Wednesday, July 27, 2016

මුරලි වීරයා සහ ද්‍රෝහියා

දේශමාන්‍ය ඩේව් වට්මෝර්
 
මුත්තයියා මුරලිදරන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ  දඟ පන්දු උපදේශකයෙක් වශයෙන් ක්‍රියා  කිරීම නිසා බොහෝ දෙනෙකුට මල පැන ඇත. ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිති කරුවන් ටෙස්ට් තරඟවලදී 20-20 ස්ටයිල් එකෙන් දවා ගැනීම නිසා මෙම මල පැනීම තව දුරටත් උග්‍ර  වෙමින් ඇත.මේ අනුව මුරලිදරන් පැය කීපයක් ඇතුලත වීරයෙකුගේ සිට ද්‍රෝහියෙකු දක්වා පහත් වී ඇත.

බැරි වෙලාවත් මුරලිගෙන් උපදෙස් ලැබූ පන්දු යවන්නන්ට අත දිග හැර පහර දීමට ශ්‍රි ලංකා පිප්ති කරුවන්ට හැකි වූයේනම් මෙම ප්‍රශ්නය මෙතරම් දුර නොයන්නට ඉඩ තිබුණි.

නමුත් ඛේදයකි, ශ්‍රී ලංකා පිති කරුවෝ දැවී ගියේ මහ හුළඟකට අහු වුනු  කාඩ් බෝඩ් ගෙවල් වගේය. ඉතින් කැන්ගරුවන්  ඌරාගේ මාලු ඌරාගේ පිටේ තියා කැපුවා යැයි සිතා සිංහලයෝ දෙමල මුරලිට එරෙහිව අවි ආයුද ඔසවමින් සිටී.


පහතින් ඇත්තේ මෙම සිද්ධිය ගැන පල වූ ලිපියකට ලැබුණු ප්‍රතිචාරය.

Frank Martin japan
Demallu ohoma thamai !!
Para demallu Australia wa ta kath adina wa!!
 
\
               කන්න දෙන අත හපා කන එක දෙමල අයගේ ගතියකි…. කිසි දිනක ඔවුන් විස්වාස නොකරන්න
දෙමල කෝලාහල කාලයේ පන එපා කියා දුවන විට බේරා ගෙන තිබුනේ මම දන්නා සිංහල පවුලකි
Reply    
 
           
                       Sisira Kankanamage            

          Do NOt trust tamils, coolies who came from India cannot be trusted at all. He has shown the qualities of all Tamils, This is an opportunity to see how Tamils can be bought to do any dirty act, Hello world, open up your eyes!!!! Now you can witness the nature of Tamils by yourself. Even his father is same, Kundasale Tamils were protected by the Sinhalaese people in the area. This is how he return the favor.!!!

වන්නාටය.

දැන් මේ මහත්තුරුන් කියන්නේ මුරලි ඕස්ට්‍රේලියානු  කණ්ඩායම පුහුණු කිරීම වැරදි බවයි. දෙමලුන්ගේ හැටි ඔහොම බවද ඔවුන් අපට කියති.

මුරලිට බැට දෙන අය අතර ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති, තිලංග සුමතිපාල ය. මේ උන්නැහේගේ ක්‍රිකට් කෙරුවාව වගේම ඔට්‍ටු කෙරුවාවද වෙන වෙනම නොව එකට තබා කතා කල යුතුය.

කෙසේ නමුත් මේ ශුද්ධ සිංහල  මහත්තුරුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ . එනම් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කරුවන් වශයෙන් වරින් වර සේවය කළ පහත අයවලුන් සියලු දෙනාම ශ්‍රී ලංකාවේ පුරවැසියන්ද යන්නයි.

1. මඳ කලකට ඉහතදී ශ්‍රී ලංකා වාසි ක්‍රිකට් ලෝලින්ගේ වීරයෙකුව සිටි ඩේව් වට්මෝර්

2. ටොම් මූඩි

3. ට්‍රෙවොර් බේලිස්

4.පෝල් ෆාබ්‍රේස්

5.ග්‍රැහම් ෆෝර්ඩ්

6. ජෙෆ් මාර්ෂ්

7. බෲස් යාර්ඩ්ලි

මේ සියල්ලන් පසෙක තැබුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වල මහ රසිකයා වූ ටෝනි ග්‍රෙග් ගැන තත්වය කුමක්ද?

මොවුන් සියලු දෙනාම විදෙශිකයන්ය. දැන් අප ඉදිරියේ ඇත්තේ අමුතුම උභ‍තෝකෝටිකයකි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට විදෙස් පුහුණු කරුවන්ගේ සේවය ලබා ගැනීම කැපය. හැබැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින්ට පුහුණු කරුවන් වශයෙන් වෙනත් රටවලට සේවය ලබා දිය නොහැක. මාරය.

