අපද කිසි පැකිලීමකින් තොරව පටි තද කරගෙන කුසගින්න ඉවසගෙන,දෙමල ජනයා පාගා දමනතෙක් සිටියේ අපේ ප්‍රශ්න එයින් කෙලවර වේ යැයි සිතාය.
එහෙත් එයින් අපේ කුසගින්න නිමුනේ නැත.
දැන් ඔවුන් අපිට කියමින් සිටින්නේ අපේ සියලු ප්‍රශ්නවලට මුල මුස්ලිම් ජනයා හා ඔවුන්ගේ හලාල් සහතිකය බවයි.
ඉතින් අපි මුස්ලිම් ජනයාට විරුද්ධව අවි අමෝරාගෙන සිටින්නෙමු.හලාල් සහතිකය අහෝසි කලහොත් අපේ සියලු ප්‍රශ්න විසඳෙනු ඇතැයි සිතීමට අපට උගන්වා ඇත.
පෙර පරිදිම ලේ ගංගා මතින් හෝ මුස්ලිමුන් සමග ගනුදෙනු බේරා ගත් පසු ඊ ලඟට අපේ අනිකා වන්නේ කවුරුන්ද?
ක්‍රිස්තියානින් , බර්ගරයන්, උඩරට උන් , පහතරට උන්, ගොවිගමයන්, කරාවේ උන්,මහල්ලන්, තරුණයන්, සමලිංගිකයන් , ......................
අපේ සතුරා ලෙස ඊ ලඟට කවුරුන් තෝරා ගනිත්දැයි කවුරුන් දනිත්ද?
කවුරුන් තෝරා ගත්තත් උන් හා සටන් වදින්නට අපේ දේශප්‍රේමි ජන කැල සූදානම් බවට සැකයක් නැත.
