Thursday, April 18, 2013

කප්පාදුව හෙලා දකිමු!- Condom the Kappadu



ඇමෙරිකාව ලංකාවට දෙන ආධාර වලින් සියයට විස්සක ප්‍රමාණයක් කපා දැමීමට තීරණය කර ඇතැයි අසා අප මහත් කෝපයටත් විමතියටත් පත් වීමු. මෙය ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාවට එරෙහිව , අධිරාජ්‍යවාදින් ගෙන යනු ලබන කුමන්ත්‍රණකාරි වැඩ පිලිවෙලේම තවත් එක් කොටසකි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කර පරාධීන ජාතියක් බවට පත් කිරීම සඳහා අපට හතුරු බලවේග නොයෙක් ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් සිටී.අපේ දේශප්‍රේමි ආණ්ඩුවට එරෙහිව මෙම සතුරු බලවේග අත් වැල් බැඳ ගෙන පහර දෙති. ඔවුන් කියන්නේ සියයට විස්ස ලබා දීමට නම් අප රටේ මානව හිමිකම් තිබිය යුතු බවයි. මානව හිමිකම් බඳු අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ මෙරට තුලට ගෙන ඒමට ඉඩ දිය යුතු නැත.

ඔවුන් උදේ නැගිට්ට මොහොතේ සිට රෑ නින්දට යන මොහොත දක්වාම ක්‍රියාත්මක වෙන්නේ මේ වෙනුවෙනි.අප ආදරණීය මව්බිම ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගැනීම සඳහාය. සියයට විස්සේ කප්පාදුව තුලින්ද ඔවුන් බලාපොරොත්තු වන්නේ එයයි.

එම නිසා අප මෙම කප්පාදුවට එරෙහිව මුලු වැර යොදා සටන් කළ යුතුය.මෙම කප්පාදුව පරාජය කළයුතුය.ඒ වෙනුවන් උද්ඝෝෂණය කළ යුතුය.අරගල කළ යුතුය.ආර්ථික ඝාතකයන්ගෙන් අප මව්බිම බේරා ගැනීම සඳහා සියලු දේශප්‍රේමින් එක් විය යුතුය.පෙරමුණ ගත යුතුය.අප මව්බිමේ ශුද්ධ අයිතියක් වන විදේශ ආධාර වලින් මෙලෙස සියයට විස්සක් කපා දැමීමට ඇමෙරිකන් අධිරාජ්‍යවාදින්ට අපි කිසි සේත් ඉඩ නොදිය යුතුය.

සියයට විස්සේ කප්පාදුව පරදවමු.මව්බිම දිනවමු.

කේ ඇම්. කසන්න බණ්ඩාර
මහ ලේකම්, දේශ හිතෛෂී ජාතක  ව්‍යාපාරය


සියලු දේශප්‍රේමින්ගෙන් කරනු ලබන විශේෂ ඉල්ලීම

- සියයට විස්සේ කප්පාදුවට එරෙහිව ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපස මහා උද්ඝෝෂණයට ඔබත් එක්වන්න.

- අපේ වීර නායක වීරවංශතුමා කප්පාදුවට එරෙහිව කරන මහා උපවාසයට ඔබත් සහය දෙන්න.

-කප්පාදුව හෙලා දකිමු! හා Condom the kappadu!  යනුවෙන් ලියු බැනර් හා ලෙමන් පෆ් විස්කොතු පෙට්ටි සූදානම් කර තබා ගන්න.


5 comments:


  1. " අපිට ඔය පර සුද්දන්ගේ කුණු සල්ලි එපා " වගේ බෝර්ඩ් එකක්
    දැම්මොත් අවුල්ද ...?

    ReplyDelete
  2. කවුද එකෙක් කියලා තිබ්බා. ඒයාලගෙ ඒවා අපිට ඕන නෑ කියලා. ගොම්මන්පිල නම් පොඩ්ඩක් බය වෙලා තිබුනා. සරම් ගැලවිලාවත්ද මන්දා....

    ReplyDelete
  3. තවත් එක් “නිරුවත හෙලි වීමක්“

    ReplyDelete
  4. Replies
    1. ව්‍යාජ දේශප්‍රේමීන්ගේ

      Delete