Sunday, April 21, 2013

ඔබ මා සමග අතිනත ගන්නා දවස- Obama samaga athinatha ganna dawasa



අපේ පාආන්ඩුව පුදුමාකාර විදියට අදිරාජ්‍ය විරෝදිය. ඇමෙරිකන් විරෝදීය.ඇමෙරිකන් කාරයෝ පෙන්නන්ට බැරිය. පහුගිය ජිනිවා සමුලුව කාලයේ ආන්ඩුවේ ලොක්කන් බක්කන් ඔක්කොම වේදිකා උඩට නැග ඇමෙරිකාව පතුරු ගැහුවෝය. හම ගැහුවෝය.පට්ට ගැහුවෝය.

තව සමහරු , විමල් වීරවංශලා ,ගුනදාස අමරසේකරලා වගේ අය ඔය එක එක යෝජනා ගේන්නේ නැතිව  ෆේස් ‍ටු ෆේස් වරෙව් කියා රූපවාහිනි නාලිකාවලට ගොහින් ඇමෙරිකාවට  කෑගැහුවෝය.හොඳ වෙලාවට ඇමෙරිකාව තිබුනේ ලංකාවට සෑහෙන්න දුරින්ය. නැත්නම් එහෙම මේ කට්ටිය ඇමෙරිකාව හක්කේ තියා සෙම අරිනවාය.

මේකටම සෙට් වෙච්චි දිවයින ,දිනමින වගේ කඩමාලුවල හා , නයිටීඇන්,විරූපවාහිනි ,සුවර්නවාහිනි වල වැඩ කරන  බෝතල් පත්තර  කාරයිනුත් ඇමෙරිකාවට විරුද්දව කොච්චර ඇඹරිල්ලක් ඇඹරුවද කීවොත් දිනමින හා නයිටීඇන් විතරක් බලන සමහරුන්ට ඇමෙරිකාව තියා ඇයන්නක් ඇහුනත් සලිත වෙන ගානට ඇමෙරිකන් විරෝදීන් වුනාය.

රටේ එහෙව් ඇමෙරිකන් විරෝදයක් පතුරන් හිටි ආන්ඩුවේ ලොකු තැන  මෙන්න බොලේ ඇමෙරිකාවේ බෝම්බයක් පුපුරලා තුන්දෙනෙක් මලා විතරයි ඇමෙරිකාවේ  ජනාදිපතිට ශෝක පනිවිඩයක් යවනවා.මාර ශෝකයක් .

කවුරු මැරුනත් ඒ ගැන කනගා‍ටුව පල කරන එක හොඳ වැඩක්. ඇමෙරිකාවට බැන බැන හිටියත් එයාලා කරදරේක වැ‍ටුනාම ශෝක පනිවිඩයක් යවපු එක උතුම් වැඩක්ය, ඒක තමා අපේ සිංහල බෞද්ධ  හැදියාව  කියලා කියන්ට ඕනෑ තරම් කට්ටිය  ඉඳියි.

ඒ වුනාට මට තියෙන ප්‍රශ්නේ තමා හතුරු ඇමෙරිකාවට එහෙම ශෝක පනිවිඩ යැව්වට අපේ රටේ අතිජාත මිත්‍රයෝ වෙන ඉරානේ බෝම්බ පුපුරලා හතලිහක් විතර මැරුනාම මොකද ශෝක නැත්තේ කියලා. සිරියාවේ, ඇෆ්ගනිස්තානේ හැමදාම බෝම්බ පුපුරද්දි එක ශෝක පනිවිඩයක්වත් යවන්න අමතක වුනේ මොකද කියලා. ඊශ්‍රායෙල් කාරයන්ගේ මිසයිල් ප්‍රහාරවලින් පලස්තීන දරුවෝ මැරෙද්දි පලස්තීන මිත්‍ර සංගමේ මුක පූට්‍ටු මොකද කියලා.

ඔය ඔක්කෝටම වඩා බරපතල් ප්‍රශ්නේ තමා තමන්ගේ ගෝල බාලයෝ දාලා හතර අතේ ඇමෙරිකාව පතුරු ගහන ගමන් ඇමෙරිකන් කාරයෝ යාලු කරලා දෙන්න කියලා ඇමෙරිකන් කාරයෙකුටයි, මිනිහාගේ ඩ්‍රයිවර්ටයි කෝටි ගනන් ගෙවන්නේ මොකද කියලා.

දන්න කවුරුත් එහෙම ඉන්නවද?



5 comments:

  1. මං දන්නවා.
    ඔතනින් ඉස්මතුවෙන්නේ භාෂාව කියන සංකල්පයේ වැදගත්කම. ඇමරිකාවට සිංහලෙන් බනින ඒවා තේරෙන්නේ මේ ලිඳේ ඉන්න මැඩියන්ට විතරමයි නේ!
    :-)

    ReplyDelete
  2. මාත් දන්නවා

    අපේ කට්ටියට ඇමෙරිකාවේ පුරවැසිකම තියෙනවානේ

    ReplyDelete
  3. ඇත්තටම අපේ අමාත්‍යාංශ ලේකම්වරු, ඇමතීන් කී දෙනෙකුට ඇමරිකන් පුරවැසිකම තිබෙනවාද? මේ එක් අයකු තම පුරවැසිකම අහෝසි කරලා රටට ආදර්ශයක් දුන්නාද?

    ReplyDelete
  4. උදේට රෑපවාහිනියේ සිවුදෙස බැලුවනං විජය දිසානායක කරන දවසකට, වචන 10කට සැරයක් අනිවාර්යයෙන්ම ඇමරිකානු අධිරාජ්‍යවාදය කියන ටික කියනවාමයි....

    ReplyDelete
    Replies
    1. ඌට ඇමරිකන් කාරයෙක් මොකක් හරි කරලා තියෙනවා මයෙ හිතේ...

      Delete