නමුත් බල්ලන් බිරුවාට තවලම යයි.එම නිසා මෙම ඊනියා දේශප්‍රේමි මහත්තුරුන්ගෙ ප්‍රාර්ථනා ඉ‍ටු වන්නේ නැත.

ශ්‍රී  ලංකාවට විදෙස් පුහුණු කරුවන් මිලට ගැනීමට අයිතියක් ඇත්නම් මුරලිට හෝ වෙන ඕනෑම කෙනෙකුට තමන්ව විදෙස් රටකට විකීණීමටද එම හා සමාන අයිතියක් ඇත. මේ යුගයේ ඇත්ත එයයි.

ඔබට මුදල් තිබේනම් ඕනෑම දෙයක් මිලට ගත හැකිය. ඔබ ලඟ ඇති දේට ඉල්ලුමක් තිබේනම් ඔබට එය විකුණා ගත හැකිය. එතැනින් එහාට ඇති කෙහෙල්මලක් නැත. දේශප්‍රේමය , ජාති ආලය, ආගම් ආලය පමණ්ක් නොව පවුල පවා මෙම යුගයේ හුදු වෙලඳ භාණ්ඩ පමණි.

Wednesday, July 20, 2016

එකම පන්තියේ අපි ගල් ගැසිය යුත්තේ කාටද?‘‘ -A letter from a Jaffna University Tamil Student-

 
ආදරණීය විශ්ව විද්‍යාල සහෝදරවරුනි,
පසුගියදා යාපනය විශ්වවිද්‍යාලයයේ සිදු වූ සිද්ධිය සහ ඊට අදාළ පුවත් සම්බන්ධව ද කිසිදු කතාබහකට මා අකැමතිය . පොලු ගත්තෝය, ගල් ගැසුවෝය, තුවාල සිදුවිය ,පොලීසිය පැමිණියේය , සිංහලය දමිළය කියා ජනතාව කුපිත කර වර්ණනා කරන සියලු මාධ්‍යවලට පිටතින් සිටීමට මම කැමැත්තෙමි.
මේ අවස්ථාව අප සාකච්ඡා කළ යුතු මොහතකි .
එදා විශ්ව විද්‍යාලය පසු කොට එන විට එහි ඉතා විශාල නිහැඩියාවක් තිබිණි. විශ්වවිද්‍යාලයය පොලිසියෙන් වට කර තිබිණි. දහවලේ සිදු වූ සිද්ධියත් මාධ්‍යයෙන් එය විකෘති කිරීමත් අතර මඟදී අසන්නට ලැබූ දේවලුත් මා ආවේගයකට පත් කළේය. නිවසට පැමිණි විගස මුහුණු පොතේ දමන ලද අදහසද මම පසුව අයින් කළෙමි. මා තුළ ද භීතිය හා හැඟීම් වෙලාගත් සේය. ඔබත් එවැනිය . අපගේ හිත්වල කහටක් නොමැති බවට අපගේ හිතට එක් වරක් කියා දෙමු.
දැන්,
මෙතෙක් සිදු වූ ජන ඝට්ටනය (ජන වාර්ගික ගැටුම) , අපගේ හැඟීම් කොතෙක් යටත් කර ඇත්තේද කියා වටහා ගත හැකිය. පසුගියදා විශ්ව විද්‍යාලයයේ සිසුන් අතර සිදු වූ ගැටුමේදී සිසුන් මැදිහත් වුවාට වඩා සමාජ ජාල හරහා වෙනත් අය තීව්‍ර ලෙස මැදිහත් වූහ. විශේෂයෙන්ම රැකවරණයක් ඇති විදෙස් ගත වුවන්ට සහ බලයත් දේශ පාලන හයියත් ඇති අයට අප ආයුධ දරා සටන් කළ යුතුය යන හැඟීම ඇත. සැම ජාතියකම මෙවන් පසුගාමී අදහස් ඇත්තෝ බහුලය.
මෙය විශ්ව විද්‍යාලයයේ ගැටුමකි . පෙර සේම එය තුරුම්පුවක් ලෙස සිංහල සහ දමිළ ජනමාධ්‍ය භාවිතා කරමින් සිටියේය . හොදින් බැලුවහොත් එය පුද්ගලානුරූපීය. පළමුව කුපිත වී අත් එසවුවන්ගේ සහ එයට උත්තරයක් වශයෙන් අත් එසවුවන්ගේ ප්‍රශ්නයකි . එම කොටස් දෙකෙහිම පිරිස් විශ්ව විද්‍යාලය තුළ සැරිසරති .
ඔවුහු එදා එහි ඉබේ පහළ වුවෝ නොවෙති. මෑතක සිට මෙය සීතල යුද්ධයක් ලෙස ගිණි පුපුරු දමමින් තිබුණේය . විහාරයක් සැදිය යුතුයි කියන පෝස්ටර , නන්දි පිළිමය කැඩීම , බංකු කැඩීම් විද්‍යා පීඨයට සමීපතමව හොර රහසේ සහ එළිපිට සිදුවූ සිද්ධි එදා පුපුරු ගැසුවේය. මෙය ක්ෂණිකව සිදු වුවක් නොවේ . බොහෝ උපසිද්ධිහි සමීපතම පිපිරීම්ය.


