එහෙත් අඳෝමැයි...
මුන්ගේ ක්‍රියා කලාපය....
ජාතිය සතු සම්පත් තම සුඛ විහරණයට හා ඥාති සංග්‍රහයට යොදා ගනිති.ඉනික්බිති...
කුපාඩි කමේ අන්තයට යමින් තම කුඩා දරුවන් පවා අපයෝජනය කරමින් සිරෙන් එලියට එන්නට මාන බලති.
වර්තමානයේ යහපාලන ආණ්ඩුව හා විමල් වීරවංශ රඟ දක්වන්නා වූ රංගනය තුල ඇති තුච්ච හා පිලිකුල් සහගතම දෙය නම් වීරවංශට හිරෙන් එලියට එන්නට ඔහුගේ දියණිය භාවිතා කරන පිළිකුල් සහගත ආකාරයයි.
මේ කුජීත දේශපාලුවන් ඇයගේ චරිතය ඝාතනය කරති. ඇය මානසික රෝගියෙක් යැයි ද එනිසා වීරවංශට සිරෙන් එලියට එන්නට දිය යුතු යැයිද කියති. කුමන නම් කුපාඩි කමක් ද?
\
මෙරට්‍ටු දරුවන්ගේ කරේ පංචායුදයක් එල්ලන්නේ ඔවුන්ගේ ආරක්ෂාවටය. එහෙත් මේ තක්කඩි දේශපාලුවා මහජන ධනය සොරා කා දඬුවමින් බේරෙන්නට තම දියණියගේ කරේ එල්ලෙයි.
තමන් ජාතියේ පංචායුදය යැයි කියා ගන්නේ මෙබඳු බිය සුල්ලන්ය.
සටහන- වීරවංශ සිද්ධිය දේශපාලන පලි ගැනීමක් යැයි ඔව්හු කියති. එය එසේ නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට අපි නොපැකිලෙමු. එහෙත් මෙම පුද්ගලයා ඇමති කම් කළ අයුරු අපි දනිමු.ඉතා හොඳින් දනිමු. මොහු ජාතික ධනය රිසි සේ ගසා කෑ බවත් දනිමු. නමුත් සමහර සොරුන් රිමාන්ඩ් සිර ගෙදරින් එලියට එන්නේත් වීරවංශ දිගටම සිරේ සිටින්නේත් දේශපාලන හේතු නිසා යැයි ඔව්හු කියති. එසේ නම් කල යුත්තේ සිරේ සිටින සොරුන් එලියට දැමීම නොව , එලියේ සිටින සොරුන් ඇතුලට දැමීම බව ද අපි කියමු.



