Showing posts with label බස් රථ වර්ජනය. Show all posts
Showing posts with label බස් රථ වර්ජනය. Show all posts

Saturday, December 3, 2016

දඩ හා පාදඩ

රේස් ගිය බස් කරුවෙක් මාර්ගයේ අයිනෙන් ගිය පාපැදිකරුවෙකු යට කිරීමට  මොහොතකට පෙර


වර්ජන වලට එරෙහි වීම මගේ සාමාන්‍ය පිළිවෙත නොවේ. එහෙත් අද කෙරෙන මේ පෞද්ගලික බස් හා ත්‍රීරෝද රථ වර්ජනය ගැන නම් මගේ හිතේ යම් කුකුසක් පවතී.  මක් නිසාද යත්  මොවුන් වර්ජනය කර්රන්නේ අඩු වියදමින් මිනී මැරීමට අයිතිය ඉල්ලමින් නිසාය.

දැන් තිබෙන තත්වය අනුව , ලඟ එන සාමන්‍ය පෙල විභාගයත්    ඉලක්ක කරමින්  බස් කරුවන් ඇරඹී වර්ජනය ආණ්ඩුව දණ ගැසීමෙන් හා බස් කරුවන්ගේ ජයග්‍රහණයෙන් කෙලවර වීමට ඉඩ ඇත.

අනික් අතට ආණ්ඩුවට රිය අනතුරු වැලක්වීමට අවංක උවමනාවක් තිබේද යන්නත් ප්‍රශ්නයකි.හ. වැලේ වැල් නැතිව බඩ පිටට ඇලී ඇති යහපාලන ආණ්ඩුවට අවශ්‍ය හැකිතාක්  දඩ මුදල් හා බදු මුදල්  එකතු කර ගෙන එදාවේල ට්‍රැවල්ස් දුවන්නටය. ඒ මිස  රිය අනතුරු වැලක්වීමට නොවේ.

නොහික්මුණු , නොසංඩාල රියදුරන්ගේ ක්‍රියා නිසා නැතිවන ජීවිත ගැන අවංක කැක්කුමක් ඇත්නම් කළ යුත්තේ දඩ මුදල්; වැඩි කිරීම නොව එවන් මිනී මරන රීයදුරන්ගේ බලපත්‍ර ජීවිත කාලයටම අහෝසි කිරීමය. බස් වල මාර්ග බලපත් අහෝසි කිරීමය.

එසේ නොමැතිව දඩ මුදල් වැඩි කිරීමෙන් සිදුවන්නේ , රවි කරුණානායක විසින් පොලීසියේ පඩි වැඩි කලා යැයි ජනතාව කරන විහිලුව සැබෑ වීම පමණි.

https://www.facebook.com/mhd.nasmi/videos/1228044683914092/