Showing posts with label අරලියගහ දන්සැල. Show all posts
Showing posts with label අරලියගහ දන්සැල. Show all posts

Sunday, June 28, 2015

ඇවිල්ලා ඇවිල්ලා චන්ද කාලෙ ආයේ ඇවිල්ලා

 
ඇවිල්ලා ඇවිල්ලා චන්ද කාලෙ ආයේ ඇවිල්ලා
 වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ හදමු  අපේ මාලිගා
රනිලා  බට ලී පිඹිනවා - අනුර කුමා බෙර ගහනවා
 මෛත්‍රී  ගසයි කයිතාලම මහින්දයා  උඩ පනිනවා
 
 
ඇවිල්ලා ඇවිල්ලා  චන්ද කාලෙ ආයේ  ඇවිල්ලා
 වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ හදමු   අපේ මාලිගා
 බුරියානි,  මාලු පාන් , අරක්කු වල   රස බැලුවා
 නලු නිලියෝ කොමල පපා ගම් බයියෝ කඩේ යවයි
 
 
ඇවිල්ලා ඇවිල්ලා චන්ද කාලෙ ආයේ ඇවිල්ලා
 වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ හදමු  අපේ මාලිගා
  ගල් කාලයි පන්සීයයි මනාප ටික උන්ගේ තමයි
 ලැබූවා වූ මේ චන්දෙත් කිරි ඉතිරෙයි  උන්ට සෙතයි

Tuesday, June 2, 2015

පාදෙණිය, පැණිදෙණිය, පේරාදෙණිය


අපේ කාලේ  පැණිදෙනියේ කම්මලේ ඉගෙනගත්තු පාදෙණිය  හරි ප්‍රසිද්ධ මිනිහා. එය නුවර වටේ පිටේ  කෙල්ලන්ට  ඇඩ්‍රස් එක දූන්නේ පාදෙණිය ,පැණිදෙනිය ,පේරාදෙණිය කියලා.

මට මේ ඇඩ්‍රස් කතාව මතක් මතක් වුනේ මේ දවස් වල තියෙන රජයේ වෛද්‍ය  නිලධාරි සංගමේ නිලවරණේ නිසා.

මේ චන්දෙට එක් පැත්තකින් ඉල්ලන්නේ වාර ගණනාවක්ම සභාපති විදියට හිටි අනුරුද්ධ පාදෙණිය. මිනිහා අර මම මුලින් කිව් පාදෙණියගේ නෑයෙක්ද දන්නේ නැහැ.

ඒත් මිනිහා වැඩ කරන්නේ නම් මහින්ද රාජපක්ෂගේ ලඟම නෑයෙක් වගේ. මහින්දත් වාරදෙකක් මදි වෙලා තුන් වැනි සැරේටත් ඉල්ලලා කෙලවා ගත්තනේ.

පාදෙණිය නොහොත් අපේ පොඩි මහින්දත් ඒ මහින්දට ලඟින්ම ඉඳගෙන උදව් කරා.ඒ දවස් වල අරලිය මන්දිරේමයි හිටියේ.

ඕනේ නම් මිනිහගේ ඇඩ්‍රස් එක ඒ දවස් වල ලියන්න තිබ්බා
" පාදෙණිය, අරලිය ගහ , කොල්ලුපිටිය " කියලා.

ලොකු මහින්ද ජනාධිපති චන්දෙට  සකල රාජ්‍ය බලය යොදා ගෙන මහජන දේපල  හිතු මනාපෙට පාවිච්චි කලේ මැද මූලනෙන් ගෙනාව වගේනේ.

මතකනේ ඒ දවස් වලරාජ මාධ්‍ය ද, සිල් රෙදිද, සමෘද්ධි ද ,බයිසිකල් ද, මෝටර් බයිසිකල් ද, අරලිය දන්සැල් ද ,මතක් වෙනකොටත් ආශාවේ බැහැ.

අපේ පොඩි මහින්ද නොහොත් දොස්තර පාදෙණියත් චන්දේ කරන්නේ ලොකු මහින්ද වගේමයි.

මිනිහා චන්දෙට පාවිච්චි කරන්නේ සංගමේ සම්පත්.  ඇරපු අතක් නෑ අයියා වගේමයි.

චන්දේ සංවිධානය කරන්නේ පාදෙණිය.

තැපල් චන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නේ පාදෙණිය.

ඒවා යවන්නේ කාටද කියලා තීරණය කරන්නේ පාදෙණිය.