සාතිශය දමිළ සහ සාතිශය සිංහල සිසුන් පිල් දෙකකට රදවා ගහ ගන්නා ලෙස කීමට ජන මාධ්‍ය සහ සාමාජ ජාල ක්‍රියා කරයි . ඔවුන්ගේ රසාස්වාදයට සහ උනන්දුවට සිසුන් පළි නැත.
සැම ජාතියකටම තමන්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට අයිතිය ඇත. එය මර්දනය මගින් ද, ජාතිවාදය මගින්ද පීඩාවට පත්කරන ලද සමාජයක ජීවත් වන්නන් හට බලෙන් පැටවීම ගැටළුවකි . එහෙත් විශ්ව විද්‍යාලයට පිටින් ගොඩ නැගෙන බුද්ධ ප්‍රතිමා වලට එක ඇඟිල්ලක් හෝ දිගු නොවූයේ ඇයි ද යන්න ගැටළුවකි. මේ තුළ කුමක් හෝ කුමන්ත්‍රණයක් සිදුවන බව නම් පැහැදිලිය.
සැවොම නිදහසේ හා සාමයෙන් සිටිතියි කියා කියන්නවුන්ගෙන් මා අසනුයේ එසේ නම් මා පෙර කියූ පෝස්ටර සිද්ධිය, පිළිම බිඳීම ආදිය සිදුවූයේ කෙසේද යන්නයි. සැබැවින්ම සියලු දෙනාගේ ක්‍රියාවක් නොව දෘෂ්ටිවාදී පසුගාමී අදහස් ඇත්තවුන්ගේ ක්‍රියාය.


යාපනය විශ්ව විද්‍යාලයට පෙර නොවූ ලෙස සිංහල සිසුන් වැඩි වැඩියෙන් ඇතුළු කරන්නේ ජාතිවාදී හැඟීමෙන්ද? පීඨ කිහිපයක හැර සෙසු පීඨවල සිංහල දෙමළ සිසුන් මුහුණට මුහුණ හමුවුණත් සිනහවක් නැතිව යන්නේ ඇයි දැයි කීමට පිළිගත හැකි තාර්කික පිළිතුරක් පාලනාධිකාරියට තිබේද? මේවා සිංහල සිසුන්ගේ වැරදි කියා කිව නොහැකිය. මේවා ජාතිවාදයෙන් නෑවී සිටින පාලකයන්ගේ ක්‍රියා ය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සිට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දක්වා ඊට වග කිව යුතුය.

ජල පවිත්‍රකය මගින් ජලය ලබා ගැනීමේ සිට සිංහල දමිළ සිසුන්ගේ ප්‍රශ්නය දිනෙන් දින තීව්‍ර වීම පරිපාලනය කවදා තේරුම් ගනීද?

පාලකයන් මේවාට උත්තර දීමට ප්‍රමාද වීම තුළ මෙය දරුණු ව්‍යසනයක් දක්වා වර්ධනය විය හැකිය. මෙම දරුණු රෝගය නැවතත් අප විනාශයට ගෙන ගොස් නතර කරනු ඇත .
දෙමළ හා සිංහල සිසුන් අතර මෙන්ම මුස්ලිම් හා දමිළ සිසුන් අතරේ ගැටළු ඇත. ඒවා සාමාන්‍ය ලෙස පසු කර යා හැකිද? මුස්ලිම් සිසුන්ගේ යාඥා කාමරයට ගැසූ කළු තෙල් පැල්ලම් තවමත් මැකී ගොස් නැත.

එකම පීඨයේ එකට සිටින තුන් ජාතියේම සිසුහු පිටස්තරයන්ගේ සිතීමකට හුරු වෙමින් සිටිති. පිටස්තරයන් සම්ප්‍රේෂණය කරන පසුගාමී අදහස් වසරක් පාසා ඔවුන්ගේ යටි සිත්වල පැල පදියම් වෙමින් තිබේ.

නිවාඩු ලබා දීමෙන් සිතේ කහට හෝ සිතේ ඇති ප්‍රතිවිරුද්ධ අදහස් නොහොත් මුවහත් පිහිය නැවතත් කොපුව තුලට දමන්නේය. පාලනාධිකාරිය කවදත් එසේය . කොපුව තුලට දමන ලද පිහිය එළියට ගෙන අප විනාශ කරාවිදෝ කියන ප්‍රශ්නය ඇත.

ගැටුම් සමතය ,ගැටුම් තත්ත්ව වෙනස් කිරීම්, ගැටුම් වෙන්කිරීම් ආදිය විෂය නිර්දේශයට පමණක් සීමා කර ඇත.

