියන්නා ඔය අසබඩ කෝට්ටේ පාරට මූණලා පිහිටි කෙසෙල් කොළ බස් නැවතුම.
    02) ලක්ෂ 25-30 විතර.

    http://www.facebook.com/photo.php?fbid=488598837843189&set=a.481839858519087.96584.446481418721598&type=1&theater

    ඩිස්නිලන්තයේ චාරිකාවේ බරපැනත් බස්නැවතුමටම එකතු කරනවානම් ගාන තවත් වැඩි හොදේ....

    ReplyDelete
    Replies
    1. 1) 2012 දෙසැම්බර් 06 දින පාර්ලිමේන්තු විමල් විසින් ඒ ගැන වමාරා ඇත. ඔහු නම් කියා ඇත්තේ ලක්ෂ 17 ක් බවයි. හැන්සාඩ්වල පොඩ්ඩක් අවුස්සා බලන්න.
      2) රවී කරුණානායක මහතා විසින් අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
      3 ) 2013-03-30 දින පුවත්පත් වාර්ථාකර ඇත.

      Delete
  3. ගරු විමල් වීරවංශ මැතිතුමා විසින් ඉඳිකරණ ළද අඩු වියදම් ආදර්ශ බස් නැවතුම් පොළ.

    වියදම ලක්ෂ 37 ක් පමණ. බස් නැවතුමට ලක්ෂ 17 ඉතිරිය හදාපු බාස්ලට. (අද ගෙයක් හදන කොටත් වැඩි වියදමක් යන්නේ ලේබර් වලට මේයා.)

    සහතිකය - පැසන් බග් ප්‍රහාරයේ සැකකරුවෙක් ලෙස උසාවියට ඉදිරිපත්වී නිදහස ලබා ගතිමි.

    ReplyDelete
    Replies
    1. උසාවි තීරණ ගැන අපේ තැකීමක් නැත. කරුණාකර අදාල සහතික ඉදිරිපත් කරන්න. නැතහොත් ඔබ දේශද්‍රෝහියෙක් වශයෙන් සැලකීමට සිදු වේ.

      Delete
  4. පුද්ගලිකව මටනම් නිර්මාණයක් වශයෙන් කෙහෙල් කොලේ බස් හොල්ටුව ඉතා ඉහලයි. වැයකළ මුදල සම්බන්ධව පැහැදීමක් නැ වගේම ඒගැන ඇස්තමේන්තුවකට එන්නත් අමාරුයි. නමුත් 'think outside the box' යන්න මම සිටින ක්ශේස්ත්‍රය අනුව විසල වටිනා කමක් තියන වැඩක්. ගතානුගතික සමාජයක් තුල එසේ සිතීමත් ලොකුදෙයක්.

    ප.ලි
    කඩේ යන්න සහතික මොටද මෙයා.

    ReplyDelete
  5. ගෘහනිර්මාණ ශිල්පීය වශයෙන් වුවත් මෙය අසාර්ථක බව මගේ හැඟීමයි. මෙයින් සුලං සහිත වැස්සට කිසිම ආවරනයක් ලබා ගත නොහැකියි.

    ReplyDelete
    Replies
    1. ගෘහ නිර්මාණය සහ කළාව අන අංශ දෙකෙන්ම මෙය අසමත්ය.

      රාජගිරිය පාරේ තිබුණ A/C කළ බස් නැවතුමට මොක ද වුනේ. මා සිතන්නේ එය පවත්වාගෙන ගිය අබාන් ආයතනයටවත් මේ තරම් ලොකු වියදමක් යන්න නැතිව ඇති.

      Delete
  6. aparade mat chance eka mis wela..

    ReplyDelete