ඒවා තැපැල් කරන්නේ පාදෙණිය.

ඒවා ලකුණු කරන්නේත් පාදෙණිය.

ඒවා ගණන් කරන්නේ ත් පාදෙණිය

ප්‍රථිපල දෙන්නෙත් පාදෙණිය.

අඩු ගානේ මිනිහාගේ විරුද්ධවාදින්ට තැපල් චන්ද ලැයිස්තුවවත් දෙන්නේ නැහැ.

කොටින්ම කිව්වොත් මහින්දම තමා.

හැබැයි ඉතින් ඔය විදියටම චන්දේ කොරපු මහින්දත් පැරදුනා.

Saturday, December 6, 2014

මෙන්න තවත් ඡන්ද ප්‍රථිපලයක්

ත‍ටු හැලී නිරුවත් වූ මැකෝ ගිරවා

අරලිය මන්දිරයට බය්යන් හා ගොයියන් දහස් ගණනින් කැඳවා මහජන මුදලින් උන්ට ආප්ප ගිල්වමින් හා ලයිට් කණු වල කටවුට් දහස් ගණන් එල්වමින් ඡන්දය දිනීමට සිතු උතුමාණෝ  වැඩේ කීරීම අමාරු  බවත් තත්වය හිතුවාට වඩා නරක  බවත් අවබෝධ කරගෙන සිටී. 

වැඩේ කෙලවුනොත් වස්තු ඉසුරු බවබෝග සැප සම්පත් සියල්ල හැර දමා දුරි භූත වීමට සිදු  වන බව දැනී රක පුත් වී  සදාචාරෙ බලු බල්ලට ගියාවේ කියා මොනවා හෝ කර චන්දය දිනීමට , නැවත වතාවක් මේ රටේ චන්ද දායකයින් රවටා ගැනීම කල යුතුය.

ඉදින් මේ රටේ ජහමනයා ‍රැවටීම සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නැවත වතාවක් ජනයාට අල්ලසක් දී තිබේ . ඒ පැට්‍රොල් හා ඩීසල් මිල සුපියල් හතකින් පහල දැමීමෙනි. 

දැන් ඡන්දදායකයින් වන අප තීරණය කළ යුත්තේ රුපියල් හතකට අපේ අනාගතය පාවා දෙනවාද නැත්ද යන්නයි.

Tuesday, November 25, 2014

හිහ් හිහ් හිහ් හී රටකට ගිය කලක්

ජනාධිපතිවරණය කැඳවූ දින අරලියගහ මන්දිරයේදී කිරි ගොවීන් හමුවීමට ලැබිම තමාගේ ජයග්‍රහණය ස්ථිර කරන සුබ නිමිත්තක් යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. අරලියගහ මන්දිරයේදී පෙරේදා (20) කිරි ගොවීන් 5000කගේ සහභාගිත්වයෙන් පැවැති කිරි ගොවි සම්මේලනය අමතා ජනාධිපතිවරයා එසේ පැවසීය. 


මෙහිදී වැඩිහිටි කිරි ගොවීන් 11 දෙනකු සඳහා රුපියල් 50000ක් බැගින් මුදල් ප්‍රදානයක් ජනාධිපතිතුමන් අතින් පිරිනැමූ අතර විශ්ව විද්‍යාල වරම් ලැබූ කිරි ගොවීන්ගේ දරුවන්ට රුපියල් 10000 බැගින් මුදල් ප්‍රදානයක්ද ජනාධිපතිතුමන් පිරිනැමීය. 

මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය. අද ඉතාම හොඳ දවසක්. ඒ හොඳ දවසෙයි අප කිරි ගොවීන් හමුවන්නේ. කිරි කියන්නේ අපේ සාම්ප්‍රදායේ, සංස්කෘතියේ ඉතාම වටිනා දෙයක්. සුබ නිමිත්තක්. සුබ කටයුතුවලදී කිරි උතුරවනවා. අවුරුදු 6ක් පවතින ජනාධිපති ධුරයේ වසර 4ක් අවසන් වීමත් සමග තවත් වරක් ජනාධිපතිවරණයකට යාමට අද මම කැඳවීමක් කළා. 

නැවත වාරයක් මැතිවරණයක් කැඳවන්න කියා මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දුන්නා. එය දැනුම් දුන් අද දවසේ මේ කිරි ගොවීන්ගේ පැමිණීම මගේ ජයග්‍රහණය ස්ථිර කිරීමක් ලෙසයි මා සලකන්නේ. එය සුබ ලකුණක්.