අප මින් පසු මර්දනයට එරෙහිව අවි නොඑසව්මට සිත් සාදා ගනිමු .

පාරම්පරිකත්වය , පෞද්ගලිකත්වය සහ අපගේ වාසස්ථාන විනාශ කරන්නෝ සිසුහු නොවෙති. එසේ කරනවුන් පිටුපස ඇත්තේ බලය මෙන්ම ප්‍රාථමික අදහස් සහිත දේශපාලනඥයන් සහ මුදල් කොල්ල කන්නවුන්ය . එය අප තේරුම් ගත යුතුය. සාකච්ඡා තලයෙන් මේවා විසඳා ගැනීමෙන් සිසුන් ඉදිරියේ මෙවන් දැ යළි නොනවතින්නේය .
අපගේ වාසස්ථානය වෙනුවෙන් අප සටන් කළ යුතුය. එහෙත් එය හැගීම් ප්‍රකෝප වීම් යන තලයන්හි සිදු නොවිය යුතුය . සාකච්ඡා තලයෙහි සිදු විය යුත්තකි. ඔබව ප්‍රකෝප කර එම ගිනිදැල් මගින් උණුසුම ලබන්නවුන් හට ඔබේ ප්‍රශ්නයක් කියාගෙන යන විට දේශපාලන වේදිකා සරසමින් කාට හෝ එරෙහිව ගල් ගසන පාර්ශ්වයන් සමග එක්වීමට සිදු වනු ඇත.
අපි සිසුහුය. ඔවුන් මෙන් කුහකයෝ නොවෙමු. අපි එකම පීඩක පරිසරයක එකම පන්තියේ සැරිසරන්නෙමු. ඉගෙන ගන්නෙමු. එදිනෙදා මුහුණට මුහුණට හමු වන්නෙමු.
නැගිට පරස්පරතාවයන් බලන අපි මිනිසුන් ලෙස ඉපදෙන්නෙමු. යළිත් අපි සිනාසීමට පටන්ගමු.

මෙයට,
ආදරණීය
යධාර්තන් .
(ප්‍රදීප් ගුණරත්නම්)
යාපනය විශ්ව විද්‍යාලයය
දෙවැනි වසර ශිෂ්‍ය


උපුටාගැනීම -Sri Lanka Young Journalists' Association

Sunday, July 17, 2016

හූ කියන වල





කෞශිගේ නාට්ටියකට පේරාදෙනි වලේ හූ කියපු එකට කස්ටියටම මල පැනලාය. ඕක මල පනින්න ඕනෑ දෙයක් නෙවේය. කොල්ලෝ ඕනෑ එකටයි එපා එකටයි හැම මගුලටම හූ කියනවාය. ඒකේ බයි ටොයි ජාතික චින්තන , බහු ජාතික කුමන්ත්‍රණ ආදි මොනවත් නැතය.  ඒක වලේ හැටිය.

හැබැයි අපි දන්න කාලේ නම් වලේ හූ කිව්වේ බලන් ඉන්න  බැරි වාතම වාත ෆුල් චාටර් , නාට්ටිවලටය. ඈනුම් ඇරලා ඇරලා දෙපාරක් විතර නින්දත් ගියාට පස්සේ මේ මොන මගුලක්ද මචන් දෙමු හූවක් කියලා හූ කියනවාය.

මට මතක විදියට  චෙරි උයන කියන නාට්ට්ටිය නවත්තලා අකුලන් යන කම්  , 1986 මුල හරියේ, හූ කිව්වාය. ඒක චෙකොව් ගේ කතාවක් උනත් රන්ජිත් ධර්මකීර්ති නාට්ටිය හදලා තිබුනේ  චාටර් විදියටය. ආයි නම් මෙහෙ නාට්ටිය ගේන්නේ නෑ කියා එදා රන්ජිත් මල පැනලා කිව්වේය. පස්සෙ කාලෙක එයා ආපහු ආවද කියා මතක නැතිය.

ඔහොම හූ කියලා එලවගත්ත කෙනෙක් තමා සනත් නන්දසිරි,, එයා ආවා මට මතක හැටියට 1992 විතර  පේරාදෙනියේ සංගීත රාත්‍රියකට , ඒක තිබුනේ වලේ නෙවේ ජිම් එකේ.විස්ස විද්දියාල ක්‍රීඩා සංගමේට ආධාර කරන්න  සංගීතේ පැවත්තුවේ. ඒකට ආවා අමරදේව ලොක්කා , සනත් මල්කාන්ති ජෝඩුව,නිරංජලා , ඇතුලු තව ප්‍රසිද්ධ ගායක ගායිකාවෝ මහ ගොඩක්.

