Tuesday, August 19, 2014

වතුර තිබහ නම් බීපියව්.......?



තිබහක් වෙලා මා ගිය කල රජු ලඟට

මැනලා දින 6ක් දුන්නැයි ගිනි අව්වේ  වැඩ

ගන්දෝ නොගන්දෝ කියලා හිතුනි මට

මැනලද රජෝ චන්දේ දුන්නේ උඹට

Saturday, August 16, 2014

උපෙ නාපො වීම



 අධ්‍යාපන පොදු සහතික  පත්‍ර ( උසස් පෙල) විභාගය හෙවත් අපොස
 (උ පෙ) විභාගයෙන් විශ්ව විද්‍යාල වලට සිසුන් බඳවා ගැනීම වසර 2015 සිට නවතා දැමීමට විශ්ව විදායල ප්‍රතිපාදන කොමිසම තීරණය කර තිබේ .  ඒ වෙනුවට සරසවි වලට සිසුන් බඳවා ගැනීම සඳහා අපොස ( නාපො) නමින් අලුත් විභාගයක් පැවත්වෙනු ඇතැයි වාර්තා වේ. 

සම්පූර්ණ වශයෙන් කිවහොත් එම විභාගයේ නම අධ්‍යාපන පොදු සහතික  පත්‍ර ( නාමල් පොර)  නම් වේ. ඒ අනුව මින් පසු සිසුන් පාසල් යාම, ටියුෂන් පංති ගානේ කට්ට කමින් උගැනීම ආදිය  අවශ්‍ය නොවන අතර කළ යුතු වන්නේ නිල් බලකායට බැඳී නාමල් පොරගේ දේශපාලන වැඩ වලට සහයෝගයක් දීම , එනම් පොරගේ පෝස්ටර් ඇලවීම , අනුන්ගේ පෝස්ටර් ගැලවීම, පෙලපාලි යාම පෙලපාලි වලට පහර දීම ආදි දේ පමනි. එම ක්‍රියා වලින් ලබා ගන්නා ලකුණු වල එකතුව මත සිසුන් ඇතුලත් කරන පීඨය හා සරසවිය තීරණය කරනු ඇත. සිසුන් තේරීම සඳහා හිරිඹුරේ නෝනා හා සම්බන්ධීකරණ මහත්තයා යන දෙදෙනා ගෙන් සමන්විත ස්වාධීන කමි‍ටුවක් ද පත් කරනු ඇත. 

මේ පිළිබඳව අදහස් දැක් වූ උසස් අධ්‍යාපන  ඇමති ඇස් බීන් මහතා පවසා සිටියේ මෙය කන්නන්ගර චින්තනය තව දුරටත් ඉදිරියට ගෙන යාමක් බවයි.

සටහන- අපොස ( සාපෙ) විභාගය, අපොස ( රොපෙ) හෝ අපොස (යෝපෙ) වශයෙන් නම් කිරීමට තිබෙන ඉඩ කඩ පිළිබඳව රු.2500. මහා ආර්ථික විද්‍යාඥ බන්ඩුල මහතා සොයා බලමින් සිටින බව මේ අතර වාර්තා වේ.