Showing posts with label ලිංගික අසහනය. Show all posts
Showing posts with label ලිංගික අසහනය. Show all posts

Saturday, February 16, 2013

හැට්ටය අස්සෙන් බැලීම



මා කුඩා කල කියවූ කෙටි කතාවක නම වූයේ "ළදරු මහල්ලා"යනුවෙනි. එහි වූයේ ළදරුවෙකු මෙන් හැසීරීමට ප්‍රිය කරන මහල්ලෙකු පිලිබඳ කතාවකි.

පසු ගිය දිනෙක පුවත් පතක වූ වාර්තාවක් දු‍ටු මගේ සිතට නැගුනේ ළදරු මහල්ලන් පමණක් නොව ළදරු තරුණයන් ද සිටින බවයි.

එම වාර්තාවේ වූයේ මහනුවර නගරයේ අවන් හලක ආහර ගනිමින් සිටි වීදෙස් තරුණියකගේ පිටේ බුදු රුවක් පච්ච කොටා තිබෙනවා යැයි තරුණන් පිරිසක් පොලිසියට ඔත්තු දුන් බවකි. තරුණන් පමණක් නොව ශ්‍රී ලංකා පොලීසියද තම ළදරු බව පෙන්වමින් එම තරුණිය ගෙන ගොස් ඇයට රුපියල් දාහක දඩ ගසා තිබේ.

මෙහි ඇති විශේෂත්වය නම් මෙම බුදු රුව පෙනී ඇත්තේ එම තරුණිය ඇඳ සිටි ඇඳුම් අස්සෙන් වීමයි.

කාන්තාවක් ඇඳ සිටින ඇඳුම් අස්සෙන් බලා ඇතුලෙන් පෙනෙන පච්චය බුදු රුවක්ම බව තේරුම් ගැනීම  එසේ මෙසේ වැඩක් නොවේ.

පෙනෙන්නට තිබෙන්නේ  මෙම බෞද්ධාගමේ ආරක්ෂක තරුණ හමුදාව අවන්හලේ සිටි එම විදේශ තරුණියගේ ඇඳුමේ සිදුරු දෙස බලා ගෙන අනිමිස ලෝචන පූජාවක් පවත්වා ඇති බවයි.

තම අසල්වැසියා නිරුවතින් එහෙ මෙහේ ඇවිදිනවා යැයි පොලිසියට පැමිණිලි කළ කාන්තාව ගැන කතාවක්ද මෙහිදී මගේ සිහියට නැගෙන්නේය. පොලීසිය පැමිණ " කෝ කොහෙද මිනිහා හෙලුවෙන් ඇවිදින්නේ" යැයි ඇසූ විට ,කාමරයේ ඉතා ඉහල පිහිටි වා කවුලුවක් ලඟට මේසයක් ඇද, එය මත පු‍ටුවක් තබා , ඊ ට ගොඩ වී වා කව්ලුවෙන් බලන ලෙස පොලිස් නිලධාරින්ට ඇය පැවසූවාය.

විදේශ තරුණියකගේ හැට්ටය අස්සෙන් බලා ඇගේ පිටේ බුදු රුවක් තිබෙනවා යැයි කීමත් ඊට සමාන නොවන්නේද?

තමුසෙලා මොන මගුලකට ඔය ගෑණිගේ හැට්ටේ අස්සේ බැලුවා දැයි අහන්නට එකෙක්වත් නුවර පොලිසියේ සිට නැත. හිටියා නම් මෙවන් මෝඩ කතා අපට අහන්නට සිදු වන්නේ නැත.