අපි සැට් වෙලාම හිටියේ සනත් නන්දසිරිට හූ කියන්න. මොකද මිනිහා ඒ දවස් වල ප්‍රේමදාසගේ ගම් උදාවේ සිංදු කියන්න යනවා. පට්ට යූ ඇන්,පී කාරයා . අපිට ප්‍රේමදාස පෙන්නන්ඩ බෑනේ.ඒක නිසා අපිට සනත් නන්දසිරිත් පෙන්නන්ඩ බෑ ( ඒ දවස්වල)

මුල්ම සිංදුව අමරදේව මාස්ටර්ගෙන් සරස්වති,, ජිම් එකම මීයට පිම්බා වගේ අහගෙන හිටියා. අංක දෙක අමරදේව , සනත් නන්දසිරි ජෝඩුව කියන  ජගදා නන්දන මහා කාරුණික ... පටන් ගන්න කොට  පොඩි පොඩි සද්ද කීපයක් ආවත් ඒක මැකිලා ගියා ජිම් එක අඳුරේ නිස්සබ්ද්ද තාවේ.ඊට පස්සේ අමරදේව සිංදු කීපයක් කිව්වා නෝ සද්ද , ඉවර උනාම පැලෙන්න අත්පුඩි විසිල්. නැගලා යනවා සාජ්ජේ/

ඔන්න ඊලඟට ආපි සනත් නන්දසිරි .. හුකෑස් කියපි , මිනිහා ස්ටේජ් එකට නගින කොටම   එකයි දෙකයි තුනයි 

හූඌඌඌඌඌඌඌඌඌ  ....

එකම හූවයි , මිනිහා ටිකක් වෙලා බැලුවා නවතියිද කියලා මොන.. බැස්සා ස්ටේජ් එකෙන්.. සංවිධායකයෝ එක්ක ක‍ටුකු‍ටු ගාලා ආයෙත් ආපි , මේ සැරේ මල්කාන්තිත් එක්ක. මොන යුග ගීද? ආයෙත් ජිම් එක දෙදරන්න හූව ආවට වඩා වේගෙන් බැස්සා ගියා ස්ටේජ් එක පිටිපස්සට .. මිනිහා තරහේ වෙව්ලනවා . .

 මයේ හිතේ ඒ කාලෙත් මිනිහා සෞන්දර්ය විශ්ව විද්‍යාලේ ප්‍රොෆෙසර් ද කොහෙද.. එව්වා අපිට වැඩක් නෑ ,, මල්කාන්ති හෝ ගාලා අඬනවා, ඇයි මල්ලිලා අපිට මෙහෙම කලේ කිය කියා.

ඔය අස්සේ වික්ටර් රත්නායකගේ පුතා ජයන්ත ඇවිත් කියනවා මරු වැඩේ  අපේ තාත්තටත් ඔය පාඩම දෙන්න තිබුනා නම් හොඳයි එයත් යනවනේ ගම් උදා ගානේ කියලා. හැබැයි එදා සංගීතෙට වික්ටර් ආවේ නෑ..ඒ නිසා බේරුනා
.
ඔව්වා ඔහොම තමා හූ කියනවා .ඒක පේරාදෙනියේ ජාතික ගීය වගේ. හැබැයි ඉතින් කිස් කරන එකට විරුද්ඩ වෙලා හූ කියපු එකනම් වැරදි. මොකද හවහට හවහට ඔය කවුරුත් ජිම් එක පිටිපස්සෙ, වූස් එකේ  ආර්ට්   තියටරේ පිටිපස්සේ ගල් කනු අතරේ , සයන්ස් බිල්ඩින් පිටිපස්සේ ආදි හැම තැනම කටවල් කනවා ..

ඉතින්  හූ කිව්වේ මොකටද කියලා හිතා ගන්නත් අමාරුයි. සමහර විට අපි තවම හැබෑ සිද්දිය  දන්නේ නැතුව ඇති . ඔය කුණු වලින් ගැහුවය, ගල් ගැහුවය වගේ කතා නම් ටිකක් විශ්වාස කරන්නත් අමාරුයි. හැබැයි එලියේ සමාජේ වගේම ඇතුලෙත් ඉන්නවා සංස්කෘතික උණකාරයෝ, ටිකක්, ඔය සංඝාවාසේ පැත්තෙත් ඇති . ඉන් හුඟ දෙනා අර ජනප්‍රිය යෙදුමෙන් කියනවානම් බයියෝ ,නොවේ නම් බයියන්ගේ අනුගාමිකයෝ. විශේෂයෙන් ඔය රාවණා බලය, බොදු බලය වගේ ඒවා.

