Thursday, April 25, 2013

රට ඉවරයි හත්තිලව්වේ



විදුලි බිල රටේ සමාන්‍ය ජනතාවට දරා ගත නොහැකි ගානට වැඩි කරමින් ආණ්ඩුව හිතුවේ තම දේශප්‍රේමි අමුඩයෙන් එයද වසා දැමීමට හැකි වනු ඇති බවයි.

එහෙත් තම ගණන් බැලීම වැරදි බවත් වැඩි කල විදුලි බිල සමග අනපේක්ෂිත විරෝධතා ‍රැල්ලක් මතු විය හැකි බවත් ඔවුන්ට  පෙනී ගොස් තිබේ.විපක්ෂයේ දුර්වලතා නිසා විරෝධතා වල තත්වය කෙසේ වුවත් විදුලි බිලේ වැඩි වීම නිසා ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය නම් එල්ල වෙමින් තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ  ආණ්ඩුව  මතු විය හැකි විරෝධය හා අප්‍රසාදය වෙන අතක හරවනු වස් කුමක් කළ හැකිදැයි සොයන්නට විය. බොදු බල සේනා හරහා ඉස්මතු කිරීමට උත්සාහ කළ මුස්ලිම් විරෝධය තමන්ට පාලනය කල නොහැකි හේතු නිසා හා බො.බ.සේ කාරයින්ගේ නෝර්වේ සබඳතා හෙලි වීම නිසා අලුත් වැඩ සටහනක වහාම නිෂ්පාදනය කර ගත යුතුව තිබිණි.කොන්ත්‍රාත්තුව ලැබුනේ වීරවංශට හා කැපී සිටින චම්පිකටය.

විමල් වීරවංශ, හෙල උරුමය පමණක් නොව සිරස රූපවාහිනිය පමණක් දන්නා ජනසෙත පෙරමුණේ සීලරතන නම් වූ උන්නාන්සේද ඉදිරියට පැමිණ උතුරේ චන්දය නොපැවත්විය යුතු යැයි මේ දිනවල හඬ නගන්නේ ඒ අරමුණ වෙනුවෙනි.  විදුලි බිලෙන් ජනතාව ඉවත් කර තැබීමටය.13 ව්‍යවස්ථා සංශෝදනය අහෝසි කළ යුතු යැයි මර හඬ දෙන්නේ විදුලි බිලට එරෙහිව නැග එන විරෝධය දියාරු කරනු පිණිසය.

" මේ මල හත්තිලව්වේ විපක්ෂයේ ඉන්න උන්නැහෙලා විදුලි බිල වැඩියි කියලා කියනවා . අපි මේ හත්තිලව්වේ තේරුම් ගන්න ඕනෑ මේ වෙලාවේ විදුලි බිලද උතුරේ චන්දයද කියලා. උතුරේ චන්දේ තිබ්බොත් රට ඉවරයි හත්තිලව්වේ." ආදි වශයෙන් කියමින්  වීරවංශ සහ සමාගම ලඟදීම වේදිකා දෙවනත් කරනු ඇත.

එපමණක් නොව ඔහුගේ ගේ පක්ෂය වෙනම මැයි දිනයක් පැවත්වීමට පවා උත්සාහ කරමින් සිටින්නේ " යකෝ ඔය විදුලි බිල මොන කජ්ජක්ද. මේ උතුරේ චන්දේ තමා කජ්ජ" යනුවෙන් කීමටය.

වීරවංශලා මෙලෙස මෙහෙයවීම තුල රාජපක්ෂලා වාසි දෙකක්ම අපේක්ෂා කරයි. එනම් විදුලි බිල ජනයාට අමතක කරවීමට අමතරව, තමන්ට නියත පරාජයක් හිමි උතුරේ චන්දය රටේ ජනතාව විරුද්ධ යැයි කියමින් නොපවත්වා සිටීමය.

එහෙත් තමන් ගෙදර හාම්පුතාගේ ලොකු පුතා ලෙස පෙනී සිටීමට උත්සාහ කලත් වීරවංශ යනු හාම්පුතාට රෙදි නැතිව කඩේ යන හා ඉතිරි සල්ලි මාටියා ගහන කුඩා  මෙහෙකාර කොලුවෙක් පමණක් බව රටේ ජනතාව අවබෝධ කරගනිමින් සිටී. එම නිසා වීරවංශ මහත්තයෝ ඔයාගේ වැඩේ ඉස්සරහට අමාරු වෙයි.








3 comments:

  1. වීරවංශ යනු හාම්පුතාට රෙදි නැතිව කඩේ යන හා ඉතිරි සල්ලි මාටියා ගහන කුඩා මෙහෙකාර කොලුවෙක් පමණක් බව රටේ ජනතාව අවබෝධ කරගනිමින් සිටී.
    ++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. එළ, සුපිරි, පට්ට, මල් හතයි ඈ, නියම පෝස්ට් එකක්, ++++++, එක හුස්මට කියවගෙන ගියා., හිහ්, මාර රසයි බං, :), සුබ වේවා ! රාජ සම්පත් ලැබේවා !, *, බුහහා, පට්ට..., හික්ස්..., හයියෝ සල්ලි, ලොල් ම තමා. එළ ඈ!, එළ කතා....., හි හි හි....., කියෙව්ව ඔන්න....., ෆස්ටය...., මරු ...., ලොල් ...., හක්,,ඒක එල හලෝ, හොක් හොක්...!!, මරු බං..!, එක හුස්මටම කියවගෙන ගියා. මට කට උත්තර නැතුව ගියා, සාහිත්‍යය රස බේරෙනවා., පුග්, :), මම අද එක ද ?, හුරේ.. මම එක, මම එක ද මන්දා...?, ලොවෙත් නෑ, සිරා පෝස්ටුව, මාර රහයි, ජය, :-D :-D, ගති, මට ඇඩෙන්න වගේ, හොදට ලියල තියෙනව, ඔයානම් මාරයි අනේ,

    http://lakafrance.blogspot.ru

    ReplyDelete
  3. රනිල් නැතුව අනිත් ඔක්කෝම එකතු වෙන බවකුයි පෙනෙන්නේ. කොහොමත් ලොක්කා පොඩි සහනයක් දෙනවා. එදාට තමයි ගිනිදේවිගේ සරිය ගැලවෙන්නේ.

    ReplyDelete