Monday, May 16, 2016

උගන්ඩා,වැට් සහ ‍රැග්



මුසවේනි ගේ හොර  මගුලේ බාල් කන්ට 

 උගන්ඩාවේ සැප දීලා හිටපු තුමා නලව ගන්ට

අගමැති මැති ඇමතිලාට සැප වාහන පුද කරන්ට

බැඳුම්කරෙන් හොරාකන්ට මහ බැංකුවේ බෑනාලාට
 
සල්ලි කොහෙන්ද?
 
ගෙවපියවු වැට් බදු , ගෙවපියවු තව බදු
 
බදු බදු බදු
 
හැබැයි තහනම් වචනය බදූ
 
කතා කරපියව් ‍රැග් ගැන
 
අර කෙල්ලගේ කලිසොම ගැන
 
ඕනෑ නම් ජංගිය ගැනත්
 
කතා කර කර , කතා කර කර
 
ගෙවපියවු බදු , කාපියව් අල
 
නියඟලා අල


Thursday, May 5, 2016

උත්තරීතර වැඩ



වැට් බදු වැඩි වීමෙන්  බඩු මිල වැඩිවී, මහින්ද මාමි කිව් විදියට ටෙලිෆෝන් එකෙන් ලව් කරන්නත් බැරිව විරවපට්ටම් ගහගෙන , ඔරේ මන්දම් වී සිටින ශ්‍රී ලාංකික ජනතාවට එම ප්‍රශ්න අමතක කරලනු සඳහා මතු කළ කිරුළපොනද ගාල්ලද   සංවාදය නිමාවීමත් සමග අපේ එම ජනතාවට උත්තරීතර රසාස්වාදයක් ලබා දී බඩුමිල , වැට් බදු,  ප්‍රශ්නයමග හැරීම සඳහා අපේ රටේ උත්තරීතර සභාවේ සිටින උත්තරීතර ආණ්ඩු පක්ෂය  හා උත්තරීතර විපක්ෂය  එකතු වී උත්තරීතර ලෙස එකිනෙකාගේ බෙලි මිරිකා ගනිමින් ,ලේ පනින තෙක් උත්තරීතර ලෙස ගුටි ඇන ගනිමින් රඟ දැක් වූ උත්තරී තර කවට නාඩගම අවසන උත්තරීතර සභාවට එයින් අපහාසයක් වී දැයි සොයා බැලීමට පත් කල උත්තරීතර කමි‍ටුව උත්තරීතර ගුටි බැට කරුවන් දෙදෙනෙකුට උත්තරීතර උපරිම දඬුවමක් නියම කර තිබේ.
හිකිස්

සතියක්  උත්තරීතර සභාව තහනම්

 ඉබ්බා දියට දාන කොට ඇන්නෑවේ කිව්වලු

ඉදින්  මේ සියලු උත්තරීතර  වැඩ වලින් උත්තරීතරම වැඩය ඒ දඬුවම  නොවන්නේද?