 ඕක විස්ස විජ්ජාලේ ඇතුලේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවේ. ඕවා විස්ස විජ්ජාලෙට ආවේත් මේ සමාජෙන්මයි . මොකද ඒකෙම උන් තමා  විස්ස විද්දියාලෙට එන්නෙත්. පොදු සමාජේ මති මතාන්තර, කසල කුණු ඔක්කොම ඇඟේ තවරගෙන , ඒ විෂ බීජත් එක්කයි උන් එන්නේ. සමහරු ඒවායින් ඇතුලේදී  ගැලවෙනවා, සමහරු ඒ  පසුගාමි චින්තනයම ,ඊනියා සිංහල බෞද්ධ,  වික්ටෝරියානු  කුහක මතවාදත් එක්කම  එලියට  යනවා


උන් හිතන්නේ කිස් කරාම සංස්කෘතිය සුන්නත් දූලි වෙනවා කියලා , ඒක මහා අසභ්‍ය දෙයක් ය කියන්නේ . හැබයි මිනිස්සු මරලා පාරවල් ගානේ දානකොට , අතුරුදහන් කොරනකොට , පොඩි උන්ගේ මොල කෑලි මොටාර් වලින් සුනු විසුනු වෙනකොට ඒක සභ්‍යයි. හොඳයි.ඒක කිරිබත් කන්න ඕනෑ වැඩක්.

ඒක නිසා පේරාදෙනියේ විතරක් නෙවේ සමාජයේ ඉන්න ප්‍රගතිශීලි  හා එසේ කියාගන්න සියලු දෙනා එකතු වෙලා මේ ඊනියා සදාචාරවාදි ‍රැල්ල,කඩලා බිඳලා දාන්න ඕනෑ. එහෙම නො උනොත් හෙට තමන්ගේ ගෑනි එක්ක නිදන කාමරේ ඉන්න එකත් මේ අපතයෝ තහන්ම් කරනවා ෂුවර්.

Sunday, July 10, 2016

ආගමික මිථ්‍යාවන්ට එරෙහිව

 
අපාය, දිව්‍ය ලෝක, ලබන ආත්ම, සසර මේ දෙවල් ආගමික පොත්වල තියෙන කථාන්දර ටිකක් විතරයි .

දෙවියෝ, භූතයෝ, අපාය, ලබන ආත්ම කියන ඒවා තියෙන්නේ අවුරුදු දහස් ගණනකට කලින් ලියපු ආගමික පොත්වල විතරයි... මේ කිසිම දෙයක් ඇත්තටම පවතින දේවල් නෙවෙයි...

මේ කථාන්දර වුණත් ඒ ආගමික ශාස්තෘවරුම ලියපුවා නෙවෙයි නේ. අවුරුදු දහස් ගණනක් පවතිද්දී කාලෙන් කාලෙට පුජකයන්ගේ, භික්ෂූන්ගේ වාසියට වෙනස් කරපු, අලුතින් එකතු කරපු කථාන්දර ගොඩක් විතරයි මේ ආගම් කියන්නේ.. ...

 ( ආගමික ශාස්තෘවරුම කිව්වා කියන්න ඒ අයගේ හඩ පට, වීඩියෝ තියෙනවද? ..... ඒ අයම කිව්වත් මේ කථාන්දර ඇත්ත කියලා පිළිගන්න ඕන ද? )


පූජකයන්ට, භික්ෂූන්ට ලබා ගන්න දේවල්වලට මහා පින් කියලා හදුන්වනවා. මේවට රැවටුන ගෝත්‍රිකයන් තමයි හැම ආගමකම ඉන්නේ.
සාදු ! සාදු ! බං බං බෝලේ ! බොලෙ බෝලේ ! කිය කිය පිරිකර අරගෙන පෙරහැරවලින් පන්සලට යනවා.. ( PK )

ඇට කෑලි, දත් කෑලි, කොන්ක්‍රීට් පිළිම, ගස්, දෙවියන් (පොත්වල විතරක් ඇති) ළග වැද වැටෙනවා. ආගමෙන් අන්ධ වුණාම මේ ‘පොත්වල තියෙන කථාන්දර‘ ඇත්ත වෙන්න පුලුවන් ද කියලා හිතන්න කොහොමවත් ම බැහැ.

තමන්ගේ ආගමේ පොතේ තියෙන කථාන්දර හැම ආගමිකයට ම ඇත්ත.
තමන්ගේ ආගමික ගෝත්‍රයට අයත් වැකි හැම ආගමිකයම භක්තියෙන් කියවනවා.

මේ ගථාවල්, පිරිත් ..... හැම දෙයෙක්ම වසර දහස් ගණනක් පැරණි පොත්වල තියෙන නිසා ඔහේ කියවනවා. ලවුඩ්ස් පීකර් දාලා ඉගෙන ගන්න ළමයින්ටත් බාධා කරනවා.

පොත්වල විතරක් තියෙන, අපාය, ප්‍රේතයන්, නිරය, සසර වගේ දේවල් වලට පුදුම භයකින්ම තමයි මේ හැම ආගමිකයෙන්ම ජීවත් වෙන්නේ.
මේ පොත්වල තියෙන විකාර හැම ආගමිකයෙක්ම පුදුම භක්තියකින් කරන්නේ, ඒවා අතහැරීමට හිතන්නත් භය යි.

