Thursday, April 4, 2013

කුණු බිත්තර හා නානසාර



අයි.පී.එල් තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට කුණු බිත්තර වලින් පහර දෙන  බවට ගලබොඩාත්තේ ඥාණසාර නම් චීවරධාරියෙක් තර්ජනය කර තිබේ.

හරිම අපූරුය. දැන් සියලු ශ්‍රී ලාංකිකයන්ට ජීවත් වීමට සිදුව ඇත්තේ මේ උමතුවන් ‍රැල කියන පරිදිය.මේ පිස්සු ජාතිවාදින් ‍රැල  ලාකීය ජනජීවිතයේ සෑම අංශයකටම අත දමමින් සිටිති. ගවමස් මඩුවේ සිට නිදන කාමරය දක්වා තම බල පෑම පැතිරවීමට ඔවුන් උත්සාහ කරමින් සිටී. අප මේ ගැන මීට ප්‍රථමයෙන්ද ලියා ඇත්තෙමු.

අයි.පී.එල්. තරඟාවලිය යනු තනිකරම මුදල් මත පදනම් වූ කිසිම ක්‍රීඩාවේ තිබිය යුතු ගුණාංග කිසිත් නැති හෝ ඉතාම අඩු එකකි  .ලෝකයේ සිටින ඉතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් එයට සහභාගි වන්නේ මුදල් වෙනුවෙනි. ඒ ගැන කතා දෙකක් නැත.සියල්ල මුදලය විකිණෙන ලෝකයක ක්‍රිකට් පමණක් එසේ නොවී තිබීමට හේතුවක්ද නැත.මේ සියල්ල වෙනම කථාය. ඒ ගැන වෙනම කතා කල හැක.

ක්‍රීඩකයන් අයි.පී.එල් යන්නේ ඔවුන්ගේ පෞද්ගලික කැමත්ත පරිදිය. සංවිධායකයන් ඔවුන් ‍තෝරාගත් නිසාය. දැන් ඔවුන් තරඟ සංවිධායකයන් සමග ගිවිසුම් අත්සන් කර තිබේ. එම ගිවිසුම් වලට ගරු කිරීමට ඔවුන් බැඳී සිටිත්. බො.බ.සේ හි පිස්සු පූසන් කී පලියට එම ගිවිසුම් ඉරා දැමිය නොහැක.

ඉන්දියාවට ක්‍රීඩකයින් නොයැවිය යුතු නම් එම තීරණය ගත යුත්තේ රජය මගිනි. කුණු බිත්තර කරුවන් නොවේ.ඉන්දියාව සමග හෝ වෙනත් රටක් සමග ප්‍රශ්නයක් ඇත්නම් එය විසඳා ගත යුත්තේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් මිස කුණු බිත්තර හෝ ලෙමන් පෆ් වලින් නොවේ.මෙවනි අන්තර්ජාතික ප්‍රශ්න කුණු බිත්තර වලින් ප්‍රශ්න විසඳන්නට උත්සාහ කරන්නේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන්  විසඳා ගැනීමට බුද්ධිය නැති උන්ය.

අනිත් අතට ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම හොඳ නැත්නම් දඹදිව වන්දනාවේ යාමත් තහනම් කර ඉන්දියාවේ සරසවි වල ඉගෙන ගන්නා දහස් ගණනක් වූ ලාංකීය සිසුන්ද වහාම ආපසු කැඳවිය යුතුය. ඉන්දියාවේ පිහිටි ලංකා මහ කොමසාරිස් කාර්යාලයද වසා දැමිය යුතුය.ක්‍රිකට් ක්‍රීඩකයන්ට කුණු බිත්තර ගැසීමට පෙර මේවා කරන මෙන් බො.බ.සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතුය.

මෙහි සැලකිල්ලට ගත යුතු වැදගත්ම කරුණ වන්නේ ගලගොඩ අත්තේ ඥාණසාර ක්‍රිකට් ක්‍රීඩකයින්ට කුණු බිත්තර ගසන බවට ,එනම් ශාරිරිකව හිංසා කරන බවට කර ඇති තර්ජනයේ නීතිමය පැත්තයි. මෙය දණ්ඩ  නීති සංග්‍රහය අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.

ඔහු මේ කථාව විහිලුවට කී කතාවක් නොවේ. මෙම පුද්ගලයා මීට ප්‍රථමයෙන් නුවරදී කතාවක් කරමින් ෆැෂන් බග් හා නෝ ලිමිට් ආයතන තුල සිංහල තරුණියන් දූෂණය කරනවා යැයි කල තර්ජනය කෙලවර වූයේ පැපිලියාන ෆැෂන් බග් ආයතනයට පහර දීමෙනි.

මිනිසුන්ට මෙසේ තර්ජනය කරමින්, පහරදෙමින් හැසිරීමට මෙම කුණු බිත්තර බඳු උම්මත්තකයින්ට ඉඩ දුනහොත් එය අවසන් විය හැක්කේ 83 බඳු මහා ඛේදවාචකයකිනි. එය නැවත්වීමට පෙරමුණ ගැනීම සිහි බුද්ධිය ඇති සැමගේ අනිවාර්ය වගකීමකි.









