Showing posts with label රාවණා. Show all posts
Showing posts with label රාවණා. Show all posts

Saturday, March 23, 2013

බෞද්ධ භික්ෂුන්ට පහර දුන් අන්තවාදින් ට දඬුවම් කරනු




පසුගියදා තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකික  භික්ෂුන්ට අන්තවාදින් විසින් පහර දීම නිසා ශ්‍රී ලංකාවේ සමාජය ඇවිලී තිබේ.ඇත්තෙන්ම ඒ පහර දීම අපි හෙලා දැකිය යුතුය. තවත් කෙනෙකුට පහර දීමට කිසිවෙකුට ඉඩ දිය යුතු නැත. විශේෂයෙන්ම ජාතිවාදි අන්තවාදින්ට ඉඩ දිය යුතු නැත.

එම නිසා එම පහර දීම වලට වගකිව යුතු අයට එරෙහිව නීති ප්‍රකාරව දඬුවම් කිරීම ඉන්දියාවේ ආණ්ඩුවේ වගකීමකි.

එම වගකීම නිසියාකරව නොකෙරෙන්නේ නම් ඒ බව පෙන්වා  දී හොඳින් හෝ නරකින් එය කරවා ගැනීමේ වගකීම මෙරට වැසියන්ට භාර වේ.

එම යුතුකම කරට ගත් බී.බී.ඇස්, රාවණා බැටෑලියන්, ආදි බලසේනා මේ වන විට ඉන්දියාවට එරෙහිව කෙලින්ම සටනට බැස තිබේ.

තමිල්නාඩුව සමග සියලු ගනුදෙනු නැවත්වීමට සමහරු යෝජනා කරන අතරේ තව සමහරු කියා තිබෙන්නේ තමිල්නාඩුව  ශ්‍රී ලාංකිකයන්ට කරන හිරිහැර අනුව මින්පසු තමිල්නාඩුවේ සිට පැමිණෙන ද්‍රවිඩයන්ට උපරිම මට්‌ටමෙන් නීති ප්‍රකාර දඬුවම් දෙන බවයි.

මේ ප්‍රවණතාව ඉතා හොඳය. වරදකරුවන්ට පැන යාමට ඉඩ නොදිය යුතුය. එසේ නොකළහොත් අපේ භික්ෂුන්ට ඉදිරියේ දිත් පහර දීමට ඉඩ තිබේ.

මෙවර පහර දීම කලවුන්ට පමණක් නොව මීට කලින්ද ඉන්දියාවේදී මෙවන් සිදු වීම් සිදුව ඇත්දැයි සොයා බැලිය යුතුය. එසේ සිදුව ඇත්නම් එම සිද්ධි වලද වගකිව යුත්තන් නීතියේ ‍රැහැනට හසු කර දිය යුතුය.

දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මමද මේ ගැන පෞද්ගලිකවම සොයා බැලුවෙමි. එසේ සොයද්දි මීට ප්‍රථමයෙන්ද තම්ල්නාඩුවේ මහරගම නම් වූ ස්ථානයෙදීද තමිල්නාඩුවේම කොළඹ නම් වූ ස්ථානයකද මෙවන් පහර දීම කරන අයුරු දැක්වෙන ඡායාරූප දෙකක් හමු විය.


ඉතාමත් හොඳින් එම ඡායාරූප දෙක දෙස බැලූ විට පෙනී ගියේ මෙම පහර දීම් කරන්නේ දෙමල ඩයස්පෝරාවට සම්බන්ද කොටි හිතවාදි කොටස් හා මුස්ලිම් අන්තවාදින් පිරිසක් බවයි.( පහත ඡායාරූප දෙස හොඳින් බලන්න)

එම නිසා මෙම අන්තවාදින්ටද නිසි දඬුවම් දීම ඉන්දියාවේ වගකීමක් බව අප මතක් කර සිටිමු.