Saturday, April 27, 2013

දුමින්දට සුවය දුන් හාස්කම මෙන්න





හාස්කමකින් සුවය ලැබූදුමින්ද සිල්වා අද රෝහලින් පිට වී ගෙදර යන බව ඔහුගේ අයියා ලෝකයට දැනුම් දී තිබේ.‘Haaskamkin Suwaya Lebuu Parlimenthu Manthri R. Duminda Silva heta Perawaru 11.15ta Nawaloka Rohalen Pitathwa Yai‘

මෙතුවක් දවසක් උසාවියටවත් ඒමට නොහැකි පරිදි මාරාන්තික තුවාල ලබා රෝහල් ගතව සිටි   එතුමාට ඇප ලබා දුන්  විගස සුවය දුන් හාස්කම කුමක්ද?

එසේ සුවය ලබා දුන් හාස්කම් කාරයා   කවුද?

මෙය මොලය හරවන ප්‍රශ්නයක් නොවේ. උත්තරය හරිම සිම්පල්ය.

වැඩි වූ විදුලි බිලෙන් ජනතාවට වඩා කරන්ට් වැදී දඟලන්නේ ආණ්ඩුවය. ජනතාවගේ දැඩි විරෝධය වැඩි වූ විදුලි බිලට එල්ල වෙද්දි ආණ්ඩුවේ  ඇමතිවරු ඒ ගැන වාද කරමින්  එකිනෙකාගේ බෙලි මිරිකාගනිමින් සිටිති.

මේ අසීරු වෙලාවේ ආණ්ඩුව බේරාගන්නට කුමක් කළ යුතුදැයි සිතූ එතුමානෝ වීරවංශ කැඳවා උතුරේ මැතිවරණයට විරුද්ධව තුන්වැනි ලෝක යුද්ධය පටන් ගන්නට යැයි කීවේය. වීරවංශයා ද තමන්ට ලැබුනු උපදෙස් පරිදි උතුරේ පවත්වනවා යැයි කියන මැතිවරණයට එරෙහි ව යුද්ධ ප්‍රකාශ කලත් විදුලි බිලෙන් කරන්ට් වැදී සිටී ජනතාව එය වීරවංශට ගිය දේශප්‍රේමි පඩයක් තරම්වත් ගණන් ගත්තේ නැත.

විදුලි බිලෙන් ජනයා අහකට ගැනීමට නම් මීට වඩා ආතල් හා කලම්බන නිව්ස් අවශ්‍යය.

උසාවි ඒමටවත් රෝහල් ඇ‍ඳෙන් නැගිට ගැනීමට බැරිව සිටි දුමින්ද සිල්වා ඇප ලබනවා මදිවාට හාස්කමකින් සුවය ලබා රෝහලෙනුත් පිට වී යන්නේ ඒ නිසාය.

දැන් විදුලි බිල ප්‍රශ්නයෙන්  ආණ්ඩුව බේරාගැනීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ හිරුණිකා අතය.

10 comments:

  1. හිරුණිකා නංගිටත් අමාරු වෙයි වගේ මේ පාර නම් , මොකද කරන්ට් වැදිල්ලේ හොඳම හරිය එන්නේ ඉස්සරහ දවස් ටිකේ බිල ආවාම . එතකොට නම් දුමියා මදි "දේශප්‍රේමයම" විතරයි විසඳුම , අඩුම ගානේ එන් ජි ඕ එකකට කියල මානව හිමිකම් රිපෝර්ට් එකෙක් බැන් කී මූන්ට දීගන්න වගේවත් කරගන්න වෙනවා

    ReplyDelete
  2. අනේ තව වැඩි කරන්න තියෙන බිල් ටික ..
    තව තව හාස්කම් / ආශ්චර්යන් බලගත්තෑකි ...

    ReplyDelete
  3. මුල ඉදන්ම තනි බොරුවක් කලේ.අඩුම වශයෙන් විපක්ෂය මේ මිනිහට වෙඩි වැදුනද කියන කාරණය ගැනවත් හොයන්න උනන්දු නොවීම අපේ රටේ කාලකන්නි තත්වයට හොඳ නිදසුනක්.

    ReplyDelete
  4. දැන් බලාගෙන හිටහල්ලා නාඩගමේ ඉතිරි ජවනිකාටික.තූංංංංං නොදකින්මෙහෙව් රටක අපි ඉපදුනා නෙව.
    ඇයි යකෝ මෙහෙම වෙන්නේ එතකොට නීතිය කෝ .....බල්ලොන්ට ගිය රටක කුක්කන්සේ තවත් ඉමුනේ...

    ReplyDelete
  5. http://1.hidemyass.com/ip-8/encoded/Oi8vbGFua2FlbmV3cy5jb20vU2luaGFsYS9uZXdzLnBocD9pZD0yMjQwMg%3D%3D

    ReplyDelete
  6. මේක තනිකර ම නාටිටියක් බොලව්..
    හොඳට රඟපල්ලා!!

    ReplyDelete
    Replies
    1. පලයන් කොනකපාලය යන්න දුමින්දයත් එකයි තොපිත් එකයි.

      Delete
  7. විදුලි බිලෙන් ආන්ඩුවට ගැලවීමක් නැත.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ රනිලා මොන තරන් බුතයෙක්ද කියන්නේ මහින්දයා බොලේ අතට දීලත් මුට එක හරිතැනට දාන්න බෑනේ.

      Delete