Tuesday, April 16, 2013

බුරු පිටි හා කැසිනෝ


පහතින් උපුටා දක්වන්නේ  එක ලඟ දින දෙකකදී ශ්‍රී ලංකාවේ පුවත් පත් දෙකක පලවූ ප්‍රවෘත්ති දෙකකි.

තාත්තලා පුතාලා බුරු පිටියෙන් පොලිසියට




අලුත් අවුරුදු සමයේ වලල්ලාවිට හා අවට  ප්‍රදේශවල   මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි කණ්ඩායම් තුනක් අත්අඩංගුවට ගත් බව මිගහතැන්න පොලිසිය කියයි
ලබන මස 24 වැනිදා අධිකරණයට  ඉදිරිපත්වන ලෙස දන්වමින්  පොලිසිය විසින්ඔවුහු පොලිස් ඇප මත මුදා හරිනු ලැබුහ.
තාත්තලා පුතාලා ද මේ පිරිස අතර වෙති
(ලංකාදීප 2013.04.15)


කොළඹට තට්‌ටු 36ක කැසිනෝ මාළිගයක්‌

උදේශ සංජීව ගමගේ




පසුගියදා මෙරටට පැමිණි ඔස්‌ටේ්‍රලියාවේ කැසිනෝ රජු ලෙස ප්‍රකට ඡේම්ස්‌ පැකර් කොළඹ ඩී. ආර්. විඡේවර්ධන මාවතේ මහල් 36 කින් යුත් කැසිනෝ මාළිගයක්‌ ක්‍රවුන් කලම්බෝ  නමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. 

ඩොලර් මිලියන 350 ක ආයෝජනයකින් ඉදි කෙරෙන මේ කැසිනෝ මාලිගය 2016 වර්ෂයේ දී ඉදිකිරීම් නිමවා විවෘත කිරීමට නියමිතය. 

2010 වර්ෂයේ දී කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ (මේ පනත මුලදී හැඳින්වූයේ සූදු විධිවිධාන පනත යනුවෙනි. විරෝධතා හේතුවෙන් එය කැසිනෝ නියාමන පනත ලෙස වෙනස්‌ කෙරිණි.) සූදු හෝ කැසිනෝ ව්‍යාපාර සඳහා ප්‍රදේශ නම් කිරීමේ හැකියාව ඇත්තේ එකී විෂයය භාර අමාත්‍යවරයාටය.

(දිවයින 2013.04.14)\


සටහන1- ආණ්ඩුවට බදු ගෙවන්නේ නම් කුලියට මිනී මැරීම වුවද නීත්‍යානුකූලය.

සටහන 2-පාන් ගෙඩි සොරකම් කරන ජනවර්ජනලා දැන ගත යුත්තේ තවම රජ කරන්නේ පාන් නැත්නම් කේක් කාපල්ලා කියූ මාරි ඇන්ටොනයිට් ලා හා ලුවී ලා බවය.

සටහන 3- ගෙදර කට්ටිය සමග එක් වී ඕමී අතක් 304 අතක් බැලීමටත් ලඟදීම ලයිසන් ගන්න සිදු වෙනු නො අනුමානය.




28 comments:

  1. ගම් වල අවුරුද්දට ගහන බුරු කෙලි ඉවර වෙන්නේ කොහොමද කියලා කලාමැදිරියාට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැනේ .ඔය අස්සේ ඉන්න බුරු ජාවාරම් කාරයො ගැනත් දන්නවා ඇතිනේ . කැසිනො එක්තරා දුරකට හොඳ ආයෝජනයක් (සිංහල බෞද්ධ ට්‍රේඩ් මාර්ක් එක ගහගෙන කැසිනෝ ගේන එකේ අජූව වෙනම කථාවක් ) . විධිමත් සුදු ක්‍රම සාමාන්‍ය මිනිස්සුන්ටත් විවෘතයි (ඒවා කරන අයම ලංකාවේ බෞද්ධ සමිති වල තනතුරු දරන එකත් පොඩ්ඩක් අමතක කරමු ) . සුදුව කොහොමත් නරකයි , නමුත් රටට ආදායමක් ලැබෙන වැඩකට රාජ්‍ය අනුග්‍රහය දැක්වීම සහ මිනි මරාගෙන ඉවර වෙන්න පුලුවන් වන් බුරු පොලකට පොලිසියෙන් පැනීම දෙවිදිහකට විග්‍රහ විය යුතුයි කියලයි මම හිතන්නේ

    ReplyDelete
  2. ඔය ලොකු කැසිනෝ එක හැදුවොත් ඒවට අපි වගේ සිරිපාලලාට යන්න ලැබෙන්නෙනැහැ...අපේ රටට සතපහකින් හරි ආදායමක් ලැබේවි..ලොකු සයිස් බිස්නස් ගමේ බූරුවා ගැහිල්ල වගේ ගමටම වින කරන දෙයක් නොවෙයි...ලෝකෙට වින කරනවා ඇති...ඒත් ඒ තරං ලෝසතුන් එක්ක කරුණාවෙන් අපිට රටක් විදියට ඉස්සරට යන්න අමාරුවෙයි...

