බර්ලින් තාප්පය බිඳ වැටී වසර විසි පහකි. බර්ලින් තාප්පයත් සමග බිඳ වැටුනේ සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදි යැයි හැඳින්වූ රාජ්‍ය පද්ධතිය පමණක් නොවේ. එතෙක් පැවති සීතල යුද්ධය හමාර වී ලෝක දේශපාලන බල තුලනයද ඒ සමග බිඳුනි. එයින් වූයේ හොඳක් ද නරකක්ද යන්න මට තවම තේරුම් ගැනීමට නොහැක. එහෙත් එම සිදු වීම මම මහත් කම්පනයකට ලක් කළ එකක් බව නම් මතකය.