10 comments:

  1. //ඉන්දියාවට ක්‍රීඩකයින් නොයැවිය යුතු නම් එම තීරණය ගත යුත්තේ රජය මගිනි. කුණු බිත්තර කරුවන් නොවේ.ඉන්දියාව සමග හෝ වෙනත් රටක් සමග ප්‍රශ්නයක් ඇත්නම් එය විසඳා ගත යුත්තේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් මිස කුණු බිත්තර හෝ ලෙමන් පෆ් වලින් නොවේ.මෙවනි අන්තර්ජාතික ප්‍රශ්න කුණු බිත්තර වලින් ප්‍රශ්න විසඳන්නට උත්සාහ කරන්නේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් විසඳා ගැනීමට බුද්ධිය නැති උන්ය.

    අනිත් අතට ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම හොඳ නැත්නම් දඹදිව වන්දනාවේ යාමත් තහනම් කර ඉන්දියාවේ සරසවි වල ඉගෙන ගන්නා දහස් ගණනක් වූ ලාංකීය සිසුන්ද වහාම ආපසු කැඳවිය යුතුය. ඉන්දියාවේ පිහිටි ලංකා මහ කොමසාරිස් කාර්යාලයද වසා දැමිය යුතුය.ක්‍රිකට් ක්‍රීඩකයන්ට කුණු බිත්තර ගැසීමට පෙර මේවා කරන මෙන් බො.බ.සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතුය.//

    ++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. ඇයි අයි පී එල් විතරක්, ඔලිම්පික් නෙමෙයි අවුරුද්දට ගම හරහා දුවන්නෙත් රුපියල් 100 ක් හෝ බලාපොරොත්තුවෙන්. ඉස්කෝලේ විතරයි මම හිතන්නේ සහතිකේකට දුවන්නේ. ඒත් දෙමව්පියන්ගෙන් හරි ගමෙන් හරි ගුරුවරුන්ගෙන් හරි අල්ලසක් බලාගෙන දුවන්නේ. නානසාර මේ කොල්ලන්ට කුණු බිත්තර නොගහ, ඔය හිල්ටන් එක ඉස්සරහා ගහන ක්‍රිෂ් එක ගහන්න එපා. සාම්පූර් එපා, අයි ඕ සී එපා. ලේලන්ඩ් බස් එපා, බජාජ් ට්‍රයිෂෝ එපා, බුද්ධගයාවත් එපා. තොපේ එකෙක් දුන්න බුද්ධාගමත් එපා යකෝ, අපි හෙළිවැල්ලෙන් ඉන්නවා කියලා සිවුරත් ගලවලා විසි කරලා දැම්මනම් ඉවරනේ.

    ReplyDelete
  3. මෙය ගලබොඩ අත්තේ හිමියන් කල ප්‍රකාශයක් නොව රාවණා බලය සංවිධානයේ හිමිනමකගේ ප්‍රකාශයකි.පුවත් නිවැරදිව වාර්තා කරන්න.

    ReplyDelete
    Replies
    1. කඩේ යනකොට පන් මල්ලක්වත් අරං යන්ඩ මල්ලි/අයියා/අක්කා/නංගී/
      මේ වාර්තාව ඔහෙලාගෙම සීනිව්ස් එකෙන්
      "තමන්ට ලැබෙන මුදල් කුට්ටිය ගැන සිතා තමිල්නාඩුව ඊළමක් බිහිකිරීමට උත්සාහා ගන්නා මේ අවස්ථාවේ ජාතිය පාවා දී රෙදි ගලවා නොගන්නැයි ද එසේ සිදුකොට කටුනායකදී කුණු බිත්තර පහර කෑමට සූදානම් නොවන්නැයිද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර නාහිමියෝ පැවසූහ පසුගියදා පන්නල නගරයේ පැවති බොදුබල සේනා ජාතික සමුලූව අමතමින් උන්වහන්සේ මේ බව පැවසූහ."

      Delete
  4. කරුණු කාරණා එක්ක එකඟයි. ඒත් මේ මහත්තුරුන්ට අමතකයිනේ එක චිට් එකෙන් කඩවල් වහපු බස් දුවන එක නවත්තපු අතීතය.ඒ කාලේ මේ මහත්තුරුඒවා ගැනත් කතා කළාද මේ විදියට.හදවතට එකගව කියන්න.අමතක කරන්න එපා දරුණු දෙයක් වෙන්නයි එන්නේ. කල්පනාවෙන් වැඩ නොකලොත් ලංකාවම අනාතයි.මේ කිව්ව දේ ගැන නිකං හිතලා බලන්න පාට කණ්ණාඩි නොදමා.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම තමන් දාගෙන පාට කන්නාඩි ගලවලා ඉන්න. ඔය මහත්තයා කියන කරුනු මෙතැන්ට අදාල වෙන්නේ කොහොමද?

      Delete
  5. charim1995@gmail.com

    ReplyDelete
  6. හැම දේටම අතීතය අතීතය කිය කියා ඉන්නෙ නැතිව අද ගැන කතා කරමු. ඒ කාලෙ ඒවාට කතා කල අය අද ඉන්නෙ සාටකය පල්ලෙ බව අමතකද ?

    ReplyDelete