Wednesday, April 3, 2013

හහ් හහ් හා හූ හූ හුහ් හූ - බඩ රිදෙනවා ඕයි හිනා වෙලා




"පසුගියදා බොරලැස්ගමුව පැපිලියාන ෆැෂන් බග් රෙදිපිලි ආයතනයට පහරදීම සම්බන්ධයෙන් හිමිවරු තෙනමක් ඇතුලූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත .

මෙම කලහකාරී තත්ත්වය මැඩපැවැත්වීමට පැමිණි සහහාර පොලිස් අධිකාරීවරයකුගේ රාජකාරී වලට බාධා කර එම  පොලිස් නිලධාරියාගේ හිස්වැසුමද විසිකොට කලහකාරී ලෙස හැසිරුණේ යැයි මේ හිමිවරු තෙනම මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට පැමිණ භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගැන ඇත.

මේ අතර අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම පැමිණිල්ල අද යළිත් කැඳවනු ලැබූ අවස්ථාවේ පැමිණිලි පාර්ෂවයේ ඉල්ලීමක් අනුව එය සමථයකට පත්කර ගැනීමට පාර්ශ්ව දෙකම කැමැත්ත පල කර ඇත. ඒ අනුව ස්වාමීන් වහන්සේ ඇතුලු 17 දෙනාම අද අධිකරණය හමුවේදී දැඩි ලෙස අවවාදකර මුදා හැර තිබේ."

(වාර්තා කලේ ලංකා සී නිව්ස්)

සටහන- මීට වඩා වෙනස් ප්‍රථිපලයක් කවුරු හරි බලාපොරොත්තු වුනාද?
හහ් හහ් මං යනවා ඕයි යන්ට තව හිටියොත් හිනා වෙලාහ් හ්හ් හහ් හහ් හා

7 comments:

  1. වෙනස් ප්‍රථිපලයක් - පැශන් බග් එක තමන් විසින්ම කට්ටිය දාල ගල් ගස්සවා ගත්තා

    ReplyDelete
  2. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කාළයේ මේ වගේ තින්දූ දීලා තියෙනවා.. බලන්න ඉතින් මුන් ගල් ගහගෙන ඔළු පලාගෙන ඒක මේ අහිංසක සංවිධානයක් පිට පටවන්න බැලුවනේ.

    ReplyDelete
  3. ඒ දැඩි ලෙස කල අවවාද මොනවද කියා කවුරුන් හෝ දන්නවාද?
    හාමුදුරුවරු පොලීසියට පහර දුන්නු අන්දම නම් හරිම කැතයි.

    ReplyDelete
  4. මීට වඩා වෙනස් ප්‍රථිපලයක් කවුරු හරි බලාපොරොත්තු වුනාද?
    නැත

    ReplyDelete
    Replies
    1. හූ හූ කළාමැඳිරියා ඒකවත් දන්නේ නැද්ද?

      Delete
  5. හහ් හහ් හා හූ හූ හුහ් හූ -මගෙත් බඩ රිදෙනවා ඕයි හිනා වෙලා!
    හහ් හහ් මාත් යනවා ඕයි යන්ට තව හිටියොත් හිනා වෙලාහ් හ්හ් හහ් හහ් හා..............
    +++++++++++++++++++++++

    ReplyDelete
  6. මං නම් බලපොරොත්තු උනේ ඒ හාමුදුරුවොන්ට කියලා අපේ ගෙදර බණක් කියවන්ට.....

    ReplyDelete