Friday, April 5, 2013

71 හා 2013



ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂි සන්ධිස්ථානයක් වන  1971 අප්‍රේල් අරගලයේ මියගියවුන් වෙනුවෙන් 42 වැනි වතාවටත් අද දින සැමරුම් පැවැත්වේ.

ලංකාව තම නින්දගමකැයි සිතා සිටි රදල අර‍ටු වෙව්ලවමින් පීඩනයට එරෙහිව නැගී සිටී නව යොවුන් වියේ පසු වූ තරුණ පිරිසගේ සන්නද්ධ අරගලයෙන් ලාංකීය දේශපාලනය ඔසවා පොලවේ ගැසිණි.

එම සිදුවීමෙන් මෙරට දේශපාලනයට වූයේ යහපතක්ද අයපතක්ද යන්න වසර 42 කට පසුත් තවමත් වාද විවාද පවතී.එම සිදු වීමේ බලපෑම කොතෙක්ද යන්න   එම කැරල්ලට සහභාගි වී , පසු කලෙක එයින් අංශක90 හෝ 180 ක් ම  කැරකැවුනු පුද්ගලයින් පවා ,තමන් 71 කැ‍රැල්ලේ අහවල් විත්තිකරුවා , මම අහවල් පොලිසියට පහර දෙන්නට ගියා ,ආදි වශයෙන් වටනාකම් ලබා ගැනීමට දරණ උත්සාහයෙන්ම පෙනේ. කවුරුන් මොනවා කීවත් එයට ඇති වටිනාකම ලබා දිය යුතුය.

71 අරගලයේ සැබෑ හිමිකරුවන් තමන් යැයි කියමින් ජනතා විමුක්ති පෙරමුණත් , පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයත් අද දෙතැනකට වී රතු කමිස හැඳ සමරු  උත්සවවල කතා පවත්වනු ඇත. රෙජිෆෝර්ම් සමරු පලක වලට මල් තබනු ඇත. අවසානයේ විසිර යනු ඇත.

එහෙත් තමන් 71 සැබෑ උරුමකරුවන් යැයි පෙන්වීමට මේ දෙපිරිසටම මීට වඩා යමක් , මේ මොහොතේ සමාජය විසින් බරපතල ලෙස ඉල්ලා සිටින යමක් කල යුතුව තිබේ.

එනම් ප‍ටු මනස් ඇති ,පසුගාමි,අන්තවාදි කල්ලි විසින් ලාංකීය සමාජයට කිරීමට උත්සාහ දරණ මහා විනාශය වැලක්වීමට පෙරමුණ ගැනීමය.

එක් අතෙකින් ආගම්වාද හා ජාතිවාදය අවුලවමිනුත් අනික් අතින් ඉතාමත් පසුගාමි ඇදැහිලි හා ආගමික මතාන්තර සමාජය තුල ස්ථාපිත කරමිනුත් එම පිරිස් ලංකාව නැවත වතාවක් ක්‍රි.පූ 200 300 යුගයට ගෙන යාමට උත්සාහ කරමින් සිටිති.

71 අරගලයට හා එය තුල දිවි පිදූ අරගලකරුවන්ටත්  මේ මොහොතේ , ජවිපෙ හා පෙසපේ කණ්ඩායම් දෙකටම , පිදිය හැකි හොඳම උපහාරය නම් මේ අන්තවාදයට, මේ ජාතිවාදයට , ආගම්වාදයට  එරෙහිව තම මුළු ශක්තියෙන්  සටන් කිරීමයි.  හැබැයි ඒ එසේ කිරීමට ඔවුන්ට අවශ්‍ය නම්  පමණි.





11 comments:

  1. ඒකගයි සමාජයේ පරිවර්තනීය වෙනසකට සියල්ලන්ගේම ක්‍රියාකාරිත්වය අවශ්‍යයි මේ ඊට කාලයයි .....

    ReplyDelete
  2. ප්ලව, අනම් මනම් නොව මේ මොහොතේ අන්තවාදි ජාතිවාදින් කිරීමට යන මහ විනාශය වැලක්වීමට සියලු දෙනා එක් විය යුතුය. ඒකට හිනා වෙන්න එපා කකා

    ReplyDelete
    Replies
    1. හිනා ගියේ මේ කතාවටයි.

