Tuesday, February 18, 2014

උඹේ කටෙත් යුආන් මගේ කටෙත් යුආන්


පසුගියදා මහත්  ආන්දෝලනයකට තුඩු දුන් මාතලේ සමූහ මිනී වලෙන් පසු දැන් තවත් සමූහ මිනී වලවල් දෙකක් මන්නාරමෙන් හා ත්‍රිකුණාමලෙන් මතු වී තිබේ.

අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන හා පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව විසින් මාතලේ සමූහ මිනී වල ස්ථීර ලෙසම 1987 -89 කාලයට අයත් බව තහවුරු කර තිබියදී  ඒ ගැන වගේ වගක් නැතිව රජය විසින් එහි හමු වූ ඇට සැකිලි කාබන් පරීක්ෂණය සඳහා චීනයට යවන ලදි.

මෙහි ඇති විශේෂත්වය නම් වසර පනහකට අඩු ද්‍රව්‍ය සඳහා කාබන් කාල නිර්ණය පල රහිත බව හොඳින්ම දැන දැනත් මෙලෙස ක්‍රියා කිරීමයි.

අනික් අතට චීනයත් රාජපක්ෂ රෙජිමයත් අතර ඇති ගනුදෙනු දෙස බලන විට රෙජිමයේ බලවතුන් අපහසුතාවට ලක් වන  ප්‍රථිඵලයක්  චීනය විසින් ලබා දෙනු ඇතැයි කිසිසේත් සිතිය නොහැක.

තමන්ගේ එකෙක් බේරාගැනීම සඳහා රාජපක්ෂ රෙජිමය එලෙස ක්‍රියාත්මක වීම අපට අවබෝධ කර ගත හැකිය.තමන්ගේ එවුන් එලෙස බේරාගන්නා බව ජනාධිපතිවරයාම මීට ප්‍රථම පවසා තිබුණි.

එහෙත් අපට ගැටලුවක් වන්නේ තම සාමාජිකයන්, ආධාරකරුවන් හෝ හිතවතුන් සිය ගණනකගේ සිරුරු වැලලී තිබුණු එම  සමූහ මිනී වල  පිලිබඳව ජවිපෙ දැන් දක්වන නිහඬතාවයි.

සොහොන් බිම හමු වූ දිනවල පුවත්පත් සාකච්ඡා ,උද්ඝෝෂණ තබමෛන් ඒ ගැන මහත් හඬක් නැගු ජවිපෙ සිරුරු කොටස් චීනයට් යැවීමට තීරණය කළ පසු යම්තම් කෙඳිරියක් වන් හඬක් නගා ඉන්පසු නිශ්ශබ්ද වූයේ මක් නිසාදැයි හුදී ජනයාට මහත් ගැටලුවක් වී තිබේ.

4 comments:

  1. චීනෙට යවපු සිද්ධීය මං දැනං හිටියේ නෑ ඇත්තටම

    ReplyDelete
  2. චීනය සමජවාදී රටක් කියා තාමත් ජවිපෙ හිතනා ඇති...:D

    ReplyDelete
  3. චීනෙට යැවුවා ?

    ReplyDelete
  4. ඔයාට පිස්සුද කලාමැදිරියා ඔතන තියෙන්නේ සුද්දට විරුද්දව කැරලි ගහපු වීර සිංහලයින්ගේ ඇටකටු. ඔයා බොරුනම් බලන්නකෝ චිනගේ රිපෝර්ට් එක ආපුවාම. අපේ වීරවංස ගොයියා ඔතන ස්මාරකයක් හදල එක ගෝඨා තුමා ට කියල ඔපන් කරන්න දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි. නිකන් දේශ ද්‍රෝහියෙක් වෙන්න එපා හරිය.

    P.S
    ඔයා කවද ඉදන්ද මේකේ අනෝ බ්ලොක් කරන්න හිතන් ඉන්නේ. අපේ මාලන් තුමානම් දැම්ම ඉදන්ම වැඩ.

    ReplyDelete