මෛත්රී , රාජිතත් අරගෙන පැනපු පැනිල්ලට පැට්රොල් ඩීසල් රුපියල් හතකිනුත් ගෑස් 250 කිනුත් අඩු කොලේ ජහමනයා කෙරේ හදිසියේ පහල වූ අප්රමාණ මානව බක්තිය නිසාමය.
මේ අවස්ථාවේ පොදු ජන හිතාය සුඛාය පිණිස අපි පොඩි යෝජනාවක් ආණ්ඩු පස්සේ ඇමති වරුන්ට හා නියෝජ්ජිය ඇමති වරුන්ට කරන්ට කැමතිය. ඇමති වරු හා නියෝජ්ජිය කට්ටිය විතරක් කිව්වේ ඊට අමතරව සාමාන්නිය මන්ත්රීලා නැතිව ඇතැයි කියන උපකල්පනයෙන්ය.
අපේ යෝජනාව මෙහෙමය,
දවසකට දහ දෙනා ගානේ ඇමතිලා විපස්සෙට පැනිය යුතුය.
එතකොට දවස් පහක් ,හයක් ඇතුලත පෙට්රල් , ඩීසල් හා ගෑස් ජනයාට නොමිලේම ලබා ගන්ට හැකි වෙනවාය.
අඩු ගානේ චන්දේ ඉවර වෙනකම් වත් මේ දෙසැම්බර් නිවාඩු කාලේ හොඳට ගමන් බිමන් ගොහින් , බඩ පිරෙන්න කාලා( දන් සැලුත් තියෙනවා නොව) බඩේ රැල් දිග ඇරගෙන ඉන්න පුලුවන්ය.


