Showing posts with label අය වැය 2016. Show all posts
Showing posts with label අය වැය 2016. Show all posts

Wednesday, November 25, 2015

කට්ට කරවල සහ අමු මිරිස්



තමන්ගේ පාණ්ඩුවට ආණ්ඩුවට ඕනෑ තරම් සල්ලි තියනවා යැයි කියන යහපාලන කස්ටියගේ ආණ්ඩුව ඉදිරිපත් කොරන ලද යහපාලන අය වැය නිසා අමුතුම සන්තෑසියක් සිදු වී තිබේ.

එනම් මෙතුවක් කාලෙකට අය වැයෙන් පස්සෙ හුදී ජනතාව කතා කලේ පාන් ගෙඩියේ මිල ගැනය. මේ සැරේ කතා කරන්නේ කාර් මිල ගැනය. පාන් ගැන ,අනික් බඩු මිල ගැන වගේ වගක් නැතිය.අම්මපා පිට රටවල මිනිස්සු හිතනවා ඇති අපි මාර දියුණු ජාතියක් කියලා, කාටද ආඩම්බර.
 .
බඩු මිල ගැන කතා කරන්නේ මොකටද, බඩු මිල අඩු කරා නොව. වෙන එකක් තියා ත්‍රිකුණාමලේ පැත්තේ රුපියල් 700 ට විකුණපු කට්ට කරවල වල මිල අඩු කොරලා දැන් ,පාලන මිල රුපියල් 1100 යි. මාරයි නේද? ඉතින් අපිට තුන් වේලටම කට්ට කරවල කාල ඉන්න ඇහැකි .



උදේට කට්ට කරවල සම්බෝලයක් හදලා කරවල කෑල්ලක් තම්බලා කනවා

දවල්ට කට්ට කරවල මැල්ලුමක්, කට්ට කරවල හොද්දක් එක්ක කට්ට කරවල බැදලා කනවා

රෑට කට්ට කරවල චට්නියක් එක්ක , හීනියට ලියපු අමු කට්ට කරවල සලාදයක් . තව ඕනෑ නම් කට්ට කරවල පුඩිමක් හදා ගත්තැකි.

මතක් කොරන කොටත් කටට කෙල උනනවා. හැබැයි පු‍තෝ ඔය එක බැදුමකට, සලාදෙකට, මැල්ලුමකටවත්  අමු මිරිස් නම් දාන්න හිතන්නවත් එපා. ඒ වගේම තමා පරණ පුරුද්දට කට්ට කරවල කෑල්ලක් හප හප ගල් අරක්කු කාලක් බොන එක ගැනත්. ඒවා ධනපතියන්ගේ ජරා පුරුදු, බොරුනම් අහන්න පැරාගෙන්

සටහන- පොහොර සහනාධාරෙට දෙනවයි කියන රුපියල් 20,000 න් කට්ට කරවල කිලෝ කීයක් ගන්න පුලුවන්ද කියලා සමාන්‍ය දැනීමේ ප්‍රශ්නෙකටත් හොඳයි.


Banned Food
Banned


Monday, November 23, 2015

සමාජවාදි අයවැයක්



යහපාලන ආණ්ඩුවේ මංගල අය වැය සමාජවාදි  එකක් කිරීම ගැන අපේ හෘදයංගම මෙව්වා එක රවි/රනිල්/තුමාලට පිරිනමන අතර ඒ අයවැයේ අපිට නොපෙනෙන සමාජවාදි එව්වා ගැන අපිට කියා දෙන ලියන අජිත් පැරකුම් තුමාටත්  ඊටත් වඩා අපේ මෙව්වා එක සහ රවි තුමා කී පරිදි අපේ ප්‍රමාණය පිරි නමමු.

ඈත්තටම කිව්වොත් අජිත් පැරා තුමාගේ අලුත්ම අලුත් සමාජවාදි න්‍යාය නිසා අපි ඉමහත් අමන්දානන්දයට පත් ව සිටිමු.

රවී තුමාගේ සමාජවාදි අයවැයට පක්සව ලියවුනු මෙව්වා තුනක් අද කියවන්ට ලැබුනු අතර  ඒ තුනේ තිබුණු සමාන කම් දැක්කාම මාරයි කියා හිතුනෙමි.

ඒ ලිපි තුන ලියා තිබුනේ කවදත් රනිල්ට හිතැති මාතලන් , වෙබ් මාධ්‍ය කුණු ගොඩක් සහ වැසිකිලි වලක් බවට පත් කොරපු ඊ නිව්ස් සහ අපේ සමාජවාදි පැරාය. මේ විදියේ තුන්ගොල්ලක් එකට එක් වීමත් මාර යහපාන් වැඩක්ය.

ඊ නිව්ස් ගැන කතා කරනවාට වඩා කටේ ස්කෝල නිල ඇඳුම් වවුචරයක් ඔබා ගැනීම හොඳය. මාතලන් කොහොමත් එදත් මාතලන් අදත් මාතලන්ය.

යහපාලනයේ සැබෑ වෙනස සමාජවාදි ජීවන ක්‍රමයක් හොයමින් සිටි පැරාය. ඒතුමාගේ අද දවසේ කාර්ය භාරය වන්නේ රවි/රනිල්/මෛත්‍රී ආණ්ඩුවේ වැඩ කිඩ වලට සමාජ වාදි න්‍යායක් හොයා දීමත් යහපාලන ආණ්ඩුවට විරුද්ධ වෙන අයව  මහින්ද රාජපක්ෂගේ ගෝලයන් ලෙස බෞතිස්මය ලබා දීමත්ය. ආමෙන්.

මෙන්න සමාජවාදි අය වැයේ මාක්ස් ලෙනින් වාදි අංග කීපයක්

* විශ්‍රාම  වැ‍ටුපට කෙලීම-මේකට විරුද්ධ වෙන්නේ ධනපතියන් මිස අන් කවුරුන්ද?

*පොහොර සහනාධාරයට සොරි කිරීම- ගොවින් යනු සුලු ධනේශ්වරයන් බව කවුරු නම් නොදනිත්ද?

*වවුචර් මගඩියක් ගෙන වුත් පාසැල් නිල ඇඳුමට කෙලවීම-ලඟදීම පාසැල් පොත් වලටත් මේ සන්තෑසිය වනවා සිකුරුය.

* ලොකු වාහන සුඛෝපභෝගි වාහන ගැන වගේ වගක් නැතිව , පොඩි වාහන, ත්‍රී වීල් වලට ටැක්ස් පිට ටැක්ස් ගැසීමෙන් මාර සමාජවාදයක් උදා කර ගන්නට පුලුවන්ය.

*වෑගපිටිය වගේ දුප්පතුන්ගේ ආදායම වැඩි කර ගැනීමට මෝටර් සයිකල් පදින , ත්‍රී වීල්  එලවන කෝටිපතියන්ගෙන් දුම් සහතික ගාස්තුව වැඩි කර දීම ෆීඩෙල් කස්ත්‍රෝට කොරගන්ට බැරි වුන විප්ලවවාදි කිරියාවක්ය.

දැන් ඉතින් අපිට ලක්ෂ විසිපහකින් මිල වැඩි කරපු නිසාන් ලීෆ් එකේ සමාජවාදයට යන්ඩ හැකිය. කාටද ආඩම්බර