      /*
      71 අරගලයට හා එය තුල දිවි පිදූ අරගලකරුවන්ටත් මේ මොහොතේ , ජවිපෙ හා පෙසපේ කණ්ඩායම් දෙකටම , පිදිය හැකි හොඳම උපහාරය නම් මේ අන්තවාදයට, මේ ජාතිවාදයට , ආගම්වාදයට එරෙහිව තම මුළු ශක්තියෙන් සටන් කිරීමයි. හැබැයි ඒ එසේ කිරීමට ඔවුන්ට අවශ්‍ය නම් පමණි.
      */

      Delete
    2. නැතුව ඉතින්, උන් අකැමති දේවල් කරන්න කිව්වනම් මම ඒකාධිපතියෙක්ය, කියලා කාඩ් ගහන්නේත් කකාලමනේ.

      Delete
  3. අලුත පහළ වූ සිංහල බෞද්ධ වීරයන් විසින් ලංකාවට පෙන්වමින් සි‍‍ටින පාරේ බලාපොරොත්තු විය හැකි දේ මොනවාද?

    වරායේ සිදු වන ක්‍රියාමාර්ග වැනි ‍දේ හරහා අපනයන ආදායම් බිඳවැටීම

    බුදුරුවක් සිරුරේ පච්ච කොටාගෙන සිටි බෞද්ධයකු යයි කියන බ්‍රිතාන්‍ය ජාතිකයකු රටින් පිටුවහල් කිරීම වැනි ක්‍රියා හරහා ලංකාව නිදහසක් නැති රටක් හා වාර්ගික ගැටුම් සිදුවන, ආගමික අන්තවාදය පවතින අවදානම් සහිත රටක් ලෙස ප්‍රචාරය වීමෙන් සංචාරකයන් පැමිණීම අඩුවීමෙන් විදේශ ආදායම් අඩු වීම

    යුද අපරාධ චෝදනා හා ලංකාවේ දෙමළ ජාතිකයන්ට සාධාරණ අන්දමින් නොසැලකීම යන කරුණු මත තමිල්නාඩුවේ උද්ඝෝෂණ ඉහළ යාම නිසා ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට ලංකාව සම්බන්ධයෙන් මැදිහත්වීමක් නොකර සිටීමට බැරි තත්වයක් නිර්මානය වීම

    ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට හේතු වන පරිදි රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් සිදු නොකිරීම නිසා ලංකාවේ ඊලාම් රාජ්‍යයක් බිහිකිරීම සඳහා වූ ජාත්‍යන්තර උද්ඝෝෂණ ශක්තිමත් වීම. මේ වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතුය යන අදහස ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට පැමිණීම

    රජය ගැන ජාත්‍යන්තර පිළිගැනීමක් හා විශ්වාසයක් නැතිවීම නිසා දැනට ලැබෙන විදේශ ආයෝජනද නොලැබී යාම

    ආනයන ඉහළ ගොස් අපනයන බිඳ වැටී වෙළඳ ශේෂය ඉහළ යාම හා ලංකාවේ විදේශ සංචිත ක්ෂය වී යාම දැනටමත් ආරම්භ වී තිබේ. මහ බැංකු සංඛ්‍යා ලේඛන විමසා බලන්න
    පවතින ලෝක තත්වය තුළ දැනටමත්, සයිප්‍රසය, දකුණු කොරියාව වැනි රටවල සිටින ලාංකිකයන්ගේ රැකියාවලට තර්ජන එල්ල වී තීබේ. මැද පෙරදිග රැකියාවලටද තර්ජන ඇති වන තත්වයක් දැන් ලංකාවේ බෞද්ධ අන්තවාදීන් විසින් නිර්මානය කරමින් තිබේ.

    ඉතින් මෙහෙම යනවිට මධ්‍යම පංතික දේශප්‍රේමී මහත්වරුනි, රට වෙනුවෙන් කියා ආණ්ඩුව මෙහෙම දේත් කරනු ඇත.