වසර දහස් ගණනක් පැරණි පොත්වල තියෙන නිසා නොකා නොබී ඉන්නවා, ඒවට නෝම්බි අරවා මේවා කියලා නම් දාගන්නවා.. දෙවියන් ලෝකය මැව්වා කියනවා... ‘අාබස්සර බ්‍රහ්මලෝකයෙන් ජීවය ආවා‘ කියලා තව කට්ටියක් කියනවා... 
   
දෙවියන්ගේ අහවල් එකෙන් මිනිහා මැව්වා කියලා තව ගෝත්‍රිකයන් කට්ටියක් කියනවා..

සාදු ! සාදු !...... බං බං බෝලේ !...... අල්ලා හු අක්බාර්... ආමේන් කිය කිය ආගමික උමතුවෙන් තම තමන්ගේ ගෝත්‍රයේ පොත්වල තියෙන ඒවා හරි කියලා කියන්න මොනවා හරි තර්ක ඉදිරිපත් කරනවා.

මේ පොත්වල තියෙන්නේ අවුරුදු දහස් ගණකට කලින් ලියපු පට්ටපල් බොරු වුණත් තමන් අයත්වන ගෝත්‍රයේ ඒවා ආරක්ෂා කර ගත යුතු යි කියලා කියනවා. තමන්ගේ ගෝත්‍රය වෙනුවෙන් කථා කළ යුතුයි කියලා හිතනවා.

බොරු ගොඩක් ආරක්ෂා කරගන්නේ මොකටද? දෙමාපියන්ගේ හිමි වුණාට, පරම්පරාවෙන් පැවත ආවට අපි මේ බොරු අපේ ඒවා කියලා ආරක්ෂා කර ගන්නේ මොකටද? මේවා නැති වුනාම මොකද?

මේ බොරු නැති වුනාම ලෝකයට වෙන්නේ හොදක් තමයි. අපි මොකටද මේවා රැක ගන්නේ?

මේ මිනිස්සුන්ට ජාතිය, කුලය, ආගම කියන මේ ගෝත්‍රවලින් නිදහස් වෙලා මිනිසෙක් විදියට විතරක් පෙනී ඉන්න වුවමනාවක් ඇත්තෙම නැහැ.

මේ ගෝත්‍ර කිසිවකට අයිති නැති සැබෑ මිනිසෙක් වෙන්න පුලුවන් නම්, මේ ගෝත්‍රවල පොත්වල තියෙන බොරු ආරක්ෂා කරන්න ඕන නෑ.
පන්සල්, පල්ලි කෝවිල් හදනවා වෙනුවට පාසල් හදන්න පුලුවන්.
මිනිසුන් දැනුවත් වෙනවට ආගමිකයන් කැමැති නෑ. ඒ නිසා ම තමයි පූජකයන්, භික්ෂූන් නිතරම විද්‍යාවට බනින්නේ. විද්‍යාව බොරුයි කියන්නේ..


අවුරුදු දහස් ගණනක් පරණ පොත්වල ඇති කථාන්දර විශ්වාස කිරීම, අපාය, දිව්‍ය ලෝක, සසර, මතු ආත්ම වැනි කථාන්දර වලට භයේ ජීවත් වීම; හරියට ම නැති වැස්සකට භයේ කුඩයක් යට හැකීලී සිටීමක් වගේ.
ආගම, ජාතිය අත්හරින්න.... නිදහස්ව ජීවත් වෙන්න.. ජීවිතය විඳින්න..... සංවේදී මිනිසෙක් වෙන්න...

ඉස්සුවේ  https://www.facebook.com/profile.php?id=100005567415521&fref=nf

Sunday, July 3, 2016

දැන් සනීපද?

     
 
 

මෛත්‍රීපාලට චන්දේ දී ඊනියා යහපාලනය හදන්න දඟලපු ටොයියන්ගෙන්  මෙහෙම අහන්නේ තවමත් මහින්ද රාජපක්ෂට කඩේ  යන බයියන්ය. ඒ බඩු මිල ,වැට් හුටප්පර, සයිටම් , මහ බැංකු බැඳුම්කර, තෙවරප්පෙරුමලා ආදි වශයෙන් එකී මෙකී නොකී දහසක් ප්‍රශ්න  නිසා  ජනතාව කැහි ගෑණි දී හො‍ටු ගෑණි ගත්තා වගේ වී සිටින නිසාය.

මිනිස්සු ( සහ ගෑණු) මෛත්‍රීපාලට චන්දේ දී පැතුවේ මහින්ද ආණ්ඩුව කළ දේම කරන  පාණ්ඩුවක් නොව , නිදහස වගේම ආර්ථික වශයෙනුත් සහනයක් ලැබේවි යැයි කියාය.  ඒත් දැන් එය සුන් වූ පැතුමකි. සුන් වූ පැතුම් සුන් වී ගියා දෙන් කියා කවුදෝ ගායිකාවක්  කීවේ මේ නිසාය.

