Friday, April 19, 2013

නොමිලේ කොන්ඩම් ලබා දියව්



විදුලි බිලට කෙලවා තිබේ. පොඩි මිනිහා නැත්තට නැති වෙන්නටම කෙලවා තිබේ. වැඩි කරන්නේ 60%  කිව්වත් ඒකක 90 ට වැඩියෙන් එක ඒකකයක්වත් ගියොත් වැඩිවීම 100% විතරය.පොඩි එකාට එහෙම කෙලිද්දි ඒකක 900 පාවිච්චි කරන සල්ලි කාරයාගේ වැඩි වීම 3% විතර සොච්චමකි. ඉස්සර හිටි සරදියෙල්ලා රොබින් හුඩ්ලා පොහොසතාගෙන අරගෙන දුප්පතාට බෙදුවත් දැන් ඉන්න සොරදියෙල්ලා දුප්පතාගෙන් අරගෙන පෝසතාට බෙදයි.

ඒකක 90 ට රේට් එක රු. 8.50 ය.ඒකක 91 ට රේට් එක රු.15ක්ය. ඉස්සර නම් තිබුනේ  ඒකක 90 ට යනකම් 8.50 අරගෙන වැඩි වන එකට විතරක් 15 ගානේ ගන්න ක්‍රමයක්ය.අලුත් සොරදියෙල් ක්‍රමය අනුව මුලු ඒකක 91 ටම ගාස්තුව රු. 15 ගානෙය. ඒ සමීකරණයට කියන්නේ කොස්තා -රාජපක්ෂ ප්‍රමේය කියලාය.

කොස්තා කලින්  කිව්වේ බිල වැඩි කිරීමට කලින් මහජන අදහස් අහලා ඒ අනුව කටයුතු කරනවා කියලාය. දැන් ඔය කරලා තියෙන්නේ මහජන අදහස් අනුව වෙන්නට ඕනෑය.

නැව් නො එන වරායවල් හදන්ට, ගුවන් යාන නො එන ගුවන් තොට හදන්ට, නෙලුම් පොකුනු, නෙලුම් කුලුනු, හදන්ට, හැමදාම කැඩෙන බලාගාර හදන්ට, කුනු තෙල් ගේන්ට, ප්ලේන් පිටින් ගෝලබාලයෝ පුරවගෙන රට සවාරි යන්ට, පාරවල් වහලා කාර් රේස් තියන්ට, අල්ලපු ගෙදරට යන්ටත් හෙලිකොප්ටර් පාවිච්චි කරන්ට , ඕනෑ කරන  රුපියල් කෝටි දහස් ගනන් වියදම් පියවන්ට අය කරන්නේ එදා වේල පිරිමහන වැලේ වැල් නැති දුප්පතුන්ගේ තුට්‍ටු දෙකට කෙලලාය.

තමන්ගේ බොක්කේ පතුලටම කෙලපු මේ වගේ වෙලාවකවත් ජනතාව පාරට බහින්නේ නැතිනම්, විරෝධය දක්වන්නේ නැත්නම් ඒ ජනතාවට මක බෑ වෙලා ගියාට කමක් නැත.

ඒවගෙම මේ වගේ වෙලාවකවත් ඇඟට දැනෙන උද්ඝෝෂණයක් කරගන්ට බැරි විපක්ෂයට කියන්ට තියෙන්නේ අඩු ගානේ එක ගෙදරකට කොන්ඩම් පැකට් එක ගානෙවත් නොමිලේ අරං දෙන්ට සටන් කරන්ට කියලාය. නැත්නම් කරුවලේ ජරමරේ වී ජනගහණය වැඩිවෙන්ට පුලුවන.අනික විදුලි බිල වැඩි වී තිබෙන විදියට කොන්ඩම් මිලත් සෑහෙන්ට ගනන් යන්ට ඉඩ තිබේ.

සටහන- එහෙම කිව්වාට මේ අහිංසක මෝඩ ජනතාව ගැන මගේ හිතේ අනුකම්පාව පිරිලාය. ඒක නිසා ජනතාවට පුංචි උපදේශයක් විදියට කියන්ට තියෙන්නේ ලයිට් නැතිව අඳුරේ ඉන්න වෙලාවට කනා මැදිරි එලියක්වත් හොයා ගන්ට කියලාය.