    යෝජිත විදුලි බිල ඉහළ නැංවීම ක්‍රියාත්මක කිරීම

    ඉන්ධනවලින් තවතවත් ලාභ ලැබීමේ අරමුණින් ඉන්ධන මිළ ඉහළ නැංවීම

    වාහන බදු, සුරාබදු තවත් ඉහළ නැංවීම

    දැනට බදු අය නොකෙරෙන සියලු අංශවලට අලුතින් බදු පැණවීම

    ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළෙන් ගිනි පොලියට ණය ගැනීම නිසා රටේ ණය බර තවත් ඉහළ ගොස් එය ජනතාව මත පතිත වීම

    පාරවල් හැදීම වැනි සංවර්ධන කටයුතු අත්හිටුවන්නට සිදු වීම

    අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සුබසාධන සේවා සඳහා වැය සීමා කිරීම. ඒවායින් ආදායම් ඉපැයීම පිණිස විවිධ ක්‍රම භාවිතා කිරීම. (රෝහල්වලින් බිල්පත් නිකුත් කිරීම දැනටමත් ආරම්භ කර තිබේ)

    බැංකුවල තිබෙන මහජනතාවගේ ඉතුරුම්වලින් මුදල් ආපසු ගැනීම සීමා කිරීම

    රජයේ සේවකයන්ගේ වැටුප් වර්ධක, ආපදා ණය ආදිය අත්හිටුවීම

    ලංගම වැනි සුදු අලින්ට රජය විසින් දෙනු ලබන මුදල් නැවැත්වීම නිසා සේවකයන්ට පඩි ගෙවාගන්නට බිරි වීම

    දිළිඳු සහනාධාර, සමෘද්ධිය වැනි දීමනා නොගෙවීම

    පොහොර සහනාධාරය ඉවත් කිරීම

    මෙම කාරණා සම්පූර්ණ වන විට ආණ්ඩුව බොදු බල සේනා වැනි සිංහල බෞද්ධ ත්‍රස්ත ව්‍යාපාර යොදාගෙන මහජන අසහනය දෙමළ, මුස්ලිම් ජාතීන් පිට පමණක් නොව ක්‍රිස්තියානි වැනි බහුජාතික පදනමක් ඇති ආගමිකයන් පිටද මුදාහරිනු ඇත.

    ප්‍රතිචාරාත්මක දෙමළ, මුස්ලිම් ත්‍රස්ත කණ්ඩායම්ද බිහි වනු ඇත. මහජනතාව මහ මග රෙදි ඉරාගන්නා, ගුටි ඇනගන්නා, මිනී මරා ගන්නා, දේපල ගිනි තබා ගන්නා තත්වයක් නිර්මානය වනු ඇත.

    රටේ පූර්ණ අරාජිකත්වයක් නිර්මානය වනු ඇත.

    නාඳුනන තුවක්කුකරුවෝ, සුදු වෑන් ආදිය යළි පැටව් ගසනු ඇත.

    ඔබේ සාමකාමී ජීවිතය හා දරුවන් ගැන අනාගත බලාපොරොත්තු දෙදරා යනු ඇත.

    වෙනත් රටවලට සංක්‍රමණය වීම තවත් දුෂ්කර වනු ඇත.

    හිතන්න. මේ ජාතිවාදී, ආගම්වාදී වියරුවට කුමන අන්දමකින් හෝ දායක නොවන්න. එයට මේ මොහොතේ සිටම එරෙහි වන්න. රටේ ප්‍රශ්න සාමකාමී අන්දමින් විසඳා ගැනීමට පාලකයන්ට බලකරන්න. අන්තවාදීන්ට, ප්‍රචණ්ඩකාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවට බල කරන්න.

    W3 LANKA

    ReplyDelete
  4. Imagine there,s no countries,
    It isn,t hard to do
    Nothing to kill or die for
    And no religion too
    Imagine all the people
    Living life in peace

    You may say I,m a dreamer
    But I,m not the only one
    I hope some day you,ll join us
    And the world will be as one

    Imagine no possessions
    I wonder if you can
    No need for greed or hunger
    A brotherhood of man
    Imagine all the people
    Sharing all the world

    You may say I,m a dreamer
    But I,m not the only one
    I hope some day you,ll join us
    And the world will live as one

    Imagine there,s no countries,
    It isn,t hard to do
    Nothing to kill or die for
    And no religion too
    Imagine all the people
    Living life in peace

    You, You may say I,m a dreamer
    But I,m not the only one
    I hope some day you,ll join us
    And the world will live as one

    John Winston Lennon-Imagine

    1971 අප්‍රේල් අරගලයේ සහෝදරයිට අපේ උපහාරය!

    ReplyDelete
    Replies
    1. great... this is the song we all need to listen.... no doubt that Beatles are the Angel on the planet.....

      Delete
  5. කාතන්දර සහ කලාමැදිරි
    //71 අරගලයට හා එය තුළ දිවි පිදූ අරගලකරුවන්ටත් මේ මොහොතේ , ජවිපෙ හා පෙසපේ කණ්ඩායම් දෙකටම , පිදිය හැකි හොඳම උපහාරය නම් මේ අන්තවාදයට, මේ ජාතිවාදයට , ආගම්වාදයට එරෙහිව තම මුළු ශක්තියෙන් සටන් කිරීමයි. හැබැයි ඒ එසේ කිරීමට ඔවුන්ට අවශ්‍ය නම් පමණි. //
    මෙකයි,
    කවුරු හෝ 71 හෝ 89/90 කාලවකවානුවකට යන්නේ නම් මා කැමැති නැත. නමුත්, ඒ හැර වෙනත් විකල්පයක් නැතිමනම් එය කළ යුතුය. එහෙත් එහිදී අහිමි වනුයේ රටට වැඩක් නැති ජීවිත පමණක් නොව.

    අනිත් කාරණය 71 වැනි අරගලයක් අවශ්‍ය ජවිපෙට හෝ පෙරටුගාමීන්ට පමණද. අපි ට රටේ වෙනසක් අවශ්‍ය නැතිද? අපිට රටේ ප්‍රශ්න දැනෙන්නේ නැති ද? අපි කාටවත් උපදෙස් දී
    “උබලට ඕනනම් කරපල්ලා, අපි විචාරය කරන්නම්“
    කියලා බලාගෙන සිටීම කළ හැකි ද? කිසියම් හෙයකින් අරගලයක් වැරදුනහොත් වැරැද්ද අරගල කළ අයට පමණක් වන්නේ ය.

    පසුගිය කාල වකවානුවේ සිසු අරගලයේදී එයට සිනාසුණු අය බොහෝමය. එදා රජතුමා ගැන මහත් උජාරුවෙන් කථා කර, සිසු අරගලයට ඉතා උවමනාවෙන් ම බැණ වැදුණු මා දන්නා පියෙක් ද සිටී. නමුත්, ඔහුගේ පුතු ගමේ පාසැලට දමා ගන්න බැරි විය. මන්ද, එම පාසල වසා දැමීය. දැන් නගරයේ පාසැලකට විශාල මුදලක් දොළපිදේනි දී දරුවා යොමු කර ඇත. නමුත්, ඔහු ගැන සිතා අපි සිනාසෙමුද? මෙය ඉහත ලිපියට ඍජු සම්බන්ධයක් නැත.

    ReplyDelete
  6. “උබලට ඕනනම් කරපල්ලා, අපි විචාරය කරන්නම්“

    දැන් පවත්නා ජාතිවාදි ආගම්වාදි ‍රැල්ලට එරෙහිවන්නට යැයි අප ජවිපෙට හා පෙසපෙට කියන විට ඔවුන් පමණක් එය කල යුතු යැයි ඉන් අදහස් නොවේ. අප කියන්නේ ඔවුන් එය තම ප්‍රමුඛ කාරියක් වශයෙන් ගෙන කල යුතු බවයි. මෙය හුදෙක් කාරුණික ඉල්ලීමක් ද පමණයි. .

    ReplyDelete