ජනතාව මේ විදියට ඇණගෙන ඉන්න අතරේ ඊ ලඟ කැම්පේන් එක ආවේ පොලිසිය පැත්තෙන්ය. ඒ හීටපු පොලිස්පති වරයා විශ්‍රාම ගත් විට පුරප්පාඩුව පිරවීම ගැනය. කාගෙත් තේරීම වූයේ පුජිත මහතාය. ඒ තුමා පොලිස්පති වූ විට ෆේස් බුකියේ පලවූ සුබපැතුම් ප්‍රමාණය තරම් සුබපැතුම් චීනයේ පොලිස්පතිටවත් කිසිදා නොලැබෙනු ඇත. 

සියලු දෙනා හිතුවේ මින් පසු නම් පොලීසිය මාර වෙයි කියලාය.ආන්ඩු විරෝධී පෙළපාලි යනකොට ඉස්සර වගේ ගහන්නේ නැතිව කිරි පොවයි කියලාය. ( මේ ගැන තරමක ප්‍රශ්නයක්ද මතු වී තිබෙන්නේ මහින්ද  මැති තුමාද  තමාගේ කාලයේ නම් පෙලපාලි ගිය සිසුන්ට කිරි බොන්න දුන් බව පවසා තිබූ හෙයිනි. ඉතින් කිරි යනු මොනවා දැයි අර්ථ නිරූපනයේ ගැටලු මතු වී ඇති බවත් ඇත්තය) . පොලිස්සිය දේශපාලනයෙන් මුදවා ගනියි කියලාය.

ඒ බලාපොරොත්තු එහෙම්ම තියෙද්දී පූජිත මහත්තයායේ ගෝලබාලයොත් කොල්ලන් කෙල්ලන්ගේ ඔලු පැලුවෝය, කඳුලු ගෑස් දුන්නොය, වතුරෙන් නෑව්වෝය. දේශපාලනීකරනයද එහෙම්මය.  ලඟ ලඟ නවනවා වගේ ජනතාව දෙපාරක්ම යහපාලන ඇණගැනිල්ලක් ඇණ ගත්‍තෝය.

දැන් රඟ දැක්වෙන්නේ මේ නාටක මාලාවේ අලුත්ම කොටසය. එනම් මහ බැංකු වන්නමය. මේකේ දුෂ්ඨයා අර්ජුන් මහෙන්ද්‍රන්ය.  ගාමිණි වියන්ගොඩලා, රාජිත කීර්තිලා කියන විදියට අර්ජුන් එලෙව්වාම රට කිරි පැණියෙන් උතුරන නිසා කිරෙන් කා තෙලෙන් අත හෝදා ගත හැකිය.( මම නම් කැමති  තෙලෙන් කා කිරෙන් අත හේදීමටය).

දැන් අලුත් වීරයා පත් කර තිබේ . ඒ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ය .පූජිතට ආ පරිදිම සමාජ ජාලාවල සුභ පැතුම් දෝරේ ගලමින් තිබේ. රටේ ආර්ථිකය ගොඩ ගැනීමට, මහ බැංකුවේ මගඩි නැවත්වීමට , පොඩි ජනයා ගොඩ ගැනීමට ඔහුට ශක්තිය ,ධෛර්ය , පතමින් තිබේ.

තව ටික දවසකින් අලුත් වීරයා වැඩේ දෙන්න පටන් ගනු ඇත. ඒ රනිල් වික්‍රමසිංහගේ , මලික්ගේ ඔබාමලාගේ  , ඇන්ජිලා මර්කර්ලාගේ   හා තවත් ඒ වැනි අයගේ තිර නාටකයකට මිස බුකියේ සුබ පතන්නන්ට අවශ්‍ය ලෙස නොවේය.

වැඩේ වෙන විදිය  හරියටම කිව්වොත්,,,, කාර් ගන්න බලයට ගෙනා රනිල් කාර් තියා අත් කරත්තයක් වත්  ගන්නට බැරි තැනට පත් කලා මෙනි. පොලිසිය පන්සලක් කරා වි යැයි කට්ටිය හිතූ පූජිත ජයසුන්දර කලින් කට්ටියටත් වඩා හොඳින් ඔලු පැලීමේ ක්‍රීඩාව කරගෙන යන පරිදිමය.  අප කවදා ඉගෙන ගනිමුද?

සටහන- මෙන්න ජනතා පැතුම්
1. Well played MS and RW.. Now have an fair inquiry into what happened during Mahendran term and if found guilty the maximum punishment must be given to all those involved.. This is the Yahapalanya we are looking for!!!

2.President passes litmus test with flying colours, Indrajith Coomaraswamy brilliant choice to be Central Bank Governor, efficient and honest

3.feeling happy.


The new Central Bank Governor of Sri Lanka was a former Rugby National captain in 1974 and He captained Sri Lanka when we won the Asiad Championship also he played first class cricket in 1971/72. WOW!!!

4.
යහපාලන ආණ්ඩුව විසින් අල්ලා ගත්  මූල්‍ය වංචා කරුවෙක්