13 comments:

  1. අම්මපා බං... මේ ලියන්න හිත හිත හිටපු එකක් උඹ ලියලා තියෙන්නේ.. මං හිතන්නේ මේක බොබසේ එකේ තවත් එක ජයග්‍රහණයක් වෙන්නැති... රටේ මිනිස්සු ඉන්දියාවෙන් ගෙන්නපු මෙගා නාට්ටි බලාගෙන ( හෝ ලංකාවේ හදපු ඒ වගේ ඒවා බලාගෙන) ළමයි හදන්නේ නැතුව ඉන්න නිසා මේ දැන් කොරලා තියෙන්නේ වැඩේ... දැන් බලපල්ලකෝ මෙගා නාට්ටි.... 7ට විතර ලයිට්, ටීවී, ඔක්කොම ඕෆ් කරලා ගිහින් බුදියගනිල්ලා... ළමයි හදපල්ලා....

    ජයවේවා... අලුත් අවුරුද්ද සුබ වේවා....! ?????

    ( අදමයි ආවේ මේ පැත්තේ... හි හි)

    ReplyDelete
    Replies
    1. වලාමේ අපි එත් බැලුව මොකද මේ මඩපුවක් ගද කියල.....
      ආ මේ ඔයා ඇවිල්ලනේ
      හි..හි ...

      Delete
    2. මඩපුවක් ගඳ අල්ලාගත්තේ අර විචාරක මහත්තයාගේ බ්ලොග් එකෙන් නේද?

      Delete
    3. කවුද බන් විචාරක??? ඌ කොහොමද බන් මහත්තය උනේ???

      Delete
  2. ඔය විදුලි බිල වැඩි කොරල ඇත්තෙනම් සිංහල ජාතිය වැඩි කිරීමේ අදහසින් බවනම් සහතිකය.
    මචං සාර ඇමෙරිකාවට ගොස් ඇත්තේ ඔබාමාට ඒ බව දැන්වීමටය.
    බිල වැඩි වෙන්න ටික දොහකට කලින් ඉදල රේඩියෝ වල මෙහෙම යනවා "වසර 40 ක විශිෂ්ට සේවාව.පැකට්ටුවක් රු.40/=යි.Preethi" කියල.
    ඇමෙරිකා ඉදන් ආපු ගමන් මේකට විරුද්ධව පාරට බහිද මන්ද.

    ReplyDelete
  3. කතාවානම් හරියට හරි,

    ReplyDelete
  4. මෙව්වට නැගිටින්න මිනිස්සු ඉම්පෝර්ට් කරන්න වෙනව... මෙහෙ නම් නෑ...

    ReplyDelete
  5. දකුනේ දේසපාලන වෙනස්කම් කරවාගන්න ප්‍රබාකරන් නැති දවසක අනේ කියන්න සිංහලයාට වෙන බව වික්ටර් අයිවන් උතුමා 2005 කාලිංග නමින් අපූරු අනාවැකියක් ලියලා තිබුනා නෙ ආයීබෝං.

    ReplyDelete
  6. උද්දමනය රෑ ඇඳට නැගලා නේද අප්පා. සාමාන්‍ය මිළ ප්‍රසාරනය ඩබොල් ඩීජිට් වෙන්නේ මෙහෙමයි.

    ReplyDelete
  7. අවුලක් නෑ. මට නම් අමතර ආදයම් මාර්ගයක් මේක. ගෙදර තියෙන ඔක්කෝම විදුලියෙන් ක්‍රියාත්මක කරන (ගෙවලා ගෙවලා සින්න කර ගත්ත.) භාන්ඩ ඔක්කෝම විකුණලා දාලා. අමතර ආදායමකුත් හොයාගෙන, නිර්ධන පන්තියට ආයෙමත් ගියා. දැන් ජීවීතය සරළයි. නිවන් යන්න ලේසියි.

    ReplyDelete
  8. කොන්ඩම් බෙදන්න බෑ BBS එකෙන් මරාවිනෙ යකෝ...

    ReplyDelete
  9. විපක්ෂ පාරට බසින්න, ජනතාව විපක්ෂ උද්දීපණය කරන්න, ජනතාව තුළින් පීඩනයට එරෙහිවීම සඳහා කිසිදු උනන්දුවක් නැති බව ද පෙනෙනවා....

    ReplyDelete
  10. තමන්ගේ බොක්කේ පතුලටම කෙලපු මේ වගේ වෙලාවකවත් ජනතාව පාරට බහින්නේ නැතිනම්, විරෝධය දක්වන්නේ නැත්නම් ඒ ජනතාවට මක බෑ වෙලා ගියාට කමක් නැත.
    ++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete