ජාතික නිවාස ප්‍රතිපත්තියක් නැති නිවාස ඇමති වීරවංශ ගෙවල් හදන්නේ මෙහෙමය.
ක්‍රීඩිකාවක් තරඟයකින් ජයගත් විට පත්තර කාරයන් හා ටී වී කාරයන් රොත්තක ද සමග දුව ගෙන ගොස් ගෙයක් හදා දෙන්නට පොරොන්දු වෙයි.
ඉන්පසු පොරොන්දු වෙන්නේ පහේ ශිෂ්‍යත්වය පාස් දරුවෙකුට ගෙයක් හදා දෙන බවටය.
ඒක අමතක වෙනකම් ඉන්න කොට උසස් පෙල ප්‍රථිපල නිකුත් වෙන්නේය. ඉතාමත් අඩු පහසු කම් යටතේ උසස්පෙල සමත් වූ දැරියකට ගෙයක් පොරොන්දු වෙන්නට දැන් හැකිය. හදා දෙනවාද නැත්ද දන්නේ උඩ ඉන්න දෙයියන් පමණි.
අලුත්ම පොරොන්දුව ජාත්‍යන්තර සම්මානයක් ගත් නලුවාට ගෙයක් හදා දෙන්නටය.
ඊ ලඟට සාමාන්‍ය පෙල ප්‍රතිපල එන තෙක් බලා සිටීමට හැකිය. ( ඒ අතර මොබයිල් ෆෝන් ද බෙදීම වැනි වැඩ කරයි.)
රටේ ජනතාවගේ නිවාස ප්‍රශ්න හඳුනා ගෙන ඒ සඳහා නිසි ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට තරම් මොලයක් නැති බොරු ශෝක් කාරයින් ඇමති කම් වලට පත් වූ විට වැඩ සිද්ද වෙන්නේ එලෙසය.