    ReplyDelete
  3. බුවා සහ චතුරංග හිතන් ඉන්නේ ඔය කැසිනෝ සල්ලි ලංකාවේ ඉතුරු වෙනවා කියලද?

    ReplyDelete
    Replies
    1. නැහෑ , ඒත් කැසිනෝ වලට ගහන බද්ධ ඉතුරු වෙනවා , කැසිනෝ ගහන්න වෙන රටකින් එකෙක් එනවා නම් උගෙන් ඒ හරහා වක්‍ර ආදායාම් තියනවා .

      Delete
  4. කැසිනෝ එකක් වටා අදායම් මාර්ග කීපයක් විවර වෙනවා. එතන විනයක් තියෙනවා නීතියක් තියෙනවා පාළණයක් තියෙනවා. නියම බූරූ පොලක් ස්වරූපය අපි කවුරුත් දන්නවනේ. අපෙ උන් අරක්කු බොනවා වගේම තමයි.

    ReplyDelete
  5. බූරු පොල්වල් වලින් ‍තෝන් එකතු කරන්ට ආන්ඩුවේ කට්ටිය දාමුකෝ , බුවා. එතකොට ආන්ඩුවට ගානක් එකතු කරගන්ට පුලුවන්නේ.

    ReplyDelete
    Replies
    1. සිරිපාලයි පියදාසයි අතේ 100 ගාණේ තියනවා , සිරිපාල පියදාසට 100ම පරදිනවා . ආන්ඩුව ගන්නවා 10%ක් . ආණ්ඩුවට 20 , පියදාසට 180 . ලංකාව සතු මුලු මුදල 200යි

      පිටරටක එකෙක් 100ක් අරන් කැසිනෝ රජාගේ පොට් එකට ඇවිත් පරදිනවා . ආණ්ඩුව 10%ක් ගන්නවා . ආණ්ඩුවට 20යි . ලංකාව සතු මුලු මුදල = පියදාස සතු මුදල+සිරිපාල සතු මුදල+ 20= 220

      තේරුණාද මන්ද

      Delete
    2. පැකර්ලා එන්නේ පිනට කැසිනෝ කෙලවලා සල්ලි ටික මෙහෙ තියලා යන්ට වෙන්නැති. අපි දෙන්නා නම් දෙක මාරු කරගමුද?

      Delete
    3. නෑ , බුරු කැල්ල ඔහෙට හොඳට මැච් වෙනවා . අර පිටරට එකා ගේන 100න් 80ක්ම පැකර්ට , ඉතිරි 20 අපිට (බද්ද 20% වුනොත් ) . පැකර් අපිට 20ක් දීලා 80 අරන් යන එක ප්‍රශ්නයක්ද ? පැකර් නැතුව අර 20 ගෙන්න්න ගන්න ක්‍රමයක් ඔයා ලඟ තියනවද ?

      Delete
    4. කැසිනෝ වලින් දියුනු වෙච්ච රටක් එහෙම තියෙනවද බුවා ලෝකේ කොහේ හරි.

      මට නම් හිතෙන්නේ බූරු කෑල්ල ඔහෙට තමා හොඳටම ගැලපෙන්නේ කියලා.

      Delete
    5. කැසිනෝ වලින් විතරක් රටක් දියුණු වෙන්නේ නෑ,ලංකාවේ හැටියට හොඳ අදායම් මාර්ගයක් . අහල තියනවද Macau ගැන

      Delete
    6. The large role of gaming and tourism underscores a degree of risk for Macau’s economy. Because the economy is so reliant on tourism and gambling for its well-being, if the flow of tourists slows, it could come as a shock to the small market.

      Delete
    7. //[if] the flow of tourists slows, it could come as a shock to the small market.//

      So what? ,Any kind of business is vulnerable to risks. Same goes with the economy. You can not escape from every risk of ur life could u ?

      Delete
    8. that's why an economy must be diversified. Gambling and tourism is not enpough . Unfortunately our leaders and think in the same manner as Buwa

      Delete
    9. I never said that gambling or tourism alone is enough. Economy must be diversified , and tourism should be an essential part of it.

      Delete
  6. ආරක්ෂාවට පොලීසියෙනුත් දාමු.එතකොට මිනී මරාගන්න එකත් නවතියිනේ.

    ReplyDelete
  7. කැසිනෝ අරවට මේවට නම් මම මුකුත් කියන්නේ නැහැ ..
    ලංකාවේ දැන් ඔය සංස්කෘති අරව මේවා නැහැ කැසිනෝ නිසා
    විනාස වෙන්න තරම් ..ඒ නිසා ඕනේ දෙයක් උනාවේ ...


    බදු ගැන යමක් කියනවා නම්

    i . කැසිනෝ හල

    සිරිපාලගේ රු 100 යි , බණ්ඩාගේ රු 100 යි දෙකම
    කැසිනෝ එකට පැරදුණා කියමු . ඔතනින් බදු 10% , සේවක
    පඩි , අරවා මේවා ඉතුරු වෙලා රු 120 විතරම යන්නේ කැසිනෝ
    ව්‍යාපාර හවුලට ..ඒ ව්‍යාපාර හවුල පිට රට එකක් නම් රු 120 ම
    යන්නේ රටෙන් පිට .. 80 යි ලංකාවේ ඉතුරු ...

    ii ..ගමේ බූරු පොළ
    200ම ලංකාවේ + ඔලු පැලිලි , වලි , කේස් ....

    ReplyDelete
    Replies
    1. සිරිපාලටයි පියදාසටයි කැසිනෝ යන්න බෑ මචන් , පැකර් කැසිනෝ දාන්නේ සිරිපාලලාට නෙවෙයි .

      Delete
    2. එහෙනම් ඉතින් උදාහරණෙ නම් වෙනස් කරමු අපි ..
      සිරිපාල වෙනුවට නාමල් වගේ නමක් දාමු .
      බණ්ඩා වෙනුවට යෝෂිත වගේ නමක් දාමු ..
      ඉවරනේ ..

      Delete
    3. බුවා කියන්නේ මේක දාන්නේ තනිකර සුදු සල්ලි ( විදේශ මුදල් )ඉලක්ක කරගෙන කියලද ..?

      Delete
    4. නම් වෙනස් කලාට ලංකාවේ කැසිනෝ යන්න ශක්‍යතාවය තියන ප්‍රමාණය අනුව ඔවුන් වෙනුවෙන් පමණක් මේ වගේ ආයෝජනයක් නොවෙන බව පැහැදිලියි . දකුණු ආසියාවටම තියන විශාලම කැසිනෝව මේක බවට පත්වුනාම එතන හැදෙන වෙලඳ පොලට සාපේක්ෂව ලංකාවේ කැසිනෝ යන ප්‍රමාණය කොයි තරම් කුඩාද ?

      Delete
    5. \\\\\\\\\\දකුණු ආසියාවටම තියන විශාලම කැසිනෝව මේක බවට පත්වුනාම එතන හැදෙන වෙලඳ පොලට සාපේක්ෂව ලංකාවේ කැසිනෝ යන ප්‍රමාණය කොයි තරම් කුඩාද ?///////

      බුවා කියන්නේ මේක දාන්නේ තනිකර සුදු සල්ලි ( විදේශ මුදල් )
      ඉලක්ක කරගෙන කියලද ..?


      ඔහොම උනාම මොකක්ද මචන් වෙන්නේ ?
      මුළු ලංකාවටම අප්‍රමාණ සම්පතක් කියලද හිතන්නේ බුවා ?
      මචන් මේක නිකන් කොම්පැනියක් විතරයි..එච්චරයි..ඊට වඩා
      මහ දෙයක් වෙන්නේ නැහැ ..බැබලි බැබලි තට්ටු 36 ක බිල්ඩිමක් තියෙයි ..උබල අපි වැඩට යයි ..එච්චරයි..ඊට වඩා මහා ලොකු විප්ලවයක් බලාපොරොත්තු වෙන්න එපා කැසිනෝ එකක් දැම්මයි කියලා ..

      මූලික වැටුප 25,000 ප්‍රමාණයේ ජොබ් 300 විතර හැදෙයි ..එච්චරයි.. ඊට වඩා සේවයක් වෙනවා පිට රටක බැංකුවක් මෙහෙ ආවනම් ..බැංකුවක සේවක පිරිසයි කැසිනෝ එහෙක සේවක පිරිසයි අතර ලොකු වෙනසක් තියෙනවා ...


      වඩා දෙර්ඝ සංවාද වලට යන්න බැහැ බුවා ..තේරුමක් නැහැ ..

      Delete
    6. ඔව් විදේශ මුදල් තමයි පරමාර්ථය , ලංකාවෙ ඔය වගේ විශාල කැසිනො වෙලඳ පොලක් නැති බව පැකර් දන්නවා . කව්ද කියන්නේ විප්ලවයක් වෙනවාය කියලා . කොයි එකත් ව්‍යාපාරයක් තමයි . ඒක කැසිනෝ හරි බැංකු හරි , අයි ටි හරි මොකක් හරි වෙන්න පුලුවන් . බැංකුවක් ආවා නම් හොඳ ඇති , නමුත් ඒකෙන් අදහස් වෙන්න නෑ කැසිනෝ එපා කියලා . බැංකුත් ආපුවාවේ , කැසිනෝත් ආපුවාවේ , රටට වාසියෙක් වෙන ඕනිම ආයෝජනයක් දිරිමත් කලාට වරදක් නෑ

      Delete
    7. how about importing russian Prostitues.Is that OK Buwa?

      Delete
    8. OK. Thank you. I just wanted to know your idea.

      Delete
    9. බැංකුවකුයි, පොළී මුදලාලියි අතර වෙනසක් නෑ. එකම වෙනස පොලියට දෙන එකා පොලියා. බැංකුවේ උන් මහත්තුරු.

      Delete
  8. ඈ බොලව් එතකොට උමලගේ මහ එවුන්ම ඔජදාන සබ්බියත්වය, 2500 පරණ සිස්ටාචාරය ,ඔව්වට මක්කද වෙන්නේ?